රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් හිමිවූයේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඇරඹු අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස බැවින් එයින් රුපියල් 1000ක් දැනට වෘත්තීය සමිති මධ්‍යස්ථානයට මූලස්ථානයක් ඉදි කර ගැනීම සඳහා ලබා දෙන්නැයි එම මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කළේය.
කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී අද (16) පැවති ලංකා ගුරු සේවා සංගමයේ 17 වැනි වාර්ෂික සමුළුවේ ඔහු කීවේය.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මූලස්ථානය ලෙස මෙතෙක් කල් විවිධ ගොඩනැගිලි කුලියට ගෙන කටයුතු කළ බව කී එහි සභාපති ලාල්කාන්ත මහතා ඒ වෙනුවෙන් ස්ථිර ගොඩනැගිල්ලක් ගොඩනගා ගැනීමේ කටයුතු මේ වන විටත් සැලසුම් කර ඇතැයි ද සඳහන් කළේය.
‘දරු පරපුරට දෑස් දෙන, ගුරු පරපුරට මග කියන’ තේමාව යටතේ මෙම සමුළුව සංවිධානය කර තිබූ අතර, ලංකා ගුරු සේවා සංගමයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම හා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් පිළිබ`ද ගැටලූ හා අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින ගැටලූ විසඳා ගැනීම වෙනුවෙන් වූ යෝජනාවලියක් සම්මත කරගැනීම ද මෙහිදී සිදුකෙරිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කතාව. හැමදාම සුළු පිරිසක් මහන්සිවෙලා අරගල කරලා පඩි වැඩිකර ගත්තම, බහුතරය එය නිකන්ම භුක්ති විඳිනවා. රජයේ සේවකයෝ ගොඩක් බලාඉන්නේ නිකම්ම ලැබෙනකන්. අඩු ගණනේ ඉල්ලීම් ඉදිරිපත් කරන, ඔවුන් වෙනුවෙන් පෙරට එන අයට වචනයකින්වත් සහයෝගයක් නැහැ. (නි)
1000 කොමිස් මුදලක්ද? නැත්නම් නීතිඥ ගාස්තුද? එහෙමත් නැත්නම් වෙන මොනවා හරිද? (නි)
රු. 1000 මාස්පතාද? කොච්චර කාලෙකටද? මේ සංගමයේ සාමාජිකයින්ගෙන් පමණක්ද? සැළසුමක් තිබේද? අපේක්ෂිත ඉලක්කයක් තිබේද? (නි)
නිහඩ කැපකිරීම වෙනුවෙන් රජයේ සේවකයෝ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කැපකිරීමක් කළ යුතුයි.(අ)
1000 පඩිය වැඩි වුනේ නැහැනේද දීමනාව නේද වැඩි වුනේ (අ)
එම හේතුව නිසා වෙන්නැති අසන හතරට බැස්සේ. (බ)
ජේවීපිය හැමදාම ඔය වගේ දේවල් කියනවා. ඒත් යථාර්තය ඒක නොවෙයි. (ර)
තමන්ගේ අයිතිවාසිකම් ගැන විතරක් නෙමෙයි , යුතුකම් ගැනත් හිතුවොත් හොදයි. හැමෝටම පඩි හම්බ වෙන්නේ මැද පෙරදිග දහදුක් විදලා හොයන සල්ලි වලිනුයි ඇගලුම් කම්හල් වලින් හොයන සල්ලි වලිනුයි. (බ)
මහත්තයා අල්ලසක් ඉල්ලනවාද කියලා හිතෙනවා (නි)
දෙන්න වටිනවා. එක වතාවයිනේ. (නි)
සන්තුෂ්, කණිෂ්ක, පරාක්‍රම කවදාවත් වෘත්තීය අරගලයක් වෙනුවෙන් වැඩකරපු අය නොවෙයිනේ. ඒ නිසා මේ වගේ ප්‍රතිචාර දැක්වීම ගැන අනිත් අය උරන වෙන්න එපා . (ර)
අනේ මන්දා දෙනවද.? නැද්ද කියලා. (ර)
අපි වැඩකරලා හම්බ කරගන්න පඩිය නිකන් අයට දෙන සිරිතක් නැහැ. (ර)
අනේ අම්මපා මෙහෙමත් කතා? (නි)
මේකත් හරියට අල්ලස් ඉල්ලීමකට සමානයිනේ (නි)
පුද්ගලික අංශයේ සේවකයන්ට සත පහක්වත් පඩි වැඩි වුණේ නැහැ කියලා එක දේශපාලඥයෙකුටවත් මතක නැහැ (නි)
නවරත්න ඕක කල්පනා කරන්න ඕන දෙයක් නෙවෙයි කරන්න ඕන දෙයක්. (ර)
ඉල්ලීම සළකා බලන්න වටිනවා (නි)
අනේ මන්දා බලනකොට කවුරුත් එකයි (නි)