වත්කම් හෙළි නොකළැයි සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබන 13 වැනි දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඔහුට එරෙහිව නඩුව පවර ඇත්තේ 2011, 2012 සහ 2013 වසරවල සිය වත්කම් හෙළි නොකළ බව පවසමිනි.
අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළැයි ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මැතිසබයේ කී දෙනෙක් ඉන්නවද වත්කම් හෙළිනොකළ සහ හොර මුදල් නෝට්ටු සම්බන්ධව ප්‍රශ්න තිබෙන? ඒ අය ගැන මොකුත් කෙරෙන්නේ නැද්ද? (නි)
දුමින්ද විතරද වත්කම් හෙළිනොකර ඉන්න එකම කෙනා? (නි)
ඒක අමතක වෙන්න ඇති. (ර)
තවත් ජවනිකාවක් බලාගන්න පුළුවන් වෙයි වගේ (නි)
අපි ඉවසීමෙන් බලාඉමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
එතකොට අනෙක් අයත් ආදායම් වර්ර්තා දීලද ව්‍යාපාර කළේ? (නි)
පසුගිය ජනාධිපතිවරණයේදී, පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වත්කම් හරියට හෙළිකළාද? (නි)
වත්කම් හෙළිකරන්න ගියොත් නම් ලොකු ප්‍රශ්නයක් තමයි කාට කාටත් වෙන්නේ. (නි)
මම මේ ලඟදී පත්තරවල දැක්කා දූෂණට විරුද්ධව විප්ලවීය පුවත්පත් කතුවරයෙකුත් එකතුකරගෙන ලොකුවට දෙයක් කළා.මට සිහිවුනා මෙතනෙ හිටිය දුර ගම්බද ප්‍රදේශවලින් මන්ත්‍රීවරු වශයෙන් පත්වුන අයගෙ මුල්කාලයේ ආර්ථික තත්වය.මෝටර් සයිකලයක් ගන්න බැරිව හිටපු අයට පුලුවන්ද ඒ කාලයේ පාර්ලිමේන්තු පඩියෙන් කොළඹ ගෙවල් ගන්න .හොයල බලන්න එහෙම නැති කීදෙනෙක් ඔතන හිටියද කියල. තමන් රටට ආදර්ශවෙලා ඕව කරනවනම් මිනිසුන් හිනාවෙන්නෙ නෑ නේද ලොකු මත්තවරුනි.බොරුව නේද මේ කරන්නේ. (බ)
අපිට හිතාගන්න පුළුවන් සිද්ධවෙන්නේ මොකක්ද කියලා (නි)
ලංකාවේ වෙසෙන කෝටිපතියන්ගෙන් මොහු විතරද වත්කම් හෙළිකර නැත්තේ? (නි)
උපරිම දඬුවම මොකක්ද කියලා අපිට නම් හිතාගන්න පුළුවන් (නි)
සරත් සමඟ මමත් එකඟයි (නි)
අනේ මන්දා රටට දැනෙන වැඩක් කරන්නේ කවදාද කියලා (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)