
(රංජිත් රාජපක්ෂ)
ජාත්‍යන්තර තේ දිනය යෙදී ඇති (21) දින කම්කරු අයිතිවාසිකම් ඉල්ලා වතු කම්කරුවෝ පිරිසක් නුවරඑලිය මහ නගර සභා පුරහල ඉදිරිපිට උද්ගෝෂණයක නිරත වූහ.
මහනුවර ප්‍රදේශයේ ක්‍රියාකාරි රාජ්‍ය නොවන සංවිධානයක් සිවිලි ක්‍රියාකාරකයින් සහ වතු වෘත්තීය සමිති කිහිපයක් එක්ව මෙම උද්ගෝෂණය සංවිධානය කර තිබුණි.
මෙම උද්ගෝෂණයේදි අදහස් දැක්වූ සංවිධායකයන් කියා සිටියේ රටේ ආර්ථීකයට වතු ප්‍රජාවගෙන් විශාල දායකත්වයක් ලැබුණද එම ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් ලබා දීමට මෙතෙක් කිසිවකුත් කටයුතු කර නොමැති බවයි.
දැනට ඔවුන් වෙත ලබා දී ඇති අයිතිවාසිකම් දිනෙන් දින කප්පාදුකරමින් සිටින බවත්, වතුකම්කරුවන්ට මූලික වැටුප රු.1700/= දක්වා ඉහළ දැමිය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබ පොහොට්ටු හවුල තොන්ඩමන් දිගම්බරන් වගේ කල්ලි එකතුකරගෙන වත් වතුකරයෙන් දෙතුන් දාහක් හොයා ගන්න බැරි තරම් අසරණ වෙලා තියෙන්නේ, වතු සේවකයින් දැන් දන්වා ඔවුන්ගේ අවස්ථාවාදී හා රැවටිලිකාර ක්‍රියාකලාපය ගැන. තව වසරක් දෙකක් යන විට මොවුන්ට වතු සේවකයින් දහ පහළොස් දෙනෙක් එකතු කර ගන්නත් ලොකු ගේමක් දෙන්න වෙනවා.
UNP, නිදහස් පක්ෂයේ තියෙන කාලේ වතුකරයේ ඔහොම පෙලපාලි ගියාම මැරුවා... හැබැයි දැන් ඒ අය උඩ දානවා මේ අය.