මොරටු වඩු කාර්මිකයන් ගාලු පාරටද පැමිණ උද්ඝෝෂණය කිරීම නිසා ගාලු පාරේ දැඩි වාහන තදබදයක් පවතී.
ගාලුපාරේ එක මං තීරුවක් මුළුමනින්ම අවහිර වී ඇත.
කොළඹට එන වාහන හැර කොළඹින් යන වාහන රාවතාවත්ත හා මොරටුව නගරය ආසන්නයේ සිර වී ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වඩු උද්ඝෝෂණෙන් ගාලු පාරත් හිර වේ
පියල් Wednesday, 24 July 2013 06:05 PM
මමත් වඩුවෙකුගේ පුතෙක් ! ඒත් වඩුවනට ආණ්ඩුවෙන් වින කැටීමකට වඩා ලී බඩු සාප්පුවල ඒකාධිකාරය තමයි මේ හෙනේට මුල ... වඩුවා නෙමෙයි දැන් හැදෙන්නේ බ්‍රෝකර්වරු .... ඔවුන් අතරමැදියන්ව කිසිවක්ම නොකොට බොහෝ මුදලක් සූරා කනවා ...කිසිම රජයක් මෙතෙක් වඩුවනට කල දෙයක් නැහැ .... සියල්ල සුරංඟනා කතා ...(අ)
නීල් රණා Wednesday, 24 July 2013 11:15 AM
මොරටු ගෘහ භාණ්ඩ වලට සාධාරණ මිලක් ලැබෙනවා ඒවායේ ගුණාත්මක භාවයට අනුරූපව. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තොග සැපයුම් මධ්‍යස්ථානය ලෙස එහි පවතින්නේ තරඟකාරී මිල නියාමනයක්. වර්තමානයේ ඔවුන් මුහුණපා තිබෙන ගැටලුව වන්නේ නිවසට ගෘහ භාණ්ඩ අලුතින් මිලදීගැනීමට ආර්ථික හේතුමත ජනතාව අඩු ප්‍රවනතාවක් දැක්වීමයි. මීට ඇති හොඳම විසඳුම නම් විදේශීය ගෘහභාණ්ඩ වෙළඳපොල ආක්‍රමණය කිරීමයි. බාල දැවයෙන් තැනූ චීන නිෂ්පාදන ඉතා අධික මිලට අරාබියේ විකිනෙනවා. යුරෝපයේ රුචිකත්වය බොහෝසේ වෙනස් වුවත් ඊට අනුරුප වන නිෂ්පාදන මගින් ගොඩනගා ගතහැකි වෙළඳ පොලක් එහි තිබෙනවා. අපි ජාතික වීරයෝ කියමින් මේරට මත්තේම හැපෙමින් ඉන්නේ නැතුව අලුත් ලෝකයක්, අලුත් වෙළඳ පොලක් හිමිකර ගැනීමේ ආකල්පමය වෙනසක අවශ්‍යතාවය මෙයින් පැහැදිලි වෙනවා. (නි)
එරන්දි Wednesday, 24 July 2013 06:36 PM
ජාතික වීරයන්ගෙයි ලී බදු වලයි සම්බන්දෙ මොකක්ද රනා? බිස්නස් කරන්න ඕනේ කෙනෙකුට පුළුවන්. ලැබ බදු වලින් වෙළද පොළ ආරක්ෂා කිරීම ඇමරිකාවෙත් සිදුකරනවා, එයාල අනිත් අයට බන කීවට . (අ)
උපුල් Wednesday, 24 July 2013 12:35 PM
නීල් රනා, ඔබ කියූ දෙය තමයි ඇත්ත. ලී බඩු විතරක් නෙවෙයි, අනෙක් නිපැයුම් සඳහාත් විදේශ වෙළඳපොල සොයාගත යුතුමයි. (නි)
දර්ශන Wednesday, 24 July 2013 04:13 PM
කොළඹ ගෙයක් හදනවා. වඩු බාස් කෙනෙක් වහලක් ගහන්න හොයා ගන්ඩ මාස ගානක් බලන් හිටියා. හොඳ බාස් කෙනෙකුට ඉතා ඉහල ඉල්ලුමක් තියෙනවා (නි)