වතු කම්කරුන්ගේ උද්ඝෝෂණයට සහයෝගය දක්වමින් ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ මඩකලපුවේ උද්ඝෝෂණ පැවැත්විණි.
‘ඔවුන්ගේ ඉල්ලිම රුපියල් දාහ වහා ලබා දෙනු‘ ,‘ඔවුන්ගේ සාධාරණ උද්ඝෝෂණයට අපගේ සහයෝගය‘ වැනි පුවරු ඔවුහු ඔසවාගෙන සිටියහ.
ලංකාවේ කම්කරුවන්ගේ අයිතිය උදුරා ගැනිමට විරෝධය පාමින් ඇති කරන ලද ඊරෝස් ප්‍රජාතන්ත්‍රික පෙරමුණ අඛණ්ඩව වතුකර ජනතාව වෙනුවෙන් හඬ නගති.
මෙහිදි වතුකර ජනතාවන්ගේ වැටුප් ගැන කියමින් දිවයින පුරා වතු ජනතාවන් නොයක් උද්ඝෝෂණ පවත්වති.
ඊරෝස් ප්‍රජාතන්ත්‍රික පෙරමුණේ සභාපති ගුණසිලන් සෞන්ද්‍රරාජන් පැවසූයේ වතුකරයට මෙවැනි සහායක් ලැබුණේ ඉතිහාසයේ පළමුවරට බවයි.
වතුකර ජනතාවන්ගේ ඉල්ලිම් ඉටුවිය යුතු බව ඉල්ලා ඇති මෙම පක්ෂය ඔවුන්ගේ ඉල්ලීම් ඉටුවන තෙක් තමන්ගේ උද්ඝෝෂණ සිදුවන බවට පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද මේ අය මොන තරම් සහයෝගයෙන් කටයුතු කරනවා ද කියලා; අපේ අය මෙහෙම දෙයක් කළොත් ඒකට විරුද්ධව තව කොටසක් උද්ඝෝෂණ කරයි ; හැම දෙයකින් ම වෙන්නේ මේ අයගේ හැම දෙයක්ම දවසින් දවස සාර්ථක වෙලා සිංහලයාගේ අසමගිය නිසාම දවසින් දවස වළ පල්ලට යන එක විතරයි (බ)
මේ ප්‍රශ්නය දුරදිග යන හැඩයි (නි)
ඒ මිනිස්සු හරිම එකමුතුයි (නි)
නුවන් කියන කතාව හරියටම හරි (නි)
නුවන්, සිංහලයාව එකතුකරන්න හදන අය ජාතිවාදීන් කියන්නෙත් සිංහලයන්ම තමයි. ඒ අතින් අපි හරිම අවාසනාවන්ත ජාතියක් (නි)
මෙය ඔවුන්ගේ සාධාරණ ඉල්ලීමක් නිසා, සිංහල අපිත් මේ අයට සහයෝගය දෙනවා ඇරෙන්න වෙන කළයුතු දෙයක් නොමැත. (බ)
අපි හිතනවා නේද දෙමළ ජනතාව විතරයි වතුකරේ වැඩකරන්නේ කියලා. නැහැ. අපේ සිංහල ජනතාවත් සේවය කරනවා. එ් හින්දා අපි සියල්ලෝම එකමුතුවි මෙයට සහයෝගය ලබාදෙන්න වෙනවා (නි)
මෙය අලුත් ප්‍රවනතාවක්. කලින් කවදාවත් මේ ආකාරයෙන් සිදු වුයේ නෑ. උතුරේ දකුණේ හැමතැනම සිටින්නේ එකම ජාතියක්නම් ඔවුන්ගේ ප්‍රශ්නත් පොදු ප්‍රශ්න මිස ජාතීන් ලෙස බෙදුණු ප්‍රශ්න නොවිය යුතුයි. වතුකරයේ දෙමල පමණක් නොව සිංහල අයත් මේ උද්ගෝෂණ සදහා සහබාගී වුනා. (ර)
සඳුන්, ඔයාලා තව කවුරුත් කියන දේ ඔලුවට අරගෙන අදහස් ප්‍රකාශ කරන්න එපා. මෙතනට ජාතිවාදයක් අනවශ්‍යයි. මේ මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නඟන්නේ. නැතුව රට අල්ලන්න නෙමෙයි. දුකයි අපේ මිනිසුන්ගේ අදහස් ගැන. (නි)
ඉසුරන්දිලා වගේ අය නිසා තමයි මේ වල පල්ලට යන්න පාර කැපිලා තියන්නේ ; තව තව සහය දෙන්න. (ර)