
(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය සේවකයන් බාර දෙන වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඔවුන්ගෙන් යැපෙන බිරින්දෑවරුන් දරුවන් අැතුලු සියලු පුද්ගලයන්ගේ (වයස නොසලකා) වත්කම් පිළිබඳ විස්තරද ඇතුළත් කරන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දී ඇත.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව අනිවාර්යයෙන්ම එසේ කටයුතු කළ යුතු බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
දේශපාලඥයන් ඇතුළු ඇතැම් ප්‍රබල පුද්ගලයන් සිය වත්කම් බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ නමින් තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම නව ක්‍රියාමාර්ගය මගින් එවැනි කටයුතු වැලකෙනු ඇතැයි ආරංචි මාර්ග කීය.
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලුම රාජ්‍ය නිලධාරීන් සෑම වසරකම මාර්තු මස 31 වැනිදාට ඇති සියලු දේපළ පිළිබඳ විස්තර අැතුළත් වත්කම් බැරකම් ප්‍රකාශය තම ආයතන ප්‍රධානියාට මෙම මස 30 වැනිදාට පෙර භාරදිය යුතුවේ.
මේ අතර මීට කලින් පැවති නව වැනි පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ද වසර දෙකක් යනතුරු වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පතේ විධිවිධාන අනුව එසේ කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තේරෙන්නේ නැත්තේ, මේ නිලධාරීන්ගේ දැනුම ගැන. හොරට එකතු කරන දේපල, බිරිඳ, දරුවන් නමින් ගන්න එක දැන් අවුරුදු 50 - 60 පරණ ක්‍රමයක්. සාමාන්‍ය ජනතාව මේ තරම් දැනුවත් නම්, මේ නිලධාරීන් මේ තරම් නොදැනුවත්ද? ඇත්තටම කලකිරෙනවා , රාජ්‍ය සේවකයින් හා නිලධාරීන් ගැන. මුලින්ම මේ අයව පරීක්ෂා කරන්න. අකාර්යක්ෂම හා දූෂිත අයව පන්නා දමන්න Meaning for understanding:
පුරවැසියන්ගෙ වගකීම තමයි මේව දන්න දන්න විදියට අදාළ තැන්වලට දැන්වීම. රටත් ,පුරවැසියන් බහුතරයක් දුප්පත්වීමට හේතුව මේක තමයි. තවදුරටත් මොවුන් රකින්න එපා, සාධාරණයට ඉඩ දෙමු. ඉදිරියට වත් මෙසේ නොවන්නට.
ඒ විතරක් නොවෙයි ගෙදර වැඩට ඉන්න සේවක සේවිකාවන්, රියදුරුන් හා පුද්ගලික කාර්යමණ්ඩලයේ සමාජිකයන්ගේ වත්කම්ද හොයා බලන්න ඕනා, එක්තරා ඇමතිවරයෙක් එල්.ටි.ටි. සංවිධානය මගින් ගාතනය කල පසු ඔහුගේ නීති විරෝධී වත්කම් සියල්ලේ හිමි කරුවා උනේ ඔහුගේ ව්‍යපාරය වල ගිණුම් තබන්නා බව ප්‍රකට රහසක් විය. ඔහු අද කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකී.
බිරින්දෑ නොවන බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ වත්කමුත් ඇතුලත්කරන්න ඕනද?
දැන් හැමෝම ඩුබායිවලට සල්ලි අරන් යනවා. අල්ලයි මගේ වලිගය.