නව රජයේ අයවැය වැඩි ඡන්ද 107 කින් සම්මත විය. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අවසන ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 159ක්ද විපක්ෂව ඡන්ද 52ක්ද ලැබිණි.
මන්ත්‍රීවරු 13 දෙනෙක් ඡන්දය දීමට පැමිණ නොසිටියහ.
අයවැය ඡන්ද විමසීම අවස්ථාවේදී අතුරලියේ රතන හිමි, මහින්ද රාජපක්ෂ, එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ලොහාන් රත්වත්තේ, සිරිපාල ගම්ලත්, ජනක තෙන්නකෝන්, ප්‍රේමලාල් ජයසේකර, මනුෂ නානායක්කාර, බුද්ධික පතිරණ, සිවමෝහන්, ශිවශක්ති ආනන්දන්, කනක හේරත් යන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නොසිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආහාර මිල ප්‍රමාණවත් ලෙස අඩුනොවන මේ අයවැයට කිසිම ජනතා ප්‍රසාදයක් නැහැ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. මොනවා කරන්නද ඉතින්? (නි)
ඔක්කොම පන්නනතුරු අපිට හරියන්නේ නැහැ. (නි)
මට පෙන්නේ විපක්ෂයක් නැහැ වාගේ , (අ)
විරුද්ධ වුණා කියලා ඇති වැඩේ මොකක්ද? ඔය යසඅගේට සම්මත කරගෙන තියෙන්නේ බොරුවට ගිරිය කඩාගෙන සමහරු කෑ ගැහුවට. (නි)
මහින්ද රාජපක්ෂ අයවැයට ඡන්දෙ දුන්නා හා සමානයි නේද විරුද්ධනොවී නොපැමිණ සිටීම. තමන්ගේ වාසියට හැමකෙනාම දේශපාලනය කරන්නේ. ජනතාව වෙනුවෙන් කවුරුත් නැහැ. (නි)
ඇයි බුද්ධික පතිරණ නැත්තේ(රේ)
කොහෙද ඔය පොදු විපක්ෂය තියෙන්නේ. කයිය විතරයි. පොඩි ඡන්දෙත් ගේමක් නැහැ. (ර)