(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාජ බලපත්‍රයක් සකසා පෞද්ගලික කර්මාන්ත ශාලාවකට රැගෙන යමින් තිබූ ඩීසල් ලීටර් 13200 ක් රැගත් බව්සරයක් සමග රියදුරු සහ සහයකයා අද අලුයම අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
එම ඩීසල් තොගය ලීටරයක විකුණුම් මිලට වඩා රුපියල් 30 ක් වැඩිපුර අලෙවි කිරීම සදහා කටයුතු යොදා තිබූ බවද පොලිසිය කීය.
ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයෙන් එම ප්‍රදේශයේම ඉන්ධන හලකට ඩීසල් රැගෙන යාමට බලපත්‍රයක් සකසා තිබූ අතර,බණ්ඩාරගම ප්‍රදේශයේ කර්මාන්තය ශාලාවකට ලීටරයක් රුපියල් 460 බැගින් අලෙවි කිරීමට ව්‍යාජ බලපත්‍රයක් සකසා තිබූ බවද පොලිසිය කීය.
මේ හේතුවෙන් ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව මෙන්ම රජයද අපහසුතාවයකට පත්වන බැව් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
ලද තොරතුරක් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්සංක මහතා ඇතුළු පොලිස් කණ්ඩායම අලුයම පරගස්තොට ප්‍රදේශයේ රැකසිට වැටලීම කර තිබේ.
COMMENTS