IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වැඩි පීඩනය ශී‍්‍ර ලංකා පිලට

ටෙස්ට් තරග 100 ක් සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයන් පස්දෙනා අතරට එක්වීමට කුමාර් සංගක්කාර සූදානම් වෙද්දී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගය ජයගනිමින් තරගාවලිය සම කරගන්නේ කෙසේද යන්න පිළිඳව ශි‍්‍ර ලංකා නායකයා ඇතුළු කණ්ඩායම සිතමින් පසුවෙයි. ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වීමට නියමිත තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගය අද (16 වැනිදා) කොළඹ එස්. එස්. සී. පිටියේදී ආරම්භ වේ. වෝන් - මුරලිදරන් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී පළමු තරගය ජයගත්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මේ වන විටත් 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී. මෙම තත්ත්වය නිසා අද තරගයේදී ශී‍්‍ර ලංකා පිල වැඩි පීඩනයකට නතුවී තිබේ. අද ඇරඹෙන තරගය ජය පරාජයකින් තොරව අවසන් කිරීම  ඕස්ටේ‍්‍රලියාවට තරගාවලියේ ජයග‍්‍රහණය හිමිවන්නක් වන හෙයින් ශී‍්‍ර ලංකා කණ්ඩායම තවදුරටත් ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ සිවුවැනි ස්ථානයේම රැඳී සිටීමට නම් අද තරගය ජයගත යුතුව ඇත. කෙසේ වෙතත් පන්දු යවන්නන් සිවු දෙනකු සමගින් පිටියට පිවිසීමට සැරසෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගයේදී කඩුලූ 20 ක් දවාගැනීමට යන්නේ කෙසේද යන්නත් උනන්දුවෙන් බලා සිටිය හැකි නාටකයකි. ශී‍්‍ර ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ගේ අසාර්ථකභාවය නිසාම පිතිකරුවන් හත් දෙනකු සමගින් පිටියට පිවිසෙන ශී‍්‍ර ලංකා පිලට අද ඇත්තේ පන්දු යවන්නන් සිවු දෙනා තෝරා ගැනීම පමණි. එයද එතරම් අසීරු නොවන්නේ අජන්ත මෙන්ඩිස් මෙම තරගය සඳහා සලකා නොබැලීමට තේරීම් කමිටුව මේ වන විටත් තීරණය කර ඇති බැවිනි. වමතින් දඟ පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් සුවය ලැබීමෙන් පසුව ඊයේ (15 වැනිදා) නැවතත් පන්දු යවමින් සිටියේය. පළමු ටෙස්ට් තරග දෙකේදීම හොඳින් පන්දු යැවූ සුරාජ් රන්දිව් කිසියම් ආබාධයකට ලක්වී සිටින බවක් දැනගන්නටත් නැත. එහෙත් තුන්වැනි වේග පන්දු යවන්නකු පිළිබඳව ශී‍්‍ර ලංකා පිල කරුණු සලකා බලමින් සිටී. අද පිටියට පිවිසීමත් සමගම ටෙස්ට් තරග 100 කඩයිම පසුකළ පස්වැනි ශී‍්‍ර ලාංකිකයා ලෙස හිටපු නායක කුමාර් සංගක්කාර ටෙස්ට් ඉතිහාසයට එක්වෙයි. මුත්තයියා මුරලිදරන් (132), මහේල ජයවර්ධන (121), චමින්ද වාස් (111) සහ සනත් ජයසූරිය (110) ටෙස්ට් තරග ශතකයක් සම්පූර්ණ කළ සෙසු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ වෙති. එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී සංගක්කාර මෙතෙක් කී‍්‍රඩා කළ ටෙස්ට් තරග 18 දී රැුස්කර ඇති ලකුණු සංඛ්‍යාව 1864 ක් වන අතර ඊට ද්විත්ව ශතක තුනක්ද ඇතුළුව, ශතක හතක් ඇතුළත් වෙයි. එස්. එස්. සී. පිටියේදී ඔහුගේ ඉනිමක සාමාන්‍යය 74.56 කි. එස්. එස්. සී. පිටියේදී ටෙස්ට් ලකුණු රැස්කිරීම අතින් සංගක්කාර දෙවැනිව සිටින්නේ මහේල ජයවර්ධනට (2646) පමණි. සිය 100 වැනි ටෙස්ට් තරගයට සහභාගි වීම සම්බන්ධයෙන්  ඇතිවන හැගීම පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දුන් සංගක්කාර ඊයේ පෙරවරුවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡුාවකදී පවසා සිටියේ ටෙස්ට් තරග 100 ක් වෙනුවෙන් රට නියෝජනය කිරීමට ලැබීම භාග්‍යයක් ලෙද සලකන බවයි. සියවැනි තරගය වුවත්, පළමු වැනි තරගය වුවත් මෙය ටෙස්ට් තරගයක්. ටෙස්ට් තරගයකට ගිහිල්ලා එම තරගය ජයගන්න ලැබෙනවා නම් ඒ තරම් සතුටක් තවත් නෑ” -එය මගේ සියවැනි තරගයේදී කරගන්න ලැබෙනවා නම් එය අති විශේෂ සතුටක්” යයිද සංගක්කාර පැවසීය. ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව මෙතෙක් පැවැති ටෙස්ට් තරග දෙකේදිම ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට වැඩිම හානියක් කළ වේග පන්දු යවන්නා වන රයාන් හැරිස් කලවයේ ආබාධයක් නිසා අද තරගයට සහභාගි නොවෙයි. ටෙස්ට් තරග දෙකකදී කඩුලූ 11 ක් දවාගත් හැරිස්ගේ ආබාධය බරපතළ නැතත් ඉදිරියේ එන දකුණු අපි‍්‍රකානු, නවසීලන්ත සහ ඉන්දීය සංචාර නිසා හැරිස් සමගින් අවදානමකට මුහුණ දීමට සූදානම් නොවන  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තවත් ඉදිරි පෙළ වේග පන්දු යවන්නකු වන පීටර් සිඞ්ල් ඒ සඳහා ආදේශ කර තිබේ. සිය දෙවැනි දරුවාගේ උපත සිදුවන අවස්ථාවේදී තම බිරිඳ අසළින් සිටීමට සියරට බලා ගිය රිකී පොන්ටිං නැවතත් කණ්ඩායමට පැමිණ සිටින හෙයින්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේද වෙනසක් අපේක්‍ෂා කළ හැකි වුවත් එය මේ වන විටත් තීරණය වී තිබේ. පසුගිය තරගයේදී පොන්ටිංගේ ස්ථානයට කී‍්‍රඩා කළ ෂෝන් මාෂ් එම තරගයේදී ශතකයක් ලබාගත් හෙයින් ඔහුට අද ඇරඹෙන තරගයේදී පිතිකරු ලයිස්තුවේ පහළින් කී‍්‍රඩා කිරීමට සිදුවෙයි. මාෂ්ට අවස්ථාව සැලසීම සඳහා උස්මන් කවාජා කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. මේ සම්බන්ධයෙන්  ඕස්ටේ‍්‍රලියානු නායකයා පවසන්නේ -රිකී කොහොමටත් කණ්ඩායමේ තේරීමක්. ඔහු පැමිණෙන එක ඉතාමත් හොඳයි. ඒත් පළමු තරගයේදී ශතකයක් ලබාගත් නිසා ෂෝන් මාෂ් ඉවත දමන්නත් බෑ” -කොහොමටත් මේක උස්මන් කවාජාට අසීරු අවස්ථාවක්” යනුවෙනි.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම

ෂේන් වොට්සන්, පිලිප් හියුස්, රිකී පොන්ටිං, මයිකල් ක්ලාක් (නායක), මයිකල් හසී, ෂෝන් මාෂ්, බ‍්‍රැඞ් හැඩින්, මිචෙල් ජොන්සන්, පීටර් සිඞ්ල්, ටෙ‍්‍රන්ට් කෝප්ලන්ඞ් සහ නේදන් ලයන්.

ශී‍්‍ර ලංකා සංචිතය

තිලකරත්න ඩිල්ෂාන් (නායක), තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, සුරාජ් රන්දිව්, සුරංග ලක්මාල්, චානක වෙළගෙදර, ළහිරු තිරිමාන්න, රංගන හේරත්, සමින්ද එරංග, ධම්මික ප‍්‍රසාද්, සීක්කුගේ ප‍්‍රසන්න.



අදහස් (0)

වැඩි පීඩනය ශී‍්‍ර ලංකා පිලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site