ඇමරිකානු ජාතික යුවලක් විස්කොන්සින් පෙදෙසේ නිවාඩුවක් ගතකරමින් සිටියදී සැමියාට එල්ල වූ හදිසි වලස් ප්‍රහාරයකින් ඔහු බේරා ගැනීමට බිරිදට හැකි විය.
මිදුලේදී වලහා සමග සැමියා පොරබදමින් සිටියදී බිරිද ගෙට දුවගොස් තුවක්කුව එළියට ගත්තාය.
එහෙත් තුවක්කුවට පතුරම් දැමීමටත් ඉන් වෙඩි තැබීමටත් ඇයට නොහැකි නිසා තුවක්කුව දෑතින් අල්ලාගත් ඇය වලහාගේ හිසට වැරෙන් පහරක් එල්ල කළාය.
එම පහරත් සමග වලස් ග්‍රහණය බුරුල් වීමත් සමගම සැමියා සහ බිරිද ගෙට දුවගොස් දොර වසාගත් අතර වලහාද ඔවුන් පසුපස විත් ස්තෝප්පුවට වී රැක සිටියේය.
පසුව ලේ ගලන තුවාල සහිතව සිටි සැමියා ජනේලයෙන් වලහාට වෙඩි තබා මරා දැම්මේය.
ඉන්පසු බිරිද සැමියාව රෝහලට ගෙන ගිය අතර සැමියා දැන් කියන්නේ මින්පසු බිරිදටත් වෙඩි තැබීමට පුහුණු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් හරි. ඔක්කොගෙම කයිවාරු තමාට දෙයන් වෙනකම් තමයි. වලහ ඉස්තෝප්පුවේ රැකගෙන ඉන්නවා නම් ලේ ගිහින් මැරෙනකම් ඉන්නද? කුහක මිනිස්සු. (නි)
වෙඩි තියන්න පුරුදු කරාට කමක් නෑ අර අනෙක් ඇමෙරිකානු යුවල වගේ දරුවෝ 16 ක් නම් හදන්ඩ එපා. (අ)
ඔය වැඩේට ඉතින් මොනවටද තුවක්කුවක් හොද පොල්ලකින් පාරක් දුන්නනම් හරි නේ .(අ)
ඔන්න මලයෝ බඩු. හැඳි මිටේ නෙවෙයි, තුවක්කු මිටේ දිග. වලහට වුණත් එක පාරයි. කාලා වරෙන්කො ගෙට. (නි)
විස්වාස කරන්න බැරි වුණත් වීර ක්‍රියාවක්. (නි)
භයානක වැඩක් ගෑනු අයට පුරුදු කරන එකනම්. (නි)
බේරුනාට පස්සේ මැරුවේ ඇයි? (නි)
පන බේරාගත්ත එක වෙනම වැඩක්! වඳ වේගෙන යන සත්ව විශේෂයක් නිසා, වලහාට වෙඩිතබා මැරූ චෝදනාවට අපේ රටේ වනජීවී නිලදාරීන් නම් උසාවියට දාලා දඩත් ගහලා (නි)
වලහා මීය කඩන්නේ උඩ බලාගෙන. කඩන,කඩන මී වද පහත ඉන්නේ වැලහින්න කියලා හිතාගෙන ,පහතට දික්කරනවලු. මෙය බලාගෙන ඉන්න වැද්දා/මිනිසා ,මී වද අරන් මාරුවෙනවලු. බැරිවෙලාවත් රණ්ඩුවට ආවා නම් යටිබඩ කැසුවා නම්, කිති නිසා වලහට දුවන්ට රට මදිලු. සුද්දා දන්නේ නැතුව ඇති වලහගේ කිති නිලය... (නි)
ඇමරිකාවේ කාට හරි ලොකු වාතයක් ගියත් අනික් රටවල මුලින්ම දාන්නේ ඕක. (නි)
මාලා වගේ බිම බුදියගත්තා නම් ඉවරනේ. අනේ පවු අහිංසක වලහා (නි)
වෙඩි තියන්න දන්නෙ නැති නිසානෙ වලහගෙ ඔලුවට ගහලා සැමියාව බේරගත්තෙ. වෙඩි තියන්න පුළුවන්කම තිබුණ නම් මෙලහකට සැමියා පරලොව. ගෑණු උදවිය කලබල වුණහම හැසිරෙන විදිය දැකලා ඇතිනෙ. (නි)
අපේ අර අහවල් දේශපාලකතුමා ගමනක් යනකොට වලස්සු දෙන්නෙක් ඉස්සරහට එනවලු. මෙතුමාව දැකපු එක වලහෙක් මැරුනා වගේ නිදාගත්තලු .අනික් වලහා දුවල ගිහිල්ල ගහකට නැග්ගලු. (නි)
නියම වැඩ
වලසගෙන් බේරිලා ආවා නම් අහවල් දේකටද ඌව මරන්නේ? මේ සත්තු ඉන්න පළාත් වලට චාරිකා කරනවා නම් මෙවන් දේවල්ද සාමාන්‍ය සිදුවීම් විය යුතුය. පව් ඒ අසරණ සතා. හරියට ලංකාවේ අලින්ගේ වනාන්තර මිනිහා අල්ලාගෙන අන්තිමට අලියා ගෙවල් කැඩුවයි කියලා ඒ සතාව මරනවා වගේ වැඩක්නේ මේකත්. (නි)
ලංකාවේදී නම් මම අහලා තියෙනවා ඔය වෙලාවට වලහට කරන්න ඕනෑ වැඩක්. වලහා අත වන වනා අඬ ගහනවලු, මිනිහා දුවනකොටත්. (නි)
ඉස්සෙල්ලම බලන්න ඕනෑ තුවක්කුවට බලපත්‍රයක් තියෙනවද කියලා. ඊළඟට වලහා මැරීම සත්ව ආරක්ෂක පනතේ හැටියට වරදක් නෙමෙයිද කියලා. අපි නං එහෙමයි. (නි)
බිරිද වලහ කෙසේවෙතත් මහත්තයට නම් වෙඩි තියයි (නි)
කට්ටියගේ ප්‍රතිචාර හරියට ලංකාවේ වුණා වගේ නේ. (නි)
අපේ රටේ ගැහැණු නම් රෙදි කඩාගෙන, මරලතෝනි දීගෙන ගේ වටේ දුවනවා ඇරෙන්න ඔහොම දෙයක් කරයිද? (නි)
සහතික ඇත්ත දයා. අනික වෙඩිතියන්න දැනගෙන හිටපු නැතිඑක හොදා. වෙඩි තිබ්බා නම් අනිවාර්යයෙන් මිනිහට වදින්නේ (නි)
දයා හරියට හරි, මනුස්සයෙක් රවලා බැලුවත් රැට ඇවිල්ලා මරණ කාලේ වලහා ගැන මොන කතාද? (නි)
රජින්ද්‍ර, ඔයාගේ කතාව සහතික ඇත්ත. මටත් හිතුනේ ඒ දේම තමයි ... (නි)
මෙතන මාර සත්ව අවිහිංසාවාදියෝ ටිකක්නේ ඉන්නේ. තමාව මරන්න හදලා තුවාල වුණා නම් ඔය කව්රු වුණත් කරන්නේ ඔය ටිකම තමයි (නි)