( රොමේෂ් මධුෂංක)
වවුනියාව, පාලමොටෙයි ප්‍රදේශයේ වෙඩි වැදීමකින් මියගිය තරුණයෙකුගේ මළසිරුරක් සොයාගත් බව වවුනියාව, ඕමන්ත පොලිසිය පවසයි.
ප්‍රදේශයේ ගෙවතු වගා කරමින් සිටි 21 හැවිරිදි ඕමන්ත, වෙප්පන්කුලම් ප්‍රදේශයේ පදිංචි සට්කුනරාසා දිසාන්ත් නමැති තරුණයෙකුගේ මළසිරුරක් එලෙස සොයාගත් බව පොලීසිය පැවසීය.
තරුණයා ගෙවතු වගා කරමින් සිටි ස්ථානයේ සිට මීටර් 100ක් පමණ දුරින් මළසිරුර හමුවී ඇති අතර, තරුණයාගේ ශරීරයේ වෙඩි සලකුණක් පවතින බවද පොලිසිය සඳහන් කර ඇත.
තරුණයාගේ මරණය සියදිවි නසාගැනීමක්ද ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගෙන නොමැති අතර, මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහලේ මෘත තැන්පත් කොට ඇති බවට පරික්ෂණ සිදුකරන ඕමන්ත පොලීසිය වැඩිදුරටත් පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වෙඩි වැදී තරුණයෙක් මරුට