මීට දින තුනකට පෙර අතුරුදන් වූ පාසල් සිසුවා සම්බන්ධයෙන් පොලිසිය හරිහැටි ක්‍රියා නොකළේ යැයි කියමින් වතුකම්කරුවෝ පිරිසක් තලවකැලේ නගර මධ්‍යයේ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් අද (6) පෙරවරුවේ සිට උද්ඝෝෂණයක නියැලී සිටිති. මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය. මේ අතර අතුරුදන් වූ බව කියන සිසුවාගේ සිරුර කොත්මලේ ජලාශයේ තිබී හමු වී ඇතැයි පොලිසිය කියයි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන්ව ඕනෑම දෙයකට ඉස්සරහට දාන්නේ දේශපාලකයන්. තලවකැලේ තොන්ඩගේ වගේම දිගම්බරම් ගේ මිනිස්සු ඉන්නවා. පාරවල් වහන එක දැන් පුරුද්දකට ගිහින්. ඕ අයි සි මහත්තයා ටිකක් සැර මදි (නදී)
මේ ගොල්ලන්ගේ ලොක්කට රජ සැප දැන්. (නදී)
පොලිසියට වඩා ඔය එකතුවෙලා ඉන්න රොත්ත පිටින් ලමයව හෙව්වා නම් පණපිටින් හරි හොයාගන්න තිබුන නේද ? මෝඩ රැලක් වගේ පාරවල් මැදටවෙලා ඉන්නේ. හැම දේටම පොලිසියයි රජයයිද පලි. (නදී)
එච්චර හයියක් ආවේ කොහෙන්ද? (නි)
පොලිසිය තමන්ගේ රාජකාරිය නිසිලෙස ඉටු කළා නම් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. තමන්ගේ දරුවෙක් නැතිවුණ වේදනාව දැනෙන්නේ දෙමව්පියන් නෑදෑ හිතවතුන්ටයි. (නි)
තලවාකැලේ, කතාව ඇත්ත. දැන් මේ පැත්තේ පාරවල් අවහිර කර උද්ඝෝෂණ කරන එක පුරුද්දට ගිහින් (නි)
මේගොල්ලන්ට දැන් නොමිලේ කිරි, පාන් පිටි නිවාස ලැබෙනවනේ. ඉදිරියට තව ඔලු ලොකුවේවි. (නදී)