මේ අපරාධ රැල්ල මෙතෙක් කල් තිබුනේ නැහැ. ඒක මර්දනය කරන්න මේ අයට කිසිම උවමානාවක් නැහැ. මේව අපේ කාලෙ මර්ධනය කරල තිබුනෙ,දැන් හැම තැනම කුඩු පිරිල, අද මත් කුඩු බොහොම ලාබෙට තියෙනව ඒව ගම් වලටත් ඇවිල්ල, අපේ දරුවන්ට ලොකු ප්‍රශ්නයක් අද මේ විදියට සමාඡය පිරිහෙමින් තිබෙනව මෙහෙම ගියොත් ජනතාවට කිසිම නිදහසක් නැ ඒ අයට පමණයි නිදහස, අනික් අයට නිදහසක් නැ ඒ ගැන කනගාටුටවක් ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හතරලියද්දේදි පැවැසිය.
හතරලියද්ද තුම්පනේ කොලුගල රඡමහවිහාරස්ථානයේදි හිටපු ඡනපති වෙනුවෙන් කළගුණ සැලකිමේ හා ආශිර්වාද ජය පිරිත් දේශනයක් හා සාංඝික දානය අවසානයේදි මාධ්‍ය වේදින් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
අපරාද රැල්ල පටන් ගත්තෙ විරකැටියෙන් වීරකැටියෙ නාඳුනන වෙඩික්කරුවෙක් පුද්ගලයෙක් මරා දැම්ම ඊට පස්සෙ කොළඹ චමින්ද කියල කෙනෙකුට වෙඩි තිබ්බ ඊට පස්සෙ මාතර කෙනෙකුට රාඡගිරියෙදි වෙඩි තිබ්බ මිගමුවෙදි පොදුජන එක්සත් පෙරමුනේ පතාකයෙක් වෙඩි තියල මරා දාල අද උදේ තව කෙනෙකුට වෙඩි තියල තුවාල කර තියෙනව මේ රැල්ල රජය නැවැත්විය යුතුයි. මේ අපරාධ රැල්ල මෙතෙක් කල් තිබිච්ච නැති එකක්.
අවුරුද්දකට වැඩි කලක් පාලනය කර සංවර්ධනය සම්පුර්නයෙන්ම ඇන හිටලා ආර්ථිකය සම්පූර්නයෙන්ම කඩා වැටිච්ච වෙලාවක් මේක.ඡාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගැනිමට ඔවුන් දැමු සියලු කොන්දේසි වලට එකග වෙලා දැන් ණය ගන්නයි බලාපොරොත්තුව. හැබැයි ඇමතිවරු වගයක් කියනව ඇහුණ මම ණය අරගෙන තියනවලු කවුරුත් දන්නෙ නැතිලු. ඒක දැන් ලු හොයාගෙන යන්නෙ.පොත් පත් වලත් නැතිලු එහෙනම් මට කියන්න තියෙන්නෙ පොත් පත් වල නැත්තම් ඉතින් ගෙවන්නෙ නැතුව ඉන්න කියල. මිනිස්සු රැවැට්ටීමෙත් එක්තරා සිමාවක් තියෙනව එයින් එහාට රවටන්න පුළුවන් කමක් නැ ලෝකෙ ණය ගන්න ක්‍රමවේද තියෙනවා අයි.එම්.එෆ් අන්තර් ජාතික වාර්තාව බැලුවොත් ඒ අයම බොහොම පැහැදිලිව කියල තියෙනව මේක කළමනාකරනය කරගෙන ඉදිරියට යන එක විතරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතා අහන්න අපි මැරිලා ඉපදුනේ නැහැ.(හේ)
පන්සලට ගියත් හිතේ තියෙන්නේ තරහව (නි)
කොහොම හිටපු මනුස්සයෙක්ද? ප්‍රාදේශීය සභා රැස්වීමක තරම්වත් සෙනගක් අද මෙතුමාට නැහැ. මේක තමයි ලෝක ස්වාභාවය.(හේ)
මේ දේවල් අහලා ඇත්තටම හිනා යනවා.(හේ)
ඔබතුමාගේ කාලේ සිද්ධ වෙච්ච වැරැදි පෙනුනේ නැද්ද ඒ කාලේ.(හේ)
සිංහල ජාතියට විතරක් නොවේ හැමෝට එකම නායකයා ඔබ තුමා මහින්දට ජය වේවා (හේ)
අප්පෝ කියලා වැඩක් නෑ.ගිය කාලේ නිසා තමයි මේ අපරාධ වැඩිවෙලා තියෙන්නේ.(හේ)
ගිය කාලේ ප්‍රතිඵල තමයි මේ.(හේ)
දැන් අපේ රටේ ජනතාව අහුවෙන්නේ නෑ.(හේ)
දැන් මොනවද මන්දා කියන්නේ.(හේ)
පසුගිය කලේනම් මැරුණ ගණන හොයාගන්න බැරිවෙන්න සුත්තර තිබනා සුදු වැන් වල පිහිටෙන් (හේ)
දැන් ඔය කතා විශ්වාස කරන්න කවුරුත් දැන් නෑ.(හේ)
මෙතුමා මොකුත්ම දන්නෙ නැතුව ඇති. (නි)
මොකුත්ම වෙන් නැති රටේ වෙන එකම දේ මහින්ද මහත්මයට බනින එක පමණි . (ර)
ඇත්තටම කියනවනම් මහින්ද මහත්තයාගේ කාලේ මේ වගේ පාතාලේ වෙඩි තියාගත්තේ නෑනේ...(හේ)
අනේ මගේ කට .......! (නි)
මේ කියවන්නේ කවුද? අපරාධ රෝපණය කරලා වර්ධනය කළ අය. අපි නොදන්නා "තාජුඩීන්ලා" කීයක් මැරුනාද කවුද දන්නේ? (නි)
මුට්ටිය කොහාට අල්ලන්නද කියලා අපි මෙහෙ තවම හිතනවා. අනේ මන්දා! (නි)
මේ අයට අමතකද මහින්දගේ කාලේ පාතාලය මර්දනය වුණ හැටි. සේරම රට පැන්නා. දැන් ඇවිල්ලා නිදහසේ වැඩ පටන් අරන්. 2009 ට කලින් මෙයාලා ලංකාවේද ජීවත්වුණේ? තව මාස 3-4 කින් තරු පෙනේවි බඩු මිලත් තව වැඩි වෙනකොට. පාතාලය වර්ධනය වෙනවා. ආර්ථිකය වැටෙනවා. (නි)
පාතාලය අායෙමත් හිස ඔසවනවා. (හේ)
දැන් තමා රට නියමෙට විනාශ වෙන්නේ. පේනවා නේද ඇත්ත තිත්ත වෙනවා. මොනවා කරන්නද? (නි)
ආර්ථිකය පල්ලමට වැටිලා තියෙන්නේ යම් කිසි හේතුවක් නිසානේ ඒ හේතුව ඔබතුමා දන්නවා ඇතිනේ.(හේ)
ඔබතුමා කියනදේකට අපි එකඟයි (නි)
ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට බලයට එන්න පන්සල අවශ්‍ය වගේම පන්සලටද දේශපාලකයන්ගේ පසුපස යාමේ අවශ්‍යතාවයක් පවතිනු ඇත. කුමන හේතුවක් නිසා හෝ ජනතාවක් ප්‍රතික්ෂේප කළ පුද්ගලයකු නැවත ඉස්මතු කිරීමට ආගමික ආයතනයක් උත්සාහ කිරීමේදී, කිසියම් ජනතාවකට ඒ පිළිබදව ද්වේශයක් ඇති නොවන්නේද? ඒ මඟින් ජනතාවක් ධර්මයෙහි පිහිටුවීමට ආගමික ආයතනයකට හැකිවන්නේද? (නි)
හිතේ වෛරය තියාගෙන කතා කරන්නේ කියලා ලෝකයම අද දන්නවා. දැන් බලන්නේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේත් එල්ලෙන්න මාන බලනවා වගේ වැඩක්. කළ වැරදි පව් වලට වන්දි ගෙවන්න වෙනවා වෙනවාමයි (නි)
මිනිස්සු පන්සල් යන්නේ පින්කරන්න. සමහරු පන්සල් වගේ සාංඝික දේපල තමාගේ පෞද්ගලික වාසියට පාවිච්චි කරනවා.දන්නවාද විපාක? දන්නවනම් හිතන්නෙවත් නැහැ ඒවා කරන්න.(හේ)
ඒ කාලේ ගෙනා කුඩු එතනෝල් තමයි දැන් බෙදන්නේ. නැතුව කුඩු කම්හල් ලංකාවේ තියෙනවද? මෙයාලගේ කාලේ හිටපු හොරු ටික නැත්තම් හොඳට රට කරගෙන යන්න තිබුණා. ඔන්න රතන හිමි නම් හොඳ වැඩක් පටන් අරගෙන තියෙනවා දැක්කා, වස විස නැති ආහාර නිෂ්පාදනය ගැන. (නි)
අපට අමතක වෙලා රට තිබ්බ විදිහ. අපේ අයට බොහොම ඉක්මනින් අමතක වෙන බව ප්‍රබාකරන් කිව්වා. (ර)
ඒ කාලේ කන්ටේනර් වලින්නේ කුඩු ගෙන්නුවේ (නි)
ආර්ථික පල්ලමට වැටුනේ මහජනයා මුලා කරලා පාතාලයට රට අරන් දුන් නිසා (බ)
ඔබතුමා අවුරුදු 10 කට පස්සේ ලංකාවට ඇවිල්ලා වගෙයි. (නි)
ඔබ තුමාට දිවි හිමියෙන් අපි ඔබ තුමා සමගය. (ර)
අනේ අම්මපා කොහොමද මේවා කියන්නේ?
අපරාධ සිදුවෙනවා වැඩියි වගේ නේද?(හේ)
ඔය තරමට අපහාස කරන්න එපා අපේ රට ජාතිය බේරාදුන් නායකයාට (නි)
හිටපු තුමනි දැන් සුදු වෑනුත් තියනවය? (බ)
මාධ්‍යවේදීන් මහ මග වෙඩි කනවද දැන්? මිනිස්සු අතුරුදහන් වෙනවද දැන්? ක්‍රීඩකයෝ වාහන තුල පිච්චේනවද දැන්? කන්ගැට්ටෝ කටුගෙවල් කඩලා කඩු හොරකම් කරනවද දැන්?(බ)
ඉස්සර දවසක මීගමුවේ කුඩු අල්ලන්න පොලිසිය ගිය වෙලාවේ ඔබතුමත් මැදිහත් වුනාලු නේද? අපිට ඕව අමතක නැහැ මැතිතුමෝ.(බ)
මොකෝ මේ සුදු වෑන් එකක් වත් හීනෙන් දැකලද? (බ)
මහින්දට පාතාලය බාරදුන්නා නම් හොඳයි. (නි)
මෙය හිතාගෙන ඇත්තේ අපි ඉපදුනේ ජනවාරි 8 ට පස්සේ කියලා වෙන්න ඇති. (හේ)
හිටපු කාලේ කළේම මොන වගේ වැඩද කියලා කියන්න අවශ්‍ය නැහැනේ. දැන් බයිලා කියවනවා (නි)
අර පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙක් අහිංසක මිනිසෙකු ගහක බැඳපු වෙලාවේ හරියට නීතිය ක්‍රියාත්මක කළා නම් මෙහෙම වෙන්නේ නැහැ (නි)
දිවි හිමියෙන් දේශපාලකයන් පුදන මෝඩයෝ රටේ සිටිනකම් රටක් ගොඩ නැගෙන්නේද යන්න සිතා ගත නොහැකිය.(හේ)
"මිනිස්සු රැවටීමේත් එක්තරා සීමාවක් තියෙනවා" සම්පුර්ණ ඇත්ත කතාවක් කාලෙකට පස්සේ කිවුවේ. මහින්ද මහත්තයෝ, එ්ක කිවුවට ඔයාගේ කටේ රත්තරන් ටිකක් දානවා මගේ අතේ තිබුණා නම්. ඔය කියන සීමාව තිබුන නිසානේ මැතිවරණ දෙකකින් අපි යහපාලන ආණ්ඩුවක් පිහිටුවලා තියෙන්නේ. දැන් ඔක්කොම බය වෙලා ඉන්නේ ...... (නි)
සහතික ඇත්ත.ඒ කාලේ තනි පවුලක් කළ අපරාධ දැන් රට පුරා වෙනවා. මේවට සම්බන්ධ අය ළඟදීම කටවල් අරියි. (නි)
එතුමා දැන් කියන්නේ “අනේ ඉක්මනට මාව ජනපති හැටියට යළිත් පත්කරලා මේ වැඩ ටික හරිගස්සා ගන්න මට උදව් වෙන්න“ කියලා වෙන්න ඇති. (නි)
අපි දැන් මොනවා කියලා කරන්නද? (නි)
අනේ අපි නොදැන්නවැයි.(හේ)
මහත්මයා අපරාධ වැඩිවෙන්නේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මය පිරිහී තිබෙන නිසා, මිනිසුන්ගේ නුගත්කම, ඉරිසියාව, ක්‍රෝධය අද වැඩිවෙලා, (හේ)
ඔබ කියන්නේ ඇත්ත මහින්ද මහත්තයෝ (නි)
එතුමාට විශේෂ පුටුවක්... අනේ කාලේ වනේ වාසේ. (නි)
ඔබේ කාලයේ අවනීතිය රජකරවූ ඔබට සහ ඔබ වටේ සිටිය සියලුම දෙනාට අපරාධ සම්බන්ධයෙන් කතාකිරීමට කිසිම අයිතියක් නැත. කෝටිගණන් මුදල් හොරකම් කරලා, ආර්ථික ප්‍රශ්න ඇතිකළේ ඔබය. සංවර්ධනය මුවාවෙන් රට කොල්ලකෑවේ ඔබය. (නි)
කිසි වෙනසක් නම් වෙලා නෑ තාම.(හේ)
ළඟදිම මේ පාතලය නතර කරනවා.(හේ)
ඒ පැත්තට ගිහිල්ලා ඕවා කිව්වට කමක් නැහැ (නි)
මොනවා කතා කරනවද ඒ කාලේ ගැන නම්? (නි)
කවුද ඕවා විස්වාස කරන්නේ.(හේ)
කවුරු කවුරු මේ දේවල් වලට වැරදියි.(හේ)
"මිනිස්සු රැවටීමේත් එක්තරා සීමාවක් තියෙනවා" - අම්මපා සම්පුර්ණ ඇත්ත. අපි නම් ඒක හොඳට තේරුම් අරගෙන ඉන්නේ. (නි)
මහින්ද මහත්තයෝ, ඔබ තමයි රට බේරගන්න ඉන්න පුද්ගලයා. නමුත් බලයට ආවහම ආපසු පළිගන්න යන්න එපා. රට ගොඩනඟන්න. අපි ඔබට තමයි (නි)
එහෙම තමයි ඉතින්. තාම අවුරුද්දනේ ගතවුණේ (නි)
අපේ ජනාධිපතිට ජය වේවා! ඔන්න නියම නායකයෝ (නි)
ඔබතුමා නම් පාතාලය ගැන කතාකරනවා. සමහරු නම් වගේ වගක් නැතුව ඉන්නවා. (නි)
කටෙන්ද මේවා කීවේ. (බ)
ඔය කියන ඒවා බරපතළව ගන්න එපා. (නි)
ඒ කාලේ ඉතින් සියලු පාතාල වැඩ කළේ කවුද කියලා අමුතුවෙන් අපි කියන්න අවශ්‍ය නැහැනේ (නි)
හිතල මතල හොයල බලල අපේ කාලේ මෝඩ තාලේ කුලියාපිටියෙ බයියන් හට ඕව කියාපන්. (බ)
"මිනිස්සු රැවැට්ටීමත් එක්තරා සිමාවක් තියෙනවා එයින් එහාට රවටන්න පුළුවන් කමක් නැ" - (හේ)