වොඩ් පෙදෙසේදී ඔක්තෝබර 29 වැනි දා පැවති උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසු විරෝධතාවයේ දී සශිනි සංදීපනී කුමාරසිංහ සිසුවියකට පහර දුන් බව කියන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ඔහු කිරුළපොන පොලිසියේ සේවය කරන බව දැනගන්නට ඇත.
මෙම උද්ඝෝෂණයේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති නිලධාරීන් කවුරුන්ද යන්න හදුනාගෙන ඔවුන්ට විරුද්ධව විනයානුකූල පියවර ගන්නැයි මානව හිකිමකම් කොමිසම පසුගිය දා නිර්දේශ කළේය.
එම නිලධාරීන්ට නියෝග නිකුත් කළ නිලධාරීන් හා මේ ක්‍රියාවලිය අධීක්ෂණය කළ නිලධාරීන් කවුරුන්දැයි යන්න ද සොයා බලා විනයානුකූල පියවර ගන්නැයි කොමිසම නිර්දේශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාධිපති යුගයේත්, යහපාලනයේත් වෙනස පේනවා නේද? යහපාලනය වෙනුවෙන් හඩ නඟපු අපිට හරිම සතුටුයි. (නි)
පුද්ගලයාගෙන් පුද්ගලයට පෞරුෂත්වය, ආත්ම විශ්වාසය, ගතිගුණ ,පවුල් පරිසරය වෙනස්ය. නිල ඇදුම දා ගත් විට සමහරෙක් නිලය සමගම ගතිගුණ සමව බැබලෙත්. සමහරක් නිල ඇදුමෙන් රස්නය ගෙන බැබලෙත්. මහජනතාව තමුන් ඉදිරියට එන පොලිස් නිලධාරියාගේ හැසිරීම අනුව ඔවුන්ගේ පවුල් පරිසරය තේරුම් ගත යුතුව ඇත.(හේ)
අනේ අපේ රටේ මිනිස්සු! මේ සිද්ධියේ දර්ශන පත්තරවල ගිය නිසයි මෙහෙමවත් වුණේ. අනිත් කට්ටිය ඔලු පලාගත්තේ එතකොට පාරේ ඇදගෙන වැටිලා වෙන්න ඇති. එතකොට ඒවට දඬුවම් කෝ? (නි)
ජයවික්‍රම සහ රාජාගේ කතාවලට මමත් එකඟයි. හැමදාම වුණා වගේ මෙතනදීත් උඩින් ඕඩර් දීපු අය හැංගිලා. පල්ලෙහා එකා පරිප්පුව කනවා.(හේ)
ශානිකා, ඔබ නිවැරදියි. ජලය උස් තැන් වලිනුත් ගැලිය යුතුයි. (නි)
එතකොට "වැටුන ළමයෙක් නැගිටෙව්වා මිසක් පහරදුන්නේ නැහැ " කියා වගකීමෙන් ප්‍රකාශ කරලා මහජනතාව නොමග යැවීමට උත්සාහ කරපු එක්කෙනා නොවෙයිද මේ කතාව කියන්නේ ?? (හේ)
මේ උසස් නිලධාරියා තමාගේම දරුවෙකුට නම් මේ වගේ පහරදෙයිද? (නි)
වැටුන අයට ගහන්න කියල කවුරුවත් අණ දෙන්නේ නෑනේ. තම තමන්ගේ මොලයෙන් කල්පනා කරලා තීරණ ගන්න ඕන. වැටුන ගැහැණු ළමයෙකුට පොළකින් ගහනවද මොලයක් තියෙන කෙනෙක්. (ම)
කෙනෙකුගේ රැකියාව නැති වෙනකොට සතුටු වෙන මිනිස්සු ඉන්න රටක් මේක.අපි මෙම ප්‍රශ්නේදී මධ්‍යස්ථ වෙන්න ඕන.ළමයින් ඉගෙන ගන්න අාවනම් ඉගෙන ගන්නේ නැතිව පණ්ඩිත වැඩ කරන්න යනවා දැන් පේනවනේ ලැබෙන අහිතකර ප්‍රතිපල.(ම)
ඉතා හොඳ තීරණයක් (නි)
මෙතුමා ක්‍රියාත්මක කළේ ඉහළින් ආ නියෝගයක්ද කියලා කවුද දන්නේ... (නි)
පොලිසියට එසේ සිවිල් ජනතාවට පහරදීමට බලයක් තිබෙනවද? (නි)
හැමදෙනාම පොලිසියට බනිනවා. ඔය ළමයින්ව පාරට බස්සපු විප්ලවකාරයන්ට කවුරුත් මුකුත් කියන්නේ නැද්ද. ඇමතිලා කියන්නේ ප්‍රශ්නවලට විසඳුම් දීලා තිබෙද්දී මේ කලහකාරී වැඩ පටන්ගත්තේ කියලා. (ම)
ළමයන්ට අසාධාරණක් වුනාම එයාලට විරුද්ධ වෙන්නේ නැතුව අපිද විරුද්ද වෙන්නේ (හේ)
අන්තිමට අසරණයා ගෙදර. සියල්ලෝ සතුටින් විසිර ගියහ. (නි)
ඇත්තටම එදා මොන හිතකින් එහෙම පහරදුන්නාද මන්දා? (නි)
මේ තීරණය අනෙක් අයටත් හොඳ පාඩමක් (නි)
මේ තීරණය ගැන අපි සතුටුයි (නි)
ඔය නිල ඇඳුම ගැළවෙන දවසට තේරෙයි කළ වැඩේ බරපතළකම (නි)
මොහු ආයෙත් පොලිස් දෙපාර්තමේන්තුවට ගන්න නම් එපා. (නි)
මේ සිද්ධිය ලංකාදීපයේ ඡායාරූප බොහොමයක් සමඟ පළවුණා. එනිසා හැමෝගෙම ඇස් ඇරුණා. යට ගැහෙන්න තිබුන ක්‍රියාවක් හෙළිදරවු කළාට ලංකාදීපයේ මාධ්‍ය මෙහෙවරට ස්තුතියි! (නි)
සකුන්තලාගේ අදහස් සත්‍යයි.(ම)
කෙනෙකුට අකටයුත්තක් වෙනතුරු බලාඉන්නේ නැතුව මේවා නිවැරදි කරගන්න බලමු ඉදිරියේදීවත්. (නි)
වෙන රටක නම් අදාළ අමාත්‍යංශය භාර නිලධාරියා සිද්ධිය සිදුවූ දිනම ඉල්ලා අස්වෙනවා. (නි)
වැරදි වැඩ කළ අයට දඬුවම් දීම හොඳයි. නමුත් මෙතන වතුර ගිහින් තිබෙන්නේ මිටි තැනින් පමණයි. ඔහුට සිසුන්ට ගැසීම සඳහා අණදුන් උසස් නිලධාරීන්ට දඬුවම් නැද්ද? (නි)
අන්න හොඳයි! (නි)
මේ දවසේ මහා රෝහලේ සැත්කම් කල් ගියා, දැන් මේ ඉගෙන ගන්න ළමයින් කැමතිද තමන්ගේ උද්ඝෝෂණ නිසා පාර අවහිර වී බාධා වුන ලෙඩෙක් තමන්ට නඩු දානවාට ? පොලිසියට බැනලා විතරක් මදි. සිසුන්ටත් වගකීමෙන් හැසිරෙන්න උගන්වන්න ඕන. (බ)
ඔය නිල ඇඳුම මහා පුදුම ඇඳුමක්. ඕක ඇඟට දාගත් ගමන් මහා පුදුම හයියක් ගාම්භීර ගතියක් ඇඟට එන්නේ එයාලගේ. (නි)
ජලය පහත් තැනින් ගලායයි. (නි)
සිසු සටනට ජයවේවා! (නි)
ලංකාවේ කාලෙකින් ගොඩක් හොඳ දෙයක් කරලා. මම ඉන්නේ පිටරටක වුණත් මේ තීරණය ගත් සැමට ස්තුතිය පළකරමි! (නි)
මෙයාට අණදුන් ලොක්කෝ නිදහස්. මේ පොඩ්ඩා ගස්. මෙහෙම දෙයකදී ප්‍රශ්නයට ගෑවුණ ඔක්කොටම දඬුවම් දෙන්න ඕනෑ. (නි)
යහපාලනයට පින් සිද්ධවෙන්න දැන් රටේ නීතිය ටික ටික හැදෙනවා වගේ (නි)
වහලුන් වශයෙන් නැතුව මිනිසුන් වශයෙන් ජීවත්වෙන්න කැමති මිනිසුන්ට නම් ඉතාම හොඳ ප්‍රවණතාවක්. (නි)
එදා මේ සිසුවියට ගහපු පින්තූරය දැක්කහම අපි යහපාලනයට කතිරය ගහලා ආයෙත් වතාවක් රැවටුනාද කියලා හිතුනා. ඒත් මේ පුවත අහලා අද මට පොඩි සතුටක් දැනුනා. ඔහොම යමු (නි)
ලොකු පොඩි සැමට එකම නීතිය නොවේද? (නි)
යහපාලනය කිවුවේ මෙන්න මේ දේට. කාලයක් ගියාම මිනිසුන්ට තේරේවි මේ දේවල් වල වටිනාකම. එතෙක් යහපාලනයට සමච්චල් කරාවී (නි)
මෙයාට දඬුවම් ලැබීම හොඳ දෙයක්. එහෙත් පරීක්ෂණය පැවැත්වෙන තුරු සේවය අත්හිටුවීමක් සිදුවීම පමණයි නේද සිදුවෙලා තියෙන්නේ. මේ සිද්ධියේදී ප්‍රසිද්ධියේ ජනතාවට බොරු කිව්ව අයට එරෙහිව රජය පියවරක් ගතයුතුයි. රජයේ සේවකයකු තම ඉහළ නිලධාරීන් හරහා සහ විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා හරහා ජනතාවට වගකිවයුතුයි. (නි)
බලන්නකෝ අර වැටිලා සිටි සිසුවිය නැගිටවන්න ගිය අපේ පොලිස් පරීක්ෂකතුමාට වුණ දේ. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේනේ. පොලිස් පරීක්ෂකතුමා ඒ ළමයාගේ ඇඟට අතවත් තියෙන්නේ නැතුව නැගිටවන්නයි හැදුවේ. බලන්නකෝ වුණ වැඩේ. (නි)
"මිටි තැනින් යයි වතුර ගලා" කියන්නා වගේ පොලිස් පොඩ්ඩන්ට දඬුවම්, ලොක්කන්ට උසස්වීම්. මේකෙදි පොලිසියට ආවේගශීලීව අණදුන්නා කියන අය බලයෙන් පහවුණු දවසකවත් උසාවියට ගෙන්නමු නේද? (නි)
අනේ හොඳයි ඒක නම්. (නි)
මේ ප්‍රශ්නයේදී වැඩියෙන්ම මහජන අවධානය යොමුවීමට හේතුකාරක වූයේ පුවත්පතේ පළවුණ ඡායාරූපයන්ය. ඒ පිළිබඳව ඔබ පුවත්පතට හා ඡායාරූප ශිල්පියාට අපගේ ප්‍රණාමය! එත් අපේ පොලිසිය තමුන්ගේ වැරදි හදා ගන්නවා වෙනුවට මෙම ඡායාරූප ලබාගත් ශිල්පියාට එරෙහිව ප්‍රශ්නයක් ඇතිකිරීමට කටයුතු කරන්න පුලුවන්. ප්‍රවේශම් වන්න. ඔබ වැනි නිර්භීත ඡායාරූප ශිල්පීන් රටට අවශ්‍යයි (නි)
එතකොට ගහන්න අණදීපු අයගේ වැඩ? (නි)
ටික දවසකින් කවුරුවත් දන්නෙම නැතුව පස්සේ දොරෙන් ඇතුල් වෙලා වෙන පොලිසියක වැඩ කරයි .. ඕව හරියටම වෙනවද කියල බලන්න ඕන (බ)
ඒ අයිපීට ළමයි නැතුව ඇති .. ඉන්නවා නම් දෙවි පිහිටයි .. මෙලහකට ළමයින්ගේ මස් ටික බැටන් පොල්ලේ ඇති ..(බ)
ඉස්සර යූ එන් පී ආණ්ඩුව තියෙද්දී විවියන් ගුණවර්ධනට ගහපු පොලිස් නිලධාරියා උසාවියෙන් වැරදිකාරයා වුනාම වන්දියත් ආණ්ඩුවෙන් ගෙවල මිනිහට උසස් වීමකුත් දුන්න. ඒ අනුව මෙය ඉතා හොඳ වෙනසක්. (බ)
බොහොම හොඳයි (බ)
වැඩ තහනම් කරලා විතරක් මදි මගේ හිතට නම් (නි)
ජයවේවා මේ තීරණයට! (නි)
මහේෂ් මහත්තයාගේ කතාව හරියටම හරි (නි)
ඉහළින් ඕඩරය ලැබෙන්න ඇති පහරදීල හරි විරෝධතාවය විසුරුවන්න. ඒ ගැනත් මානවහිමිකම් කොමිසමේ අවධානය යොමු වුණොත් තමයි හොද (ම)
පොලිසියේ ලයිසන් චන්ඩි දැන් නිශ්ශබ්ද වෙයි (ම)
ඉතාම හොඳ තීරණයක් (නි)
සන්ධාන ආණ්ඩුව තියනකොට දහම් මහත්තයා ලංකාවේ නෙමෙයි වෙන්න ඇති ඉන්න ඇත්තේ. (නි)
ගහපු පොලිස් පරිෂකගේ පැත්ත ගන්නවා නෙවෙයි ඒත් ඔහුගේ ජායාරූප බලමින් අපි හැමෝම ඔහුට ගරහනවා නමුත් ඔහුට අණ දීපු අයගේ ජායාරුපත් නැහැ අපි ඔවුන් කවුද දන්නෙත් නැහැ. ගොඩ දෙනෙක්ගේ වරදකට හැමෝම එකතුවෙලා එකෙක්ට ගහනවා. මේකත් එක්තරා අතක වියරු මානසිකත්වයක් නේද. (ම)
කව්රු කව්රුත් පොලිසිය ගැනත් හිතුවනම් හොඳයි (බ)
ශානිකා හරි, නීතියට අනුව උසාවියකදී බොරු කියල ඔප්පුවොනොත් මොකද වෙන්නේ? යහපාලනය සම්පුර්ණ වෙන්න ඒ ටිකත් වෙන්න ඕනේ (බ)
එතකොට ගහන්න අණදීපු අයගේ වැඩ..?? (නි)
පොලීසිය මුලින්ම කළ යුතුව තිබුනේ මේ දෙයයි... එසේ වුවානම්...පොලිස් දෙපාර්තමේන්තුවට සිදු වු අපකීර්තිය... නැතිකරගෙන නැව් ගණන් ජනතාවට බොරු දෙසා බාමින් දෙපාර්තමේන්තුවේ කීර්තිය රැකගන්නට දැරෑ අසාර්ථක උත්සාහය අවශ්‍ය නොවනු ඇත... (බ)
එතකොට මෙයා වැටුණු සිසුවියට නැගිටින්න උදව් කළා කියල නේද නීතිඥයෙකුත් වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා කිව්වේ . උදව් කළ කෙනාට මෙහෙම වුනේ මොකද ? නැත්නම් ප්‍රකාශක තුමා බොරු කිව්වද ? බොරු කිව්වනම් බොරු කාරයට දඬුවම් නැතිද ? (බ)
මේ පරීක්ෂණය ඉතා ඉක්මනට වෙන බව පැහැදිලියි. ලංකාවේ පොලිසියේ අයත් නීතියට යටත් බව දැන්වත් තේරුම් ගැනීම වැදගත්. තමන් කරන්නේ රාජකාරියක්ය යන්නත් එය නිතියට අනුව කළ යුතුය යන්නත් තේරුම් නොගැනීම නිසයි මෙහෙම වෙන්නේ. (බ)
තවත් දරු පවුලකට බඩගින්නේ ඉන්න සිද්ධ වුණා නේද ඒකට කැමතිද (බ)
සිසුන්ට සාධාරණයක් ඉටුවීම ගැන සතුටුයි අපිට (නි)