වතිකානු ජාතිකයෝ   මෙවර කර්නවාලි උත්සවය අති උත්කර්ෂවත් අයුරින් සැමරූහ.

මෙම සම්ප්‍රදායික උත්සවය සැමරීම සඳහා වතිකානුවට පැමිණි ලක්ෂයකට  අධික  ජනතාව  ඉතා අලංකාරවත් ලෙස ඔවුන්ගේ  ඉපැරණි   සම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම් ඇඳ පැළඳ  වීථී සංචාරය කළහ.

මෙහි ප්‍රධාන උත්සවය පසුගිය සතියේ  වැනීසියේ සැමරීමත් සමග ඉතාලියේ ප්‍රධාන නගර කිහිපයකම කර්නවාලි උත්සව සමය ඇරඹින.

බොහෝ පිරිස් ග්‍රීක් ඉතිහාසයේ විවිධ චරිත  නිරූපනය කරමින්ද,  කෝලම් නැටුම් නටමින්ද විනෝද වුහ.

සීත කාලය අවසන් වීමත් සමගම  ඉතාලි වැසියෝ  ඔවුන්ගේ  ගොවිතැන් කටයුතු ඇරඹීමට පෙර කර්ණමාලි සමරන බව පැවසේ.