
(අංජුල මහික වීරරත්න)
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා අමාත්‍යාංශයේ වැඩ බාර ගනිමින් අද (19) පැවසීය.
සියලු දෙනාගේ අදහස් හා යෝජනා එකතු කරගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය. සේවකයන්ට වෘත්තිය ගැටලු තිබේ නම් ඒවා පිළිබඳව ද වෘත්තිය සමිති සමඟ කඩිනමින් සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා පැවසුවේය.
ජාතික ජන බලවේග රජය ගැන රාජ්‍ය සේවකයන් තැබූ විශ්වාසය ආරක්ෂා කරන බව කී අමාත්‍යවරයා කතා කිරීමට කිසිවකුට බාධාවක් නොමැති හෙයින් ඕනෑම අවස්ථාවක පැමිණ තම වැඩපිළිවෙළ ගැන කතා කිරීමට සැමට අයිතියක් තිබෙන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාත්‍යංශය ඇතුලේ බීලා අහුවෙන්න එපා. කලින්ම කියන්නේ.
පත්වෙන හැම ආණ්ඩුවක්ම අලුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ගියා. එතකොට කලින් රජය ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘතිවලට හානිවෙනවා. ප්‍රතිඵලය මහජන බදු මුදල් නාස්තිය, ක්‍රියාත්මක කර තිබූ සංවර්ධන වැඩ සෑම රජයක්ම ඉදිරියට ගෙන ගොස් ප්‍රතිලාභ මහජනතාවට ලබාදීම කළ යුතුයි.
ඔව්, දැන් ස්ට්‍රයික් මොනවත් නැතිව ඇති... ඇයි ස්ට්‍රයික් කරන්න ගිනිගෙඩි දෙන්නේ...?