IMG-LOGO

'වැඩ තහනම වැරදිලු'

‘මහින්ද රාජපක්ෂ හිටපු  ජනපති  මැයි  රැළියට  සහභාගි වු වෘත්තිය සමිති නායකකුගේ  වැඩ තහනම්  කිරිමට ආණ්ඩුවට  ඇති  අයිතිය  මොකක්දැයි කියා රාජ්‍ය සේවා  එක්සත්  හෙද සේවා  සංගමයේ  සභාපති මුරුත්තෙටුවේ  ආනන්ද හිමියෝ  අද (09) වෘත්තිය සමිති  එකාබද්ධ බල මණ්ඩල හමුවක දී  අභයාරාමයේ  දී  ප්‍රශ්න කළේය.

_DSC0224



අදහස් (0)

'වැඩ තහනම වැරදිලු'

ඩිලාන් Tuesday, 10 May 2016 12:27 AM

අර කිවුව ආරක්ෂක හමුදාව හදන්නේ නැද්ද? (නි)

:       0       0

සත්‍යයා Tuesday, 10 May 2016 12:59 AM

ශාසනික කටයුතු ගැන බලාගෙන ඉන්න හාමුදුරුවනේ. ඒක තමයි හොඳම දේ (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 10 May 2016 01:14 AM

අද කාලේ බොහෝ භික්ෂුන් වහන්සේලා පන්සලක බණක් කියනවා අහන්න හරිම අමාරුයි (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 10 May 2016 03:07 AM

නිම්මි, ඇත්ත, (හේ)

:       0       0

චන්දිකා Tuesday, 10 May 2016 03:11 AM

ඒ හේතුවෙන් වැඩ තහනම් කළා කියලා කොහොමද කියන්නේ.(හේ)

:       0       0

මහේෂ් Tuesday, 10 May 2016 04:07 AM

වින්සන්ට් මහත්තය කියපුදේ පිලිබඳ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. (ර)

:       0       0

චන්දි Monday, 09 May 2016 11:34 AM

මැයි රැලියට සහභාගී වූ එක නෙවෙයි වැඩ තහනමට හේතුව. ඇත්ත මොකක්ද කියල කියන්න. (අ)

:       0       0

ඉසුරන්දි Monday, 09 May 2016 11:40 AM

ඒවානම් අනුමත කරන්න බැහැ.මොකද ඕනෑම කෙනෙකුට තම තමන් කැමති දේශපාලන මතයක් දරන්න නිදහස තියෙනවනේ. (අ)

:       0       0

ගම්පොළගෙදර Monday, 09 May 2016 11:58 AM

මැයි දින පරාජයෙන් පසු මේ අය වියරු වැටිලා. දැන් මිනිස්සුට තේරෙනවා පුම්බල පෙන්නන හැදුවට නියම ශ්‍රීලනිප කොහෙද, වැඩි ජන බලය කාටද කියල. ඉතින් මොකක් හරි අල්ලගන්නවා එල්ලිලා මාධ්‍යය සාකච්ඡා තියල ඔක්සිජන් ගහන්න නායකයාට. (අ)

:       0       0

ලාලිත Monday, 09 May 2016 12:01 PM

මහින්ද අගමැති කරලා තමයි පස්ස බලන්නේ කීව එ් ගිය ඡන්දෙදි. . මං ඊයේ දැක්ක හාමුදුරුවෝ පස්ස බලනවා .ඉතින් අපි කොහොමද කියන දේ පිළිගන්නේ ? (අ)

:       0       0

වින්සන්ට් Monday, 09 May 2016 12:47 PM

මෙම භික්ෂුන් වහන්සේගෙන් නිතරම අසන්නට ලැබෙන්නේ බුදුන්වහන්සේ ගැනවත්,බෞද්ධ ධර්මය ගැනවත් නොවේ. රාජපක්ෂ ධර්මය, රාපක්ෂ ආරක්ෂාව, සහ රාජපක්ෂ අනාගතය ගැන පමණි. අභයාරාමය දේශපාලන පක්ෂ කාර්යාලයක්ද? ජනතාව ධාර්මික මඟ සොයා ගත යුත්තේ කැසට් පටි ප්‍රයෝජනයට ගනිමින්ද යන්න සිතේ. (බ)

:       0       0

බණ්ඩා Monday, 09 May 2016 12:54 PM

ගාල්ලේ මැයි රැළියෙන් පස්සේ උණ විකාරෙන් මාධ්‍ය සාකච්ඡා මොකටද අපේ හාමුදුරුවනේ ! (බ)

:       0       0

චින්තක Monday, 09 May 2016 01:09 PM

සැම මිනිසෙකුටම තමන් කැමති දේශපාලන පක්ෂය, මතය වෙනුවෙන් පෙනී සිටින්න නිදහස තිබිය යුතුයි, රජයේ සියලුම නිලධාරීන් පවතින රජය කියන, කරන සියල්ල අනුමත කළල යුතුයි කියල නීතියක් නැහැ. පසුගිය දිනවල ප්‍රචාරය වුනා මෙසේම මත්තල ගුවන් තොටුපොළෙත් සේවකයන් කිරුලපොන මැයි රැලියට සහභාගි වීම නිසාම වැඩ තහනමකට ලක් වී ඇති බව (බ)

:       0       0

පරාක්‍රම Monday, 09 May 2016 01:30 PM

වැඩ තහනමට ඇත්ත හේතුව මොකක්ද කියලා මෙහි කිසිදු අදහසක් පල නොවී දේශපාලනය ගාවගෙන අනම් මනම් දෙඩීමේ තේරුම කුමක්ද ? කොහෙද යන්නේ මල්ලේ පොල් කතා මගින් පාඨකයා දෙගිඩියාවෙ තැබීම හරි නැහැ නේද ? වෙනත් වෘත්තීය සමිති නායකයින් මහින්ද මහතාගේ මැයි රැලියට සහභාගී වුනේ නැද්ද ? එතකොට එම අයගෙත් වැඩ තහනම් වුනාද ? අපිත් කැමතියි ඇත්ත දැනගන්න.(බ)

:       0       0

ගාල්ලගේ Monday, 09 May 2016 02:03 PM

ගාල්ලේ මැයි රැලියට සෙනග ගෙනාවේ සජින් වාස් කියල අර මහාචාර්ය වරයෙක් මහා දුකකින් කිව්වේ ඇයි කියල පොල්ගම්පොල දන්නවද (බ)

:       0       0

තාරක Monday, 09 May 2016 02:27 PM

ඉක්මනින්ම මේ ආණ්ඩුව ගෙදර යවන්න. ඉතාම පහත් පෙළේ දේශපාලනයක්! (බ)

:       0       0

නිම්මි Monday, 09 May 2016 02:36 PM

ඔක්සිජන් ගහන්න වෙයි ඉස්සරහට මේ රටේ මිනිස්සුන්ට (බ)

:       0       0

උපාලි Monday, 09 May 2016 03:45 PM

වින්සන්ට් මහතාණෙනි, හරියටම ඔබ කියූ ටිකමයි මගෙත් හිතට ආවේ. (ර)

:       0       0

නන්ද Monday, 09 May 2016 06:05 PM

අවසරයි හාමුදුරුවනේ, වඳින්නම් හාමුදුරුවනේ, බුදුදහමට අදාළ දේ පමණක් කතාකරන සේක්වා..! වෘත්තීය සමිති ගැනයි, දේශපාලකයින් ගැනයි මොකටද ඔබ වහන්සේ කලබල වන්නේ? අනෙක් භික්ෂුන් වහන්සේලා අපහසුතාවයට පත්වෙනවා නේද ඔබවහන්සේලා කරන මේ දේවල් නිසා. (නි)

:       0       0

රමණි Monday, 09 May 2016 10:55 PM

වින්සන්ට්, උපාලි, මේ හාමුදුරුවෝ වගේම මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් අපි දන්නා කාලයේ ඉඳන්ම රටේ ප්‍රශ්න වලට මැදිහත් වුණ දෙදෙනෙක්. ඔබ ඉස්සර ඉඳලම පත්තර සහ අනික් මාධ්‍ය වලින් දුන් ප්‍රවෘත්ති ගැන උනන්දුවක් තිබුනා නම් ඒ බව මතක ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site