IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වැඩිය මූණ පෙන්නුවම වැඩ අඩු වෙනවා

10698399_1025415929844714111_n

 

0101ඇත්තටම ඔබ කවුද?
sarawita-20160201-02මම අයිෂ්රා අතුකෝරල. අම්මයි තාත්තයි එක්ක බොරලැස්ගමුවෙ ඉන්නෙ. මල්ලී කෙනෙක් ඉන්නවා. එයා තවම ලන්ඩන්.


0101පාසල කොහෙද?

විශාකා එකට පොඩි කාලෙ ගියෙ. ඊට පස්සෙ උසස් අධ්‍යාපනයට ලන්ඩන් ගියා. එහෙදි "එල්.එල්.බී ලෝ"ඉවර කළා.


0101එතකොට ලංකාවට ආවෙ?

ලංකාවෙ ලෝ කොලේජ් එකේ විභාගයක් කරන්න ඕනෑ. 2014 ලංකාවට ඇවිත් විභාගයක්  කළා. තව විභාග දෙකක් කරන්න තියෙනවා. 


0101නිරෑපණ ක්‍ෂේත්‍රයට ආවෙ?

නිරෑපණ ක්‍ෂේත්‍රයට ආවෙ අහම්බෙන්. ඊට පස්සෙ ස්වර්ණවාහිනියෙ වැඩසටහනක නිවේදක කටයුතුත් කරන්න හම්බවුණා. 

 

0101

ඔබ දැන් රංගනයට දායක වෙනවා?

ඔව්, පසුගිය දින කිහිපයේ චිත්‍රපටයක රඟපෑවා. දැන් ඒක ඉවරයි. මම ඒකෙ ප්‍රධාන චරිතය කළා. ඒක ආර්ට් මූවි එකක්.


0101මේ දවස්වල මොකද කරන්නෙ?

මහේන්ද්‍ර පෙරේරා සර්ගෙ ක්ලාස්වලට යනවා. බාරගත් &මොඩ්ලින්* වැඩ නිසා ක්ලාස් එක මඟහැරැණත් මම හැම උත්සාහයක්ම ගන්නවා ක්ලාස් එකට යන්න. වැඩියෙන්ම කැමැති ආර්ට් ෆිල්ම්වලට.


0101ඔබ නීතිය ඉගෙන ගෙන කලාවට එනවා?

ඒකට හේතුව හිතාගන්න බෑ. නමුත් මම ෆිල්ම්වලට ආසයි. ලන්ඩන් ඉද්දී එහෙ ඒවා බැලුවා. නිදාගන්න කලින් චිත්‍රපට බලනවා. කිහිපයකටම ආරාධනා ලැබුණත් තවම එකකට විතරයි දායක වුණේ. තවත් එකක් ලබන මාසෙ පටන් ගන්නවා. 

මම වයසට ගිහින් මොකුත් නොකරන කාලෙක මෙහෙම දෙයක් කළා කියලා සන්තෝස වෙන්න පුළුවන් නිර්මාණවලට දායක වෙන්නයි කැමැති.


0101ජාත්‍යන්තර මට්ටමේ නිරෑපණ තරගවලට ගිහින් තියෙනවද?

නෑ. ෆැෂන් ෆොටෝග්‍රැපි, ෆැෂන් මොඩ්ලින් රෑම්ප් මොඩ්ලින් කරනවා විතරයි. ඉන්ටර්නැෂනල් කම්පෙටිෂන්වලට ගිහින් නෑ.


0101ලංකාවෙ නිරෑපිකාවන්ට එච්චර පිළිගැනීමක් නෑ කියන්නෙ ඇත්තක්ද?

මොන ක්ෂේත්‍රයේ හිටියත් එය ගෞරවයෙන් යුක්තව එය කරන්න ඕන. සමහර මොඩ්ලර්ස්ලා ඉන්නවා ඒ අයගෙ තත්ත්වය තියාගෙන ඉන්න අය. ඒ අයට ක්ෂේත්‍රයේ අය ගරැ කරනවා. බහුතරය ඒ අයගේ වරදින් පහත් තැනකට වැටෙනවා.


0101අතින් අතට යන්නෙ නැතුව ක්ෂේත්‍රයේ රුඳෙන්න පුළුවන්ද?

sarawita-20160201-01එහෙම ඉන්න අය ඕන තරම් ඉන්නවා. ලංකාවෙ සුපර් මොඩ්ලර්ස්ලා කියලා නමක් තියාගෙන ඉන්න දහයක් විතර මේ අතරෙ ඉන්නවා. 


0101ඔබට බලපෑම් ඇවිත් තියෙනවද?

නෑ. කියන්න තරම් දෙයක් වෙලා නෑ. තමන්ගෙ චරිතය හා හැසිරීම අනුවයි එහෙම වෙනවා ඇත්තෙ. හරියට ඉන්නවනම්  මම හිතන්නෙ නෑ එහෙම දේවල් වෙනවා ඇති කියලා


0101නිරෑපණ ක්‍ෂේත්‍රය කියන්නෙ සල්ලි හම්බ කරන්න පුළුවන් රස්සාවක්ද?

ඇක්ටිං ෆිල්ඩ් එකට වඩා මොඩ්ලින් ෆීල්ඩ් එකේ ගෙවීම් වැඩියි. නමුත් හැමදේකටම ඉන්න කෙනෙක්ට හොඳ දේ ලැබෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. හැම පොඩි "ෂුට්" එකම කරන කෙනාට අලුත් හොඳ වැ‍ඩ ලැබෙන්නෙ නෑ. මුණ "කොමන්"කරගන් නැතුව ඉන්න කෙනාට හොඳ වැඩ හම්බ වෙනවා.


0101ටෙලිනාට්‍යවල රඟපාන්න ආරාධනා ලැබිලා තියේද?

ඔව්. ආරාධනා රුසක් ආවත් බාරගත්තෙ නෑ. බාරගන්න අදහසකුත් නෑ.


0101ඒ මොකද?

ලංකාවෙ ටෙලිනාට්‍ය ඒතරම් හොඳ තත්ත්වයක තියෙනවා කියලා මම හිතන්නෙ නෑ.
ටෙලි නාට්‍ය බලන්න ගුණාත්මක රසිකත්වයක් තියෙන පිරිසක් ඉන්නවා කියලා මම හිතන්නෙත් නෑ. සමාජයට පණිවිඩයක් දෙන මහන්සිවෙලා කරන ගුණාත්මක බවින් වැඩි සිනමාවට මම කැමතියි.


0101ඔබ විවාහකද? පෙම්වතෙක් ඉන්නවද?

දෙකම නැහැ. මම අම්මලත් එක්ක ඉන්නෙ.


0101දිගටම ලංකාවෙ ඉන්නද කල්පනාව?

මම කොහොමත් නිතර යනවා එනවා. මල්ලි, තව නෑදෑයො එහෙ ඉන්නවා. කවදාහරි දවසක මම එහෙ ඉඳියි කියලා හිතුවත් තව ටික කාලයක් මෙහෙ ඉඳියි.


0101අලුත් අවුරැද්දෙ තියෙන බලාපොරොත්තු මොනවාද?

මම බාරගත්ත චිත්‍රපටයේ වැඩකරන එක තමයි අංක එක. ඊට අමතරව හොඳ සිනමා නිර්මාණවලට දායක වෙන්නන් කැමැතියි. තව මම &අයිෂ් ක්ලූතිං* කියලා ඩිසයිනර් වෙයා(ර්) ලයින් එකක් කරනවා.

 


 - වැවගම - සේයාරැව | සුමුදු - 

 



අදහස් (0)

වැඩිය මූණ පෙන්නුවම වැඩ අඩු වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site