IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වතු නිවාස 10 ගින්නෙන් අළු වේ

ශාන්ත චන්ද්‍රසිරි

තලවකැලේ, ලිඳුල, රහන්වත්ත වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (25) රාත්‍රීයේ හටගත් ගිනි ගැනීමකින් වතු නිවාස 10 ක් හානියට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

විදුලි කාන්දුවීමකින් මෙම ගිනි ගැනීම හට ගන්නට ඇතැයි සැක පල කරන බවත්, මේ හේතුවෙන් එහි පදිංචිව සිටි පුද්ගලයන් 56 කු පමණ අවතැන්ව ඇතැයි වතු නිලධාරීහු කියති.

වතු කම්කරුවන්ගේ නිවාසවල පැවති බඩුභාහිරාදිය සියල්ල විනාශයට පත්ව ඇති අතර, අවතැන් වු පිරිස දැනට තාවකාලිකව එම වතුයායේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ නවතා සිටිති.

වතු කම්කරුවන් හා ලිඳුල පොලීසියේ නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට දැඩි වෙහෙසක් ගෙන කටයුතු කිරීම හේතුවෙන් අනෙකුත් නිවාසවලට ගින්න පැතිරීයාම වැළැකී ගිය බව වතු නිලධාරීහු සඳහන් කරති.

 



අදහස් (0)

වතු නිවාස 10 ගින්නෙන් අළු වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 444 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site