දැනට ඉන්දියාවට ගොස් සිටින ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආරුමුගම් තොණ්ඩමන් යළි දිවයිනට පැමිණි වහාම වතු සේවක වැටුප රුපියල් 730 දක්වා වැඩිකරන බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළේය.
සිය මවගේ හදිසි අසනීප තත්ත්වයකට ප‍්‍රතිකාර ගැනීම සඳහා තොණ්ඩමන් මහතා මේ වන විට ඉන්දියාවට ගොස් ඇතැයි කී ඇමැතිවරයා ඔහු පැමිණි පසු ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපතිවරයා රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර සමග හාම්පුතුන්ගේ සංගමයේ දී සාමූහික ගිවිසුමට අසස්සන් තබනු ඇතැයි ද කීවේය.
වැටුප් වැඩිවීමට වෘත්තිය සමිති එකඟ වූ බව වතු කම්කරුවන් ට දැන්වූ නමුත් ඇතැම් වතු කම්කරුවන් පිරිසක් වර්ජනයේ හෝ උද්ඝෝෂණයේ යෙදෙන්නේ එම ආරංචිය මෙතෙක් එම පිරිසට ලැබී නැතිවීමෙන් විය හැකි බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බෙහෙත් හොඳ නැද්ද? ලංකාවට ගැළපෙන සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නැතිකමද? හැමෝම ඇයි යන්නේ පිටරට බෙහෙත් ගන්න. ලංකාවේ රෝහල් වල තමන්ගේ රෝග තත්ව සටහන් කරන්න අකමැතිද? (නි)