මෙම වසරේ පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවෙන් එච්.අයි.වී ඒඩ්ස් ආසාදිතයින් 70 ක් පමණ හඳුනාගෙන ඇතැයි ඒඞ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසීය.
මෙම රෝගීන්ගෙන් වැඩිදෙනකු පිරිමි සමලිංගිකයින් බවද වෛද්‍ය ලියනගේ සඳහන් කළේය.
එමෙන්ම රෝගීන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් බව ද අධ්‍යක්‍ෂවරයා ප‍්‍රකාශ කළේය.
එමෙන්ම මෙම රෝගීන්ගෙන් 65%කට වැඩි පිරිසක් පිරිමින් බව ද කී ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂවරයා ඔවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 25ත් 49ත් අතර වයස්වල පසුවන්නන් බව ද කීවේය.
වැඩබිම් ආශ‍්‍රිතව එච්.අයි.වී ඒඞ්ස් ආසාදනය වීමේ වැඩි ප‍්‍රවණතාවක් මේ වන විට දක්නට ලැබෙන බැවින් වැඩබිම් ආශ‍්‍රිතව ඒ පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ද වෛද්‍ය ලියනගේ කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ගණිකා වෘත්තිය නීති ගත කළොත් මේ වැනි අසනීප පමණක් නෙමෙයි ලිංගික අපරාධ ගොඩක්ම අඩු කරන්න පුළුවන්.. එත් පුහු සුචරිතවාදීන් උගුරට හොරා බෙහෙත් කමින් ඒවාට ඉඩ දෙන්නේ නැහැ. මේ ගැන වෛද්‍යවරුන් හඬක් නැගිය යුතුයි. (බ)
1980 ගණන් වල ඉඳල මේ වෙනකන් ලෝකයේ කරපු සමීක්ෂණ වලින් හොයාගන තියන දෙයක් තමා, ලිංගිකත්වය ප්‍රකාශ කරන්න ලිංගිකත්වයට එරෙහි නීති වැඩි රටවල ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග, අනවශ්‍ය ගැබ් ගැනීම් (කුඩා ළමයි, හෝ දරුවෙක් හදාගැනීමට නොහැකි අය), ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, ලිංගිකත්වය හා බැඳුනු අපරාද වැඩි බව. නමුත් ලිංගිකත්වයට අවශ්‍ය නිදහස තියන, ලිංගික අධ්‍යාපනය තියන රටවල මෙවැනි දේවල් සාපේක්ෂව ඉතා අඩුයි.(බ)