ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඇත්තේ නාමිකව පමණක් බවත් දුප්පත් සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමේදී නොයෙක් දුක් ගැහැට විඳීමට සිදුවන බවත් කියමින් ප්‍රශස්ත ගුරු සේවාවක්, තරගය අවම කිරීම හා වර්ගීකරණය යන අංශ යටතේ අධ්‍යාපනය විධිමත් කිරීමට පියවර ගන්නැයි ඉල්ලමින් නිදහස් අධ්‍යාපනය සඳහා රජරට එකමුතුව සංවිධානය කරන අධිෂ්ඨාන පූජාව මාර්තු 12 වැනිදා සවස 3 ට අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය අභියස පැවැත්වීමට නියමිතය.
සංවිධානයේ කැඳවුම්කරුවන් වන උතුරු හා උතුරු මධ්‍යම දිසාවන්හි සංඝනායක මහමංකඩවල පියරතන නාහිමි (එප්පාවල හාමුදුරුවෝ) සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ඇතුළු පිරිසගේ මූලිකත්වයෙන් එදින අනුරාධපුර සිංහ කණුව අසල සිට පෙරහරින් ගොස් අධිෂ්ඨාන පූජාව පැවත්වීමට කටයුතු යොදා ඇත.
ජාත්‍යන්තර මට්ටමේ ගෞරවනීය ගුරු වෘත්තියක් බිහි කරවා ගැනීම, යහපත් පුරවැසිභාවය දිරිගන්වන විෂය මාලාවක් නිර්මාණය කරවා ගැනීම, පාසල් හා උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය විධිමත් හා ක්‍රමවත් කරවා ගැනීම, අඩු ආදායම් ලාභී පවුල්වල ළමයිනට ප්‍රමාණවත් ශිෂ්‍යාධාර ලබා ගැනීම, සියලු ළමයින්ට පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබා ගැනීම, නිදහස් අධ්‍යාපනයට ජාතික ආදායමෙන් 6%ක් වෙන් කරවා ගැනීම, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරවා ගැනීම යන කරුණු ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇතුළත්ය. මේ සම්බන්ධයෙන් අගමැතිට හා ජනපතිට දැනුම් දුන්නද මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බවද පියරතන නාහිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු සේවයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන සේවයට සුදුස්සන් පත් කිරීම සහ නුසුදුස්සන් ඉවත් කිරීම පළමුවෙන්ම කළ යුතුයි. විශ්ව විද්‍යාල වල ඉන්න සමහර මහාචාරවරුන්ගේ වුනත් දැනුම ගැන කියලා වැඩක් නැහැ.ඉංග්‍රීසි හෝ වෙනත් ජාත්‍යන්තර භාෂාවක් අනිවාර්ය කළ යුතුයි. දෙමල අනිවාර්ය කළ යුතු නැහැ. ඉංග්‍රීසි අධ්‍යාපනයක් නැති කිසිම කෙනෙකුට කිසිම අංශයක මහාචාර්ය කම් දිය යුතු නැහැ.(බ)
දුප්පත් අපි රජයට ගෙවන මේ බදු කන්දරාව අනුව ඇත්ත වශයෙන්ම රජය මැදිහත්ව ප්‍රමිතියෙන් උසස් කාලීන අධ්‍යාපන ක්‍රමයක් සකස්කර වගකීමේන් යුතු නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ලබාදිය යුතුයි නේද? ගමේ දෙමව්පියෝ දැන හෝ නොදැන අධ්‍යාපනය වෙනුවෙන් කරන කැපකිරීම සුළුපටු නැහැ. එබැවින් මෙවැනි කාරණා සම්බන්ධයෙන් අදාල දැනුම් තේරුම් ඇති බුද්ධිමතුන් හා බලවතුන් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි නේද. (ර)
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කන්නන්ගර මහත්තයට ලැබුණු තෑග්ග තමයි තමා තරග කල අසුන (මතුගම) ඡන්දයෙන් පරාජය කිරීම. එහෙව් ජනතාවක් ඉන්න සසිරිබර මෙසිරිලක ජනතාව ගැන කියනු කවරේද? (ර)
නිදහස් අධ්‍යාපනය කන්නන්ගර යුගයෙන් අඩියක් වත් ඉස්සරහට ගිහින් නැහැ නමට පමණි. මේ සටන මුවහත් කළ යුතු කාලය ඇවිත්.(ම)
ඒකනම් සහතික ඇත්ත (නි)
කාලීනව අධ්‍යාපන ක්‍රම සහ විෂය ධාරාවන් නම් වෙනස් වියයුතුම තමයි. හැබැයි, ඔය දෙන නිදහස් අධ්‍යාපනයවත් හරියට ප්‍රයෝජන ගන්නවද දැන්? විශ්ව විද්‍යාල තත්වය බලන්න. බොහෝ රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ දෙන්නේ නැහැ. ඒ නිසා ඒ ළමයි මහන්සියෙන් ඉගෙන ගන්නවා. (නි)
රජයට ගත හැකි උපරිම ප්‍රමාණය විශ්ව විද්‍යාලයට බඳවාගෙන ඉතිරි සුදුසුකම් ඇති ළමයින්ට මුදල් ගෙවා හෝ වැඩිදුර ඉගෙනීමේ නිදහස ඇති කල යුතුයි. එය අනෙක් රටවල් වගේම සිසුන්ගේ අයිතියක්. සමහර අය කුහක විදිහට මේක වලක්වන්න හදනවා. මෙමගින් පිටරටට යන විශාල ජාතික දානයක් ඉතිරි කර ගත හැකි වගේම ඔවූන් අපට ජාතික සම්පතක් වෙනවා. (ර)
කාර්මික අධ්‍යාපනයටත් පහසුකම් අවශ්‍යයි.(හේ)
පොත කට පාඩන් කරලා විබාගේ පාස් කරලා වැඩක් නැහැ. (කෞ)
හොඳ පලදායක වැඩක් කරමු. (ර)
පොත කට පාඩන් කරලා විබාගේ පාස් කරලා වැඩක් නැහැ. ඕනේ කෙනෙකුට ඒක කරන්න පුළුවන්. (ර)