‘මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මැයි රැළියට සහභාගි වු වෘත්තිය සමිති නායකකුගේ වැඩ තහනම් කිරිමට ආණ්ඩුවට ඇති අයිතිය මොකක්දැයි කියා රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති මුරුත්තෙටුවේ ආනන්ද හිමියෝ අද (09) වෘත්තිය සමිති එකාබද්ධ බල මණ්ඩල හමුවක දී අභයාරාමයේ දී ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කිවුව ආරක්ෂක හමුදාව හදන්නේ නැද්ද? (නි)
ශාසනික කටයුතු ගැන බලාගෙන ඉන්න හාමුදුරුවනේ. ඒක තමයි හොඳම දේ (නි)
අද කාලේ බොහෝ භික්ෂුන් වහන්සේලා පන්සලක බණක් කියනවා අහන්න හරිම අමාරුයි (නි)
නිම්මි, ඇත්ත, (හේ)
ඒ හේතුවෙන් වැඩ තහනම් කළා කියලා කොහොමද කියන්නේ.(හේ)
වින්සන්ට් මහත්තය කියපුදේ පිලිබඳ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. (ර)
මැයි රැලියට සහභාගී වූ එක නෙවෙයි වැඩ තහනමට හේතුව. ඇත්ත මොකක්ද කියල කියන්න. (අ)
ඒවානම් අනුමත කරන්න බැහැ.මොකද ඕනෑම කෙනෙකුට තම තමන් කැමති දේශපාලන මතයක් දරන්න නිදහස තියෙනවනේ. (අ)
මැයි දින පරාජයෙන් පසු මේ අය වියරු වැටිලා. දැන් මිනිස්සුට තේරෙනවා පුම්බල පෙන්නන හැදුවට නියම ශ්‍රීලනිප කොහෙද, වැඩි ජන බලය කාටද කියල. ඉතින් මොකක් හරි අල්ලගන්නවා එල්ලිලා මාධ්‍යය සාකච්ඡා තියල ඔක්සිජන් ගහන්න නායකයාට. (අ)
මහින්ද අගමැති කරලා තමයි පස්ස බලන්නේ කීව එ් ගිය ඡන්දෙදි. . මං ඊයේ දැක්ක හාමුදුරුවෝ පස්ස බලනවා .ඉතින් අපි කොහොමද කියන දේ පිළිගන්නේ ? (අ)
මෙම භික්ෂුන් වහන්සේගෙන් නිතරම අසන්නට ලැබෙන්නේ බුදුන්වහන්සේ ගැනවත්,බෞද්ධ ධර්මය ගැනවත් නොවේ. රාජපක්ෂ ධර්මය, රාපක්ෂ ආරක්ෂාව, සහ රාජපක්ෂ අනාගතය ගැන පමණි. අභයාරාමය දේශපාලන පක්ෂ කාර්යාලයක්ද? ජනතාව ධාර්මික මඟ සොයා ගත යුත්තේ කැසට් පටි ප්‍රයෝජනයට ගනිමින්ද යන්න සිතේ. (බ)
ගාල්ලේ මැයි රැළියෙන් පස්සේ උණ විකාරෙන් මාධ්‍ය සාකච්ඡා මොකටද අපේ හාමුදුරුවනේ ! (බ)
සැම මිනිසෙකුටම තමන් කැමති දේශපාලන පක්ෂය, මතය වෙනුවෙන් පෙනී සිටින්න නිදහස තිබිය යුතුයි, රජයේ සියලුම නිලධාරීන් පවතින රජය කියන, කරන සියල්ල අනුමත කළල යුතුයි කියල නීතියක් නැහැ. පසුගිය දිනවල ප්‍රචාරය වුනා මෙසේම මත්තල ගුවන් තොටුපොළෙත් සේවකයන් කිරුලපොන මැයි රැලියට සහභාගි වීම නිසාම වැඩ තහනමකට ලක් වී ඇති බව (බ)
වැඩ තහනමට ඇත්ත හේතුව මොකක්ද කියලා මෙහි කිසිදු අදහසක් පල නොවී දේශපාලනය ගාවගෙන අනම් මනම් දෙඩීමේ තේරුම කුමක්ද ? කොහෙද යන්නේ මල්ලේ පොල් කතා මගින් පාඨකයා දෙගිඩියාවෙ තැබීම හරි නැහැ නේද ? වෙනත් වෘත්තීය සමිති නායකයින් මහින්ද මහතාගේ මැයි රැලියට සහභාගී වුනේ නැද්ද ? එතකොට එම අයගෙත් වැඩ තහනම් වුනාද ? අපිත් කැමතියි ඇත්ත දැනගන්න.(බ)
ගාල්ලේ මැයි රැලියට සෙනග ගෙනාවේ සජින් වාස් කියල අර මහාචාර්ය වරයෙක් මහා දුකකින් කිව්වේ ඇයි කියල පොල්ගම්පොල දන්නවද (බ)
ඉක්මනින්ම මේ ආණ්ඩුව ගෙදර යවන්න. ඉතාම පහත් පෙළේ දේශපාලනයක්! (බ)
ඔක්සිජන් ගහන්න වෙයි ඉස්සරහට මේ රටේ මිනිස්සුන්ට (බ)
වින්සන්ට් මහතාණෙනි, හරියටම ඔබ කියූ ටිකමයි මගෙත් හිතට ආවේ. (ර)
අවසරයි හාමුදුරුවනේ, වඳින්නම් හාමුදුරුවනේ, බුදුදහමට අදාළ දේ පමණක් කතාකරන සේක්වා..! වෘත්තීය සමිති ගැනයි, දේශපාලකයින් ගැනයි මොකටද ඔබ වහන්සේ කලබල වන්නේ? අනෙක් භික්ෂුන් වහන්සේලා අපහසුතාවයට පත්වෙනවා නේද ඔබවහන්සේලා කරන මේ දේවල් නිසා. (නි)
වින්සන්ට්, උපාලි, මේ හාමුදුරුවෝ වගේම මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් අපි දන්නා කාලයේ ඉඳන්ම රටේ ප්‍රශ්න වලට මැදිහත් වුණ දෙදෙනෙක්. ඔබ ඉස්සර ඉඳලම පත්තර සහ අනික් මාධ්‍ය වලින් දුන් ප්‍රවෘත්ති ගැන උනන්දුවක් තිබුනා නම් ඒ බව මතක ඇති. (නි)