පසුගිය වසර පහක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය ඔස්සේ වැඩසටහනක් ප‍්‍රචාරය කොට ඒ වෙනුවෙන් ගුවන් විදුලි සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි එකහමාරක් හිටපු ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගෙන් අයකර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සංවිධාන මන්තී‍්‍ර හා උදයන් පුවත්පතේ කර්තෘ ඊ සරවනබවන් මහතා විසින් බරපතල වංචා දුෂණ විමර්ශන කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
2000 වසරේ සිට 2005 වසර දක්වා විකාශනය වු ‘‘ඉදය වීනෛයි” ‘හදවත වීණාවක් වගේ’ වැඩසටහන දිනකට පැය බැගින් වු කාලය වැය කරමින් සිදු කළ බවත් ඒ සඳහා රුපියල් 8000/- බැගින් වසරකට රුපියල් ලක්ෂ 30 ගෙවිය යුතු බවත් ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු පහක් තිස්සේ දිගටම දෙන්නම් කාසි වලටද වීණා ගහලා තියෙන්නේ? වැඩසටහන දෙන්නම් කාසි වලට අනුමත කළ අය දැන් මොකද කියන්නේ? (නි)
ඔන්න රට යන අත (බ)
ඒ කියන්නේ සල්ලි නොදී සිටි අය තවත් ඉන්නවා වගෙයි (නි)