
(හේමන්ත රණසූරිය)
වාහල්කඩ ගොවි ජනපදයේ ඇති ප්‍රාදේශීය රෝහලේ වැඩ භාරගත් වෛද්‍යවරියක වැඩ බාරගත් දා සිට මේ දක්වාම මාස තුනක් තිස්සේ, රෝහල "පැත්ත පලාතෙවත්" ඇය නොපැමිණි බව වාහල්කඩ රෝහල් කමිටුව කියයි.
පසුගිය අප්‍රේල් මස 25 වැනි දා වාහල්කඩ රෝහලට පැමිණි මෙම වෛද්‍යවරිය, මැයි මස එකොළොස් වැනි දින රෝහලේ වැඩ නිල වශයෙන් භාර ගෙන, එදිනම "ලෙඩ නිවාඩු " දමා රෝහලෙන් පිටව ගිය බවත්,මේ හේතුව නිසා දැනට ස්ථාන මාරුවක් ලබා වාහල්කඩ රෝහලෙන් නික්ම යාමට බලා සිටින එම රෝහලේ සිටින වෛද්‍යවරියට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවද ,රෝහල් කමිටුව සඳහන් කරයි.
දැනට වෛද්‍යවරියන් දෙදෙනකු පමණක් සිටින වාහල්කඩ රෝහලේ එක් වෛද්‍යවරියක ට ස්ථාන මාරුවක් ලැබී ඇතත්, ඇය වෙනුවට සේවයට වාර්තා කළ වෛද්‍යවරිය දීර්ඝ කාලීනව නොපැමිණීම හේතුවෙන්, 12,000 අධික ජනතාවකට පිහිටවන වාහල්කඩ රෝහල දැඩි අවදානමකට ලක්වී ඇතැයි ද රෝහල් කමිටු නියෝජිතයෝ අවධාරණය කළහ.
වාහල්කඩ ඩි 01,ඩි 02,මල්පෝරැව,ඩි08,ඩි 07,ඩි 06,ඩි 05,ඩි 04,ගල්කඩවල, රඹාවැව, කහටගොල්ලෑව, මාවතවැව, කදුරුවැව,සහ පුංචි මුදා ගම යන ගම්මාන රාශියකින් දිනකට රෝගීන් දෙසීයක් පමණ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා පැමිණෙන බවත්,ළමා සායන ,ගර්භනී සායන, වකුගඩු සහ පෙූෂර් සායන ඇතුළු සායනික ප්‍රතිකාර සඳහා ,රෝගීන් හත්සියයක් පමණ මෙම රෝහලේ ලියාපදිංචි වී ප්‍රතිකාර ලබා ගන්නා බවත්,වාහල්කඩ රෝහල් කමිටුවේ ලේකම් පී.අමරසිංහ මහතා පැවසීය.ෙ
මේ සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එන්.සි.ඩි ආරියරත්න මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී මෙසේ ෙ සඳහන් කළේය.
මෙලෙස සේවයට වාර්තා නොකර සිටින වෛද්‍යවරිය වාහල්කඩ රෝහලේ වැඩ බාර අරගෙන පැය භාගයක්වත් නොඉඳ පිටවී ගොස් තිබෙවා. එය නීති විරෝධී ක්‍රියාවක් , ඇයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපි හතරක් යවා තිබෙනවා. තවමත් එයට ප්‍රතිචාරයක් නැහැ.
දැනට ස්ථාන මාරු ලබා සිටින වෛද්‍යවරිය නිදහස් කිරීමට තමා කටයුතු නෑ. වාහල්කඩ රෝහලට වෛද්‍යවරයකු ලබා දෙන තුරු රෝහලේ සිටින වෛද්‍යවරියන් දෙදෙනාගෙන් කිසිවකුත් නිදහස් කරන්න බැහැ.
වාහල්කඩ වැනි අතිදුෂ්කර පළාතක රෝගීන් සහ ජනතාවගේ සුබසෙත පිණිස රෝහලට වෛද්‍යවරයකු ලබා දෙන තුරු තම ස්ථාවරය වෙනස් නොකරන බවද ආරියරත්න මහතා අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවයට මොනවා වෙලාද කියලා හිතාගන්න බැහැ ඉස්සර නම් තුන්දා නීතිය හත්දා නීතිය කියලා දේවල් තිබුනා ඒත් වර්තමානයේ දෙපාර්තමේන්තු ප්‍රධානියා නමට ලිපියක් යැව්වත් ලිපි ලැබුනා කියලවත් දැන්වීමක් කරන්න තරමින් කාරුණික බවක් දකින්න නැහැ මේ තත්වය ගෝඨාභය ජනාධිපති වුනාට පස්සෙ තමයි වඩාත්ම අහිතකර වුනේ කියන්න පුළුවන් මේගැන ජනාධිපති ලේකම්ගේ නැත්නම් ජනාධිපති වරයාගේ අවධානයට යොමුවේවා
මේ උදවිය අපේ රටේ අහිංසක ජනතාවගේ බදුසල්ලි මිලියන ගණනක් වැයකරලා නොමිලේ ඉගෙනගෙන අන්තිමේදී MBBS සහතිකය අරගෙන රටට කිසිම සේවයක් නොකර පැනලා යනවා. දොස්තරලා තමයි වැඩියෙන්ම මෙහෙම කරන්නේ.