
ශාන්ත චන්ද්‍රසිරි
තලවකැලේ, ලිඳුල, රහන්වත්ත වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (25) රාත්‍රීයේ හටගත් ගිනි ගැනීමකින් වතු නිවාස 10 ක් හානියට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
විදුලි කාන්දුවීමකින් මෙම ගිනි ගැනීම හට ගන්නට ඇතැයි සැක පල කරන බවත්, මේ හේතුවෙන් එහි පදිංචිව සිටි පුද්ගලයන් 56 කු පමණ අවතැන්ව ඇතැයි වතු නිලධාරීහු කියති.
වතු කම්කරුවන්ගේ නිවාසවල පැවති බඩුභාහිරාදිය සියල්ල විනාශයට පත්ව ඇති අතර, අවතැන් වු පිරිස දැනට තාවකාලිකව එම වතුයායේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ නවතා සිටිති.
වතු කම්කරුවන් හා ලිඳුල පොලීසියේ නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට දැඩි වෙහෙසක් ගෙන කටයුතු කිරීම හේතුවෙන් අනෙකුත් නිවාසවලට ගින්න පැතිරීයාම වැළැකී ගිය බව වතු නිලධාරීහු සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd