වත්කම් බැරකම් ප්‍රකාශ නොකළැයි හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ලබන ජනවාරි 5 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (1) නියෝග කළාය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව සම්බන්ධයෙන් මීට පෙර විභාගවූ නඩුවකට වැරදිකරු වූ දුමින්ද සිල්වා මරණ දඬුවම නියමව සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම දීලා තියෙනවා නම් ඇයි ඒක පමා කරන්නේ? (නි)
මොන මරණ දඬුවම්ද? එයා ජොලියේ හිරගෙදෙර ඉස්පිරිතාලයට වෙලා ඇති. කවුරු මොනවා කිව්වත් ඔහු තව මාසෙකින් දෙකකින් නිදහස ලබනවා. අපි දන්නෙ නැති ලංකාවේ නීතිය (නි)
මරණ දඬුවමක් තියෙද්දී තවත් මොකටද උසාවිය කැඳවන්නේ. (නි)
මොවුන්ට මොන වත්කමක්ද?සේරම වත්කම් අපේ රටේ ජනතාව නොමඟට යවා හම්බ කරගත් දේවල්. (නි)
ජනාධිපති බලතල අඩුකලා කිව්වට වැරදි කරුවන්ට ජනාධිපති සමාව දීල නිදහස් කර ගැනීමට තියෙන බලය අයින් වුනේ නැහැ කියලයි මම හිතන්නේ . ඉතින් මරණ දඬුවම ලැබිල හිටියත් ජනාධිපති උන්නැහේගේ පිලට එකතු වුනොත් සමාව ලැබෙන්න ඉඩ තියෙනවා මේ දවස්වල සිද්ධ වෙන දේවල් හැටියට නම් . (අ)
දැන් හැමතින්නම හිර වෙලා වගේ.(හේ)
මහින්ද මහත්තයා නැවත බලයට අවහම මෙයා නිදහස්. දැන් එයාගේ කස්ටිය හැම තැනම එහෙම කියනවාලු...අනේ ඉක්මනටම මරණ දණ්ඩනය මෙයාට දීලා දාන්න. (අ)