IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වාණිජ නියෝජිතයන් සඳහා බලපැවැත්වෙන පැරැණි නීතිය වෙනුවට සංශෝධිත නීතියක්

වාණිජ නියෝජිත ව්‍යාපාරික සංවිධානය සම්බන්ධයෙන් බලපැවැත්වෙන 2002 අංක 8 දරන නීතියේ යම් යම් රෙගුලාසි සංශෝධන කරමින් 2016 අංක 2 දරන නව නීතිය නිකුත් කිරීමට කටාර් හි එමීර් ෂෙයික් ටාමිම් බින් හමාඞ් අල් තානි මහතා කටයුතු යොදා ඇත.


නව නීතියට අනුව යම් භාණ්ඩයක් වෙනුවෙන් දේශීය නියෝජිතයකු සිටියදීත් අවශ්‍ය නම් එම භාණ්ඩය ඍජුවම රටට ආනයනය කිරීමේ අවසරය වාණිජ රෙජිස්ටරයේ ලියාපදිංචිය ලබා ඇති වෙළෙඳුන්ට හිමිවෙයි.


එසේම සම ලෙස සැළකීමේ ප්‍රතිපත්තියේ නීති සහ කොන්දේසි ඇමැතිවරයා විසින් සකස් කරනු ඇත.


සංශෝධිත නීතියේ 18, 19 (1 සහ 2 වගන්ති) සහ 20 වැනි පරිච්ඡේදයේ රෙගුලාසි උල්ලංඝනය කරන අයට මාස 6 ක සිරදඬුවමක් හෝ කටාර් රියාල් 20,000 ක් නොඉක්මවන දඩයක් හෝ ඒ දෙකම නියම කළ හැකිය.


එම උල්ලංඝනය කිරීම නැවත නැවත සිදුකළහොත් දඬුවම දෙගුණයක් (උපරිමය) වන අතර අදාළ වෙළෙන්දාගේ කාර්යාලය වසා දැමීමේ නියෝගයක් නිකුත් කිරීමට උසාවියට බලය ඇත.


නව නීතියට අනුව යම් පුද්ගලයකු තමා නීත්‍යානුකූල වෙළෙඳ නියෝජිතයා බවට කොන්ත්‍රාත් ගිවිසුමක හෝ මුද්‍රිත ලියවිල්ලක් හරහා වැරැදි තොරතුරු ලබා දුනහොත් එවිට මාස තුනකට නොවැඩි සිර දඬුවමක් හෝ කටාර් රියාල් 100,000 කට නොවැඩි දඩයක් හෝ ඒ දෙකම නියම කළ හැකිය.


සංශෝධිත නීතියට අනුව යම් භාණ්ඩයක් සඳහා වරලත් දේශීය බෙදාහරින්නෙකුපත්කර කර ඇති අවස්ථාවක වෙනත් වෙළෙන්දෙක් ඍජුවම එම භාණ්ඩය ආනයනය කරන්නේ නම් එවිට පරිපූරක මූලධර්මවලට අදාළ නීති සහ කොන්දේසි පැනවීමේ බලය ආර්ථික සහ වාණිජ අමාත්‍යවරයාට හිමිවෙයි.



අදහස් (0)

වාණිජ නියෝජිතයන් සඳහා බලපැවැත්වෙන පැරැණි නීතිය වෙනුවට සංශෝධිත නීතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site