රුපියල් පනස් නම ලක්ෂ හැත්තෑ තුන් දහස් දෙසිය එකොලහක් වටිනා ඇමරිකානු ඩොලර් හතලිස් හතර දහසක් තම ගමන් මල්ලේ සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද දහවල් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 308 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා යාමට කටුනායකට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.ටී වලවගේ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී එල්.ජී.ඩී.ජේ ගුණවර්ධන සහ නියෝජ්‍ය රේගු අධිකාරී පී.එල් වනිගසිංහ, සහකාර රේගු අධිකාරී නන්දන ජයතිලක යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාම්පුර් වලට ලැබුන එකට හරියන්න ද ? දන්නේ නැහැ (නදී