වතු කළමනාකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය වහා පියවර ගත යුතුයැයි ශී‍්‍ර ලංකා වතු වගාකරුවන්ගේ සංගමය
පවසයි.
සංගමය මෙහි ආසන්නතම සිදුවීම ලෙස පසුගියදා දැරණියගල නූරියා වතුයායේ කළමණාකරු වූ නිහාල් පෙරේරා මහතාගේ ඝාතනය පෙන්වා දේ.මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දකින බව කියන
ශී‍්‍රලංකා වතුවගාකරුවන්ගේ සංගමයේ ලේකම් මාලින් ගුණතිලක මහතා පවසන්නේ තර්ජන,අඩත්තේට්ටම් කිරීම්,පාලන කටයුතු වලට අනවශ්‍ය ඇගිලි ගැසීම් ගැන පෙර සිටම නිහාල් පෙරේරා මහතා ආදාළ අංශ දැනුම්වත් කිරීම සිදුකළද ඒවාට කිසිවෙකුත් නිසි ප‍්‍රතිචාර නොදැක්වීමෙන් මේ අවාසනාවන්ත සිද්ධිය සිදුවූ බවයි.මේ වනතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව නැතැයි හෙතෙම පොලිසියටද චෝදනා කරයි.
විශේෂයෙන් රජය විසින් විවිධ සමාගම් වලට බදු දී ඇති වගාබිම් වල කළමණාකරුවන්ට විවිධාකාරයේ තර්ජන එල්ල වීමේ ප‍්‍රවණතාවක් ඇතැයි ශී‍්‍රලංකා වතුවගාකරුවන්ගේ සංගමය පවසයි.රජයේ දේපල ආරක්ෂා කිරීමේ යෙදී සිටිනා වතුකළමණාකරුවන්ට හොද ආරක්ෂාවක් ලබාදීම රජයේ යුතුකම බව වතුවගාකරුවන්ගේ අදහසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා කාටද දැන් ආරක්ෂාවක් වුවමනා නැත්තේ ? (නි)
මෙම ඝාතනයට ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ඇතුළු මැරයන් පහළොස් දෙනෙක් පමණ සහභාගි වී සිටි බවට ඇසින් දුටු සාක්ෂි තිබෙන බව මියගිය වතු අධිකාරී නිහාල් පෙරේරා මහතාගේ ඥාතීහු පවසනවාලු නේද? මෙම මැරයන් සියලු දෙනා අත කඩු, පොලු කිනිසි, වැනි ආයුධ තිබුනා කියලත් කියනවා (දී)