වෙඩි හඩ තිබෙන සමයේ දේශපාලඥයින්ගේ ඇතුලු සියල්ලන්ගේම කට හඩ නිහඩව තිබු බවත්, වර්තමානයේ වෙඩි හඩ නිහඩව පවතින විට කට හඩ ප‍්‍රාණවත් වි ඇති බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා කියා සිටියේ
“පලාත් සභාවේදී සම්මත වුනු යෝජනාව මම අනුමත කරනවා ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ මේ රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එය එකඟද නැද්ද කියන එකයි වැදගත් වෙන්නේ.”
වර්තමානයේදි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත්වි ඇති බැවින් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මැති ඇමති වරුන් ඔවුන්ගේ මතය ප‍්‍රකාශ කරන බවත්, අදාළ මතයන් වෙනුවෙන් කිසිවෙක් කලබල වීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ආණ්ඩාකාරවරයා වැඩිදුරටත් පැවසුවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි හඬ නැතිවෙනකොට සමහරුන්ගේ හඬ වැඩි එකනම් සහතික ඇත්ත. (ර)
ඒ වගේම ඔබතුමාගේ ප්‍රශස්ති ගී හඬත් වැඩි වෙලා වගේ. (ර)
කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)
අන්න හරි මහ ඇමති තුමා ... නියම උත්තරේ .(හේ)
ඔබ තුමා වාසි පිලේ වාසී බස් දොඩනවා. (ර)
කලකට පසු ඇසුන හොද කතාවක්.(හේ)
වැටත් නියරත් ගොයන් කා නම්, කාට කියන් ඒ දුක. (ර)
ඔබෙත් හඩ වැඩි වෙලා... (ර)
හැබැව, කිසි කලබලයක් වෙන්න ඕන නෑ... (ර)
අභීත නායකත්වයක් තිබූ කාලයේ අපේ හමුදාවද සිංහයන් සේ සටන් වැද ලොව බලවත්ම ත්‍රස්ත සංවිධානය පරාජය කලේය. (ර)
අනිවාර්යයෙන්ම මොනවා සම්මත කරගත්තත් ජනමත විචාරණයකින් ජනතාවගේ බහුතර ඡන්දයකින් අනුමත විය යුතුමයි ;(හේ)
ප්‍රබාට බයේ හිටපු අවස්ථා වාදීන් දැන් වීරයෝවෙලා. (ර)
උතුරේ අයටත් මෙතුමාගේ රසකතා තේරෙනවා නම් කොච්චර හොඳද. (ර)
මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ. ලොක්කා කියල දෙන ගායනා විතරයි දැන් ගායනා කරනු යේ. (බ)
ඔව් ඉතින් මෙයා එහෙම නොකිය බැහැනේ, යහපලානේ නේ. ඔන්න ඕකයි වෙනස කියන්නේ. කොහෙද අපේ මිනිස්සුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැනේ. රට බල්ලට ගියා එහෙනම් ආ. (බ)