(අංජුල මහික වීරරත්න)
වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024 මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ප්‍රජාව මිලියන 2.7ක් පමණ වේ. වර්ෂ 2052 වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි වයස්ගත ජනගහනය 24.8% දක්වා ඉහළ යනු ඇති බවට එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පුරෝක නය කර ඇත.
එබැවින්, "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ "ගෞරවනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් - අර්ථවත් විශ්‍රාම දිවියක්" යන අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි වයස්ගත වන වැඩිහිටියන්ට සමාජමය, ආර්ථිකමය, ශාරීරික සහ අධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් ජීවිතයක් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම කෙරෙහි රජය විශේෂ අවධානය යොමු කර තිබේ.
ඒ සඳහා 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බලගැන්වීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වැඩිහිටි අයිතීන් රකින පනත සංශෝධනයට