වත්මන් රජය රණවිරුවන්ට නොසළකන බවට ඇතැමුන් විවිධ චෝදනා කළත් සියලූම රජයන්ට වඩා රණවිරුවන්ගේ සුබසාධනය හා ගෞරවය ආරක්ෂා කිරීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපති මේ බව පැවසුවේ තාක්ෂණ නිළධාරින් ලෙස බ`දවා ගත් විශ‍්‍රාමික රණවිරුවන් 50 දෙනකුට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරමිනි.වැඩ කළ හැකි වයසේ පසුවන විශ‍්‍රාමික රණවිරුවන් නැවතත් ජාතික සංවර්ධනය ස`දහා යොදා ගැනීමෙන් ඔවුන්ගේ සුබසාධනය ද වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.
ජාතික සංවර්ධනයට දායක කරගත හැකි විශ‍්‍රාමික රණවිරුවන්ගේ සංඛ්‍යාව 113,598 ක් පමණ වන බව ද ජනාධිපති කාර්යාලය ස`දහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි අතුල ඔච්චර මෝඩ කතා ලියල මේ ඉඩකඩ නාස්ති කරන්නේ. රැකියා විරහිත තාක්ෂණ උගතුන් විශාල පිරිසක් සිටිද්දී මේ කළේ විගඩමක්. ඇයි හමුදාවේ විශ්‍රාමිකයෝ විතරක්. කොච්චර ඉන්නවද තාක්ෂණ රැකියා කරලා විශ්‍රාම ගත්තු. මේ තමන්ගේ හිත සනස ගන්න කළ වැඩ. (බ)
හොඳ වැඩපිළිවෙලක් ජනපතිදුනි. (ර)
දෙවි හාමුදුරුවනේ! කොච්චර නම් තරුණයෝ ඉන්නවද තාක්ෂණ පුහුණුව ලබපු, රස්සා නැතුව. මේ පෙන්ෂන් අයට නම් විශ්‍රාම වැටුපක් ලැබෙනවා. අර තරුණයෝ අතේ සතේ නැතුව අසහනයෙන්. ඒ එක්කෙනෙකුට රස්සාව දුන්නා නම් පවුලක්ම ගොඩ (නි)
දැන් කතා ඇති (නි)
විශ්‍රාම ගිය අයට යන්න දෙන්න. ඉන්න අයගෙන් වැඩගන්න. ඒකනේ වෙන්න ඕනෑ. (නි)
අපි දැක්කා රැකියා දීලා තියනවා උතුරු පළාත්වල නම් කුඹුරු හාන්න, කාණු අස් කරන්න, කුණු අස්කරන්න, කඩ හදන්න, ඒවාට මේවට. (නි)
දැනටම උතුරේ කඳවුරු ටික වහල ඉවරයි කියලා අපිට හිතෙනවා (නි)
විශ්‍රාමිකයින් ගන්නවා වගේම රැකියා විරහිත තරුණ උපාධිධාරීන් ගැනත් බලන්න (නි)
වැඩ කළහැකි හිඟාකන ජනතාවක් කොපමණ ඉන්නවද. ඒ ගැනත් හිතා බලන්න. බුදුදහම ප්‍රායෝගික කරලා දෙන්න. (නි)
රණවිරුවෝ වටිනවා තමයි. හැබැයි එයාලට පෙන්ෂන් එකක් ලැබෙනවා. තරුණ, උගත් කීදෙනෙක් මහපාරේද රස්සා නැතුව? (නි)
විශ්‍රාමිකයන්ට රස්සා දෙනවට වඩා, රැකියා නැති තරුණ උපාධිධාරයින්ට දෙන්න පුළුවන් නම් හොඳ නැද්ද? (නි)
රණවිරුවන්ගේ හිත හදන්න වගෙයි නේද හදන්නේ? (නි)
බිලියන 300ක් ආරක්ෂාවට වෙන්කරලා, පඩි දෙකකුත් දීලා ඔක්කොම අපිට ගෙවන්නද කියන්නේ. (නි)
දැන් අවුරුදු 2 ක් ඉවරවෙන්න යනවා. මොනවද කළේ? සංවර්ධනය ආපස්සට හරවපු එකද? චීන සමාගම් සමඟ කරගෙන ගිය සංවර්ධන වැඩ නවතාතබා නැවත වන්දිගෙවා පටන්ගැනිමද? (නි)
මෙතැන අදහස් දාන සමහරුම මෙයාලට රැකියා දුන්නේ නැත්නම් ආණ්ඩුව රණවිරුවන්ගෙන් පළිගන්නවා කියලාත් කියන බව බොහොම පැහැදිලියි. (නි)
කිලිනොච්චි යනවා කියලා මැදවච්චි ගියා කියලා, තොප්පිගල නිකම්ම නිකම් බිමක් කියලා එදා රණවිරුවන්ට නින්දා කරලා ඔවුන් අධෛර්යට පත්කරපු මිනිස්සුත් මේ ගොඩේ ඉන්න එකයි ලස්සන වැඩේ. සමහර දේශපාලකයින්ට ලැජ්ජාවක් නැතිවුණාට රටවැසියන්ට ඒක තියෙන බව ඔවුන් අමතක කරන්න නරකයි. (නි)
දිනූ යුද්ධයේ ප්‍රතිඵල ආරක්ෂා කරන්න (බ)
රණවිරුවන් ගෙන් පළිගන්න විදිය බලන්න රිමාන්ඩ් බන්ධනාගාරයට යන්න (බ)
රැකියා ලබාදීම ඉතා උතුම් කටයුත්තක්. නමුත් විශ්‍රාමික ආරක්ෂක අංශයේ සාමාජිකයන්ව රටේ ආරක්ෂක සේවාවන් සඳහා ආයතනයක් ස්ථාපිත කර එයට යොමුකළොත් කාලෝචිතයි යන්නයි මගෙනම් හැඟීම. (නි)
කිවුවේ නම් හමුදාව වෙන වැඩ වලට යොදාගන්නේ නැහැ කියලා. ගොඨභය සැහෙන වැඩ කොටසක් කලා හමුදාව යොදාගෙන. (ර)
අර පොත කියවල බලන්න. දැන් බලේ ඉන්න සමහර අය මේ යුද්ධය දිනන්න බැහැ කියල හමුදාපති ඉස්සරහ කියපු හැටි දැන ගත්ත හැකි. (බ)
එතකොට පහුගිය ටිකේ රණවිරුවෝ බන්ධනාගාර යැව්වේ එහෙ වැඩට වෙන්න ඇති (බ)
ආණ්ඩුව හොඳ දෙයක් කලාම කස්ටිය සද්ද නැහැනේ... (ර)
ඉසුරන්දි, එහෙම කරපු එක තමයි පටු දේශපාලන පළිගැනීම් අනුව නඩු දමා වසා දැම්මේ! (හේ)
ප්‍රසාද් ඔබ ඔය කියන රණවිරුවන්ගෙන් පලි ගන්න හැටි බලන්න මොන බන්ධනාගාරයටද යන්න ඕන?ඔබ ගියාද බලන්න? (අ)