වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති හා වතු හාම්පුතුන්ගේ සංගමය අතර අත්සන් කිරීමට නියමිතව තිබූ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසය පවසයි.
දිනකට රුපියල් දහසක වැටුපක් ඉල්ලා වතුකම්කරුවෝ දින 12ක් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණ පැවැත්වුහ. පසුව වතුහාම්පුතුන්ගේ සංගමය දිනකට රුපියල් 730 බැගින් දින හයක් ලබා දිමටත් අනෙක් දිනවලට නෙළනු ලබන තේ දළු කිලෝවකට රුපියල් 35 බැගින් ලබා දිමටත් යෝජනා කර තිබිණි.
මාස 18ක් හිඟ වැටුප් නොමැතිව එම වැටුප ගෙවීමට මීට පෙර යෝජනා කර තිබුණද දෛනිකව නෙළන තේ දළු කිලෝවකට රුපියල් 35ක් ලබා දෙන බවට වූ පොරොන්දුව වෙනස් කර අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුමට එය රුපියල් 20ක මුදලක් ලෙස අඩුකර ඇති නිසා එම ගිවිසුමට අත්සන් නොකර සිටිමට ලංකා කම්කරු කොංග‍්‍රසය තිරණය කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගැටලුවට වතු සමාගම් වග කිව යුතුයි.විශේෂයෙන්ම මෙම සමාගම් වල ප්‍රධාන කාර්යාලයේ සිටින ඉහල නිලධාරින්.මොවුන් වතු අධිකාරිවරුන්ටත් තම රාජකාරිය කිරීමට හැකි පසුබිම් සාධා දිය යුතුයි.ගොඩක් වතු අධිකාරිවරුන් හා සහාය වතු අධිකාරිවරුන් රැකියාව කරන්නේ පීඩනකාරී තත්වයන් උඩ.සමහරක් අවස්තාවන් වලදී ඔවුන්ට ප්‍රහාර වලට පවා ලක් වී තිබෙනවා. ජීවිත පවා හානි වී තිබෙනවා මෙවැනි ගැටළු උග්‍ර වීම් නිසා.වතු සේවකයින් ගැනත් මීට වැඩිය සිතිය යුතුයි. (අ)
මේ වෘත්තීය සමිති වතු කම්කරුවන්ව රවට්ටන්නේ අද ඊයේ පටන් නොවේ. මේ වතාවේ තමන්ට පොරොන්දු වූ රුපියල් දාහ නොලැබෙනවානම් මින් ඉදිරියට වෘත්තීය සමිති සඳහා මාසික මුදල් ගෙවන්නේ නැහැ කියන මතයේ ඉන්න කම්කරුවන්ට එසේ කරන්න ඉඩ ලැබුනොත් මින් ඉදිරියටවත් ඔව්න්ගේ නම විකුණා වෘත්තීය සමිති වලට මුවා වී තම මඩිය තර කර ගන්නා දේශපාලකයින්ට පාඩමක් ඉගෙන ගන්න ලැබේවි (බ)
අසරණ ජනතාව තමයි හැම පැත්තෙන්ම තැලෙනනේ (අ)
ඉල්ලීම් සාධාරණ වුනත් මේක ව්‍යාපාරයක් අපිට ඕන ගණන් වලට නිමි තේකොල විකුනන්න බැ තේකොල සුද්දෝ ගත්තොත් තම හොද මිලක් ගන්න පුළුවන් එ්ක නිසා මෙම වැටුප් සැකසිය යුත්තේ පවතින තේ මිල පදනම් කර ගෙනය (බ).
සාධාරණ ඉල්ලීමක් ...මහා බැංකු මන්කොල්ලෙට වඩා (බ)
මේ වැඩෙන් වෙන්නේ මේ කර්මාන්තය විනාසම වෙන එක. ඉල්ලන ගණන් දුන්නට පස්සේ කර්මාන්තශාලා වැහෙන එක නවත්තන්න සක්කරයටවත් බැරි වෙයි. අන්තිමට ඔය මිනිස්සු කබලෙන් ලිපට තමයි වැටෙන්නේ (අ)