(අංජුල මහික වීරරත්න)

අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවල සේවය කරන රජයේ පශු වෛද්‍යවරු වෙනත් අත්‍යාවශ්‍ය ප්‍රදේශවලට අනුයුක්ත කරන ලෙස පශු වෛද්‍යවරුන්ගේ සංගමය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා ඇත.

දැනට රජයේ පශු වෛද්‍යවරුන්ගේ දැඩි අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවලට පවා පශු වෛද්‍ය  නිලධාරීන් අනුයුක්ත කිරීම මගින් අවශ්‍යතා පවතින බොහෝ ප්‍රදේශවලට ඔවුන්ගේ සේවාවන් ලබා දීම ඉතාමත් දුෂ්කර වී ඇතැයි පශු වෛද්‍ය සංගමය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

බස්නාහිර පළාතේ  ඇතැම් ප්‍රදේශවලට රජයේ පශු වෛද්‍යවරුන්ගේ සේවාව අවශ්‍ය නොවන බව එම සංගමය පෙන්වා දුන්නේය. එමනිසා එවැනි ප්‍රදේශවල සිටින පශු වෛද්‍යවරු අත්‍යාවශ්‍ය ප්‍රදේශවලට යොමු කිරීම මගින් ඔවුන්ගෙන් විශාල සේවයක් ලබාගත හැකි බව ද එම සංගමය කියයි.

 එම ඉල්ලීම පරිදි එම පශු වෛද්‍යවරු අත්‍යවශ්‍ය ප්‍රදේශවලට මාරු කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.