IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


වැඩකරන ජනතාවගේ වේදනාකාරී යුගය අවසන්

(අංජුල මහික වීරරත්න)

වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන්  ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින්  ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ  139 වන ලෝක කම්කරු දිනය සමරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි.

හැත්තෑ පස් වසරක් පුරා පාලක පන්තියේ තාඩනපීඩන මතින් නැගී සිටිමින් දුෂිත දේශපාලනය මුලිණුපුටා දමමින් ජනතාවගේ රජයක් යටතේ මෙවර කම්කරු දිනය සැමරීම ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරයි. 

කල්ලිවාදය, දේශපාලන හිතවත්කම් සහ  ගජමිතුරු සැලකීම් හමුවේ අසාධාරණයට පත්ව සිටි වැඩ කරන ජනතාව 2024 වර්ෂයේ අභියෝගාත්මක තීරණයක් ගනිමින් ⁣සමස්ථ දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කිරීම අගාධයට ඇද දැමූ රට ගොඩ ගැනීමට ගත් අභීත ව්‍යායාමයකි. 

ජනතාවාදී රජයක් ලෙස ජනතා අවශ්‍යතා මැනවින් හදුනාගනිමින් විකෘති මාවතක ගමන් ගත් ආර්ථික, දේශපාලන, සාමාජයීය, සංස්කෘතික මෙන්ම නෛතික රාමුවද යළි ප්‍රකෘති මාවතකට ගැනීමට අපි මහත් වෙහෙසක් දරමින් සිටිමු. 

වසර ගණනාවක් පුරා මෙරට වෙලාගත් දූෂණය  හා අසාධාරණය එක රැයකින් වෙනස් කිරීම කළ නොහැකි වුවද රජය ක්‍රමාණුකූලව සියල්ල ක්‍රමවත් කරමින් ජනතා අවශ්‍යතා වෙනුවෙන් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරමින් තිබේ.   

රාජ්‍ය, පෞද්ගලික, ව්‍යවසාය, කම්කරු ඇතුළු සමස්ථ වැඩකරන ජනතාවගේ  ආර්ථික බලවේගයන්  ශක්තිමත් කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර රට අහරින් ස්වයංපෝෂිත කිරීමට පෙරමුණ ගන්නා ගොවි ජනතාව ශක්තිමත් කිරීමටද සුදානම්ය. 

 අප පසුකරමින් සිට්න්නේ ජනතාවගේ ආරක්ෂාව, ස්වාධිනත්වය, අයිතීන් ආරක්ෂා කරමින් වඩාත් ස්ථාවර විශ්වාසනීය අනාගතයක් ලඟා කර ගැනීමට එක්ව කැපවිය යුතු කාලයකි. 

දිනු අයිතීන් සුරකිමින් රට ගොඩනගන්නට එකාවන්ව එක්ව අධිෂ්ඨානයෙන් කටයුතු කරමු. 



අදහස් (12)

වැඩකරන ජනතාවගේ වේදනාකාරී යුගය අවසන්

Shani23 Thursday, 01 May 2025 09:48 AM

ඇයි බාම් ගානවද ? බොරු එපා...

:       0       0

Jothi Thursday, 01 May 2025 09:54 AM

ඇහුණේ නෑ...

:       0       0

Asanga Thursday, 01 May 2025 10:06 AM

අවුරුදු 5ක් බයිලා ගගා ඉඳියි...

:       0       0

Perera Thursday, 01 May 2025 10:16 AM

කළින් තිබුණු ලොකු හිසරදයක් සම්පූර්ණයෙන්ම සුවයි. හැබැයි ඇඟපත වේදනාව තවම ටිකක් ඉතුරුවෙලා තියනවා මැඩම්...

:       0       0

duminda weera Thursday, 01 May 2025 10:43 AM

සුරඟන කතා...

:       0       0

de silva Thursday, 01 May 2025 11:19 AM

මොන බොරුවක්ද? අපි වැඩට යන්නේ පොල් පැටෙව්වා වගේ ලොරි චැසි ටකරම් බස්වල තදවෙලා දුක් විඳගෙන, ඒකත් යන්නේ ගාට ගාට කොට කොට, පැය ගණනක් අපි ඒ වගේ අපා දුක් විඳිනවා. මේවා ගැන හොයන්න බලන්න කවුරුවත් නැහැ. පරණ ස්කූටියක්වත් ගන්න බැහැ. ඒවගේ මිල අහස උසට, හාල් කිලෝ එකටත් 50% බදු ගහලා ජීවන වියදම ඉතා වැඩි වෙලා, එනවා මෙතන බේගල් දෙසා බාන්න, හැම එකටම අර බදු, මේ බදු, තීරු බදු... ඒ මදිවාට වැටුපටත් බදු...

:       0       0

fairoos Thursday, 01 May 2025 11:34 AM

සුභ කම්කරු දිනයක්

:       0       0

රම්බොඩ Thursday, 01 May 2025 11:41 AM

හරි ලස්සන කතාව. කම්කරු ජනතාව හැමදාම මේවට අත්පුඩි ගැහුවා වේදිකාවෙන් එළියෙ ඉඳගෙන.

:       0       0

sakraya Thursday, 01 May 2025 12:33 PM

මෙයාගෙත් දැන් මොලේ හොඳ නැතිවේගෙන එනවා වගෙයි. ඔය කියන වැඩකරන ජනතාව කොහෙද ඉන්නේ ? ඒවගේම ඒ අයට ඔහෙලා කියල වැඩ නොකර ඉන්න ලැබුනද ? එහෙම නැතිනම් ඒ අයට තමන්ගේ ක්‍රයශක්තිය ඉහල යන ආකාරයේ ආදායම් වැඩි වීමක් උනාද ? එහෙම දේවල් ඉදිරියට හෝ වෙනවද ?

:       0       0

Gihan Thursday, 01 May 2025 03:41 PM

බුදු අම්මේ... දුක් වින්ද අවසන් පෝය පහුවුණා.

:       0       5

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Thursday, 01 May 2025 03:53 PM

හසානාට නම් තාමත් වේදනාකාරී යුගයක් තමයි, හැමදාම...!

:       0       4

prasanna Friday, 02 May 2025 11:18 AM

බොරු කීමේ තරගයක් වගේ. ඩබලම තරගෙට බොරු විදිනවා. පොල් බෑය රුපියල් 150 .... මෙයා බයිලා ගහනවා. තණකොළ කන වස්සෝ වගේ මාලිමාවන් බලා සිටිනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 542 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 329 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site