ශ්‍රී ලංකා නීතී විද්‍යාලය සඳහා වසරකට බඳවා ගන්නා පිරිස කප්පාදු කර මෙම වසර සඳහා සිසුන් 177 දෙනකු තෝරා ගැනීමට එරෙහිව නීතී විද්‍යාල පිවිසුම් විභාගයට පෙනි සිටි ශිෂ්‍යකු අද (24) අලුත් කඩේ අධිකරණ භූමීයෙහි පිහිට නීතී විද්‍යාලයයේ වහලය මතට නැඟ විරෝධතාවක නිරත වී තිබේ.
කෙසේ වෙතත් මෙම ස්ථානයට පැමිණ ඇති වැඩබලන අගවිනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය මෙම ශිෂ්‍යාගේ ගැටළු වලට විසඳුම් ලබා දීමට පොරොන්දු වී ඇති අතර ඉන්පසු ඔහු වහලෙන් බැස ඇත.
නීතී විද්‍යාලයයේ සිදු වෙතියි කියන අක්‍රමිකතාවන්ට විරෝධය පළ කිරීම සඳහා නීතී විද්‍යාල ශිෂ්‍ය කප්පාදුවට එරෙහි ව්‍යාපාරය අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට රැස්වීමට උත්සාහ කළත් පොලිසිය ඊට ඉඩ නොදී මාර්ග බාධක දමා මාර්ග වසා දැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කෙරුවත් මොනවා නොකෙරුවත් උද්ඝෝෂණ නස් තියෙනවා.(නදී)
ඉස්සර නම් වහලවල් වලට නැගල විරෝධය පළ කළේ තාත්තල. දැන් තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් වහලවල් උඩට නගින්න පුතාලට වෙලා. (අ)