උඩරට වතු කරයේ වතු කම්කරු කාන්තාවන් අතර නීතී විරෝධි ගබ්සා කිරීම් හා බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම වැඩි වශයෙන් ඉහළ ගොස් ඇතැයි මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනී සිවගුරු සරස්වතී මහත්මිය පවසන්නීය.
උපත් පාලන කටයුතු හෝ ලිංගික අධ්‍යාපනය ගැන ප්‍රාථමික මට්ටමේ හෝ දැනුමක් නොමැතිකම නිසා වතුකරයේ කාන්තාවන් අතර මේ තත්ත්වය උදා වී ඇතැයි ද ස්ත්‍රී දුෂණ හා කාන්තා හිංසන ද වැඩි වී ඇතැයි ඇය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මොකක්ද සංවිධානය කෝ? (නදී)
ගබ්සා ? අර කට්ටියගේ වැඩක් වෙන්ඩ ඇති. කෝ අර කෑ ගහන උදවිය. (ස)
බඩගින්න කිසිවකට කන්දෙන්නේ නැත (නි)
මේ මිනිසුන් ගැන ඇත්තටම කණගාටුයි (නි)
තවත් අත කොටෙක් වෙන්න පුළුවන්.(නදී)
දැන් මේ අයට උපත් පාලන කටයුතු හා ලිංගික අධ්‍යාපනය පිලිබඳ උපදෙස් දීමට එන්ජීඕ කට්ටිය වතුකරයට යයි. එතකොට ඉතින් ප්‍රශ්නය ඉවරයි. (ස)
සරස්වතී නෝනේ, ඕක වතුකරේට විතරක් නෙවෙයි මුළු ලංකාවටම තියෙන ලොකු ප්‍රශ්නයක්. මේකට හුඟාක් වෙලාවට දෙමව්පියොත් වග කියන්න ඕන. දරුවෝ මොනවද කරන්නේ, කාවද ඇසුරු කරන්නේ, යන්නේ කොහෙද? මේවා ගැන හොයල බැලුවොත් මේ තත්ත්වය ටිකක් අඩු කරගන්න පුළුවන් (ස)
හිංසාවට පීඩනයට සුරා කෑමට ජාති ආගම් වර්ණ භේදයක් නැහැ. නොමිනිස් කම රජයන සමාජයක දිළිඳු හා අසරණ ඕනෙම ජන වර්ගයක්, බාල මහලු වෙසෙසකින් තොරව හිංසනයට පත් වෙනවා. එක පැත්තකින් ජාතියට ආර්ථික වශයෙන් ප්‍රාණ නාලිය සපයන මැද පෙරදිගට යන කාන්තාවන් අති අමානුෂික වධ බන්ධන වලට ලක් වෙනවා. ඒ අතර ජාතියේ ප්‍රධානම ආදායම් මාර්ගයට ඍජුව දායක වන තේ නිෂ්පාදන කම්කරුවන්ට ද වහලුන්ට සේ සලකනවා. කෘතගුණ සැළකීමක් ගෑවිලාවත් නැහැ. (ස)
ලංකාවේ දකුණේ හා බස්නාහිර පළාත් වල පාසල් යන වයසේ දාස් ගානක් ගැහැණු ළමයි මෙවැනි දේ බහුලව කරනවා, ගබ්සාව කියන්නේ මිනී මැරීමක්. දිනෙන් දින පාපය රට ගිලගන්නවා (නි)
නුගත්කම නැතිබැරිකම අසරණකම මේ හැමදේටම මේ කාන්තාවන් යටත්වී ඉන්නේ.කව්රු කොහොම මොනවා කිවුවත් මේ දේවල් එක දවසකින් දෙකකින් හදන්න පුළුවන් දේවල් නෙමෙයි.මොන සංවිධාන වලින් ගියත් එතනත් ඉන්නේ තමුන්ගේ වැඩේ කර ගන්න බලන අයමයි (නි)
වතුකරයේ විතරක් නොවේ, මේක මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇත.මේවා කරන්න අධික මුදලක් අය කරගන්නවා. (නි)