IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


වැඩ අරන් පන්නයි

අරාබි ජාතිකයින්හට අවාසි වන අන්දමට තම රටේ ශීග්‍රයෙන් වර්ධනය වෙමින් යන  ජන විකාශ විපර්යාසය වෙනස්කොට ජනගහනය අතර සම තුලින තාවයක් නැවත ඇති කිරීමේ බලා පොරොත්තුවෙන් ඉදිරි වසර පහේදී කුවේට් දේශයේ ජීවත්වන විදේශිකයින් දස ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් පිටුවහල් කල යුතුබවට යෝජනාවක් කුවේට් මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කර ඇත.

මන්ත්‍රණ සභා සාමාජික කලීල් අබ්දුල්ලා පවසා ඇත්තේ " තම රටේ  කුවේට් ජාතිකයින්ගේ සංඛ්‍යාව අවම වශයෙන් විදේශිකයින්ගේ ජනගහනයට සමාන වන ප්‍රමානයටවත්  වෙනස් කිරීම ඉතාමත් වැදගත්" වන බවයි.

ඔහු යෝජනා කර ඇත්තේ වසරකට දෙලක්ෂ අසුදාහ බැගින් ඉදිරි වසර පහ ඇතුලත විදේශිකයින් කුවේට් රාජ්‍යයෙන් ඉවත් කළ යුතු බවයි.

දැනට කුවේට් දේශයේ විදේශික විසි පන් ලක්ෂයක් ජීවත්වෙති. එම රටේ වත්මන් දියුණුව ඇතිකර ගැනීම උදෙසා මෙම පිරිසගෙන් ප්‍රශංසනීය මෙන්ම දැවැන්ත වූ සේවයක් ඉටුවෙයි.

මේබව පිළිගන්නා බව පවසන අබ්දුල්ල මන්ත්‍රී වරයා කියන්නේ කුවේටයේ දේශීය ජනතාව අතර දැනටමත් උග්‍ර රැකියා ප්‍රශ්නයක් පැනනැගී ඇති බවයි.මෙම තත්වය ලිහිල් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් ජනතාව අතර විවිධ උද්ගෝෂණ පැනනැගීමට හොඳටම ඉඩ ඇති බව ඔහු පවසයි.

මාසයක් ඇතුළත මෙවන් කුවේට් පාර්ලිමේන්තුවට මෙවන් යෝජනාවක් ඉදිරිපත්වුන දෙවන අවස්තාව මෙයයි.

ජනවාරි 28 වෙනිදා අබ්දුල්ලා අල තමිමි මන්ත්‍රී වරයාද කුවේටයේ  ජීවත්වන විදේශිකයින්ගේ සංක්‍යාව අඩුකළ යුතු බව කියන යෝජනාවක් ඉදිරිපත් කළේය.

කුවේට් රාජ්‍යයේ ජනවාරි ජන සන්ඝනනය අනුව මුළු ජනගහනය මිලියන 4ක් පමණ වෙති. එයින් කුවේටි ජාතිකයින් ඉන්නේ මිලියන එක හමාරක් පමණය.

විදේශිකයින් අතර සියයට 38ක් ආසියානුවෝ වෙති. අවට පිහිටි අනෙකුත් අරාබි රටවලින් පැමිණ සිටුන අරාබිජාතිකයින්ගේ සංක්‍යාව සියයට 27ක් පමණ වෙයි.

අල්තමිමි යෝජනා කළේ මුළු ජනගහනයෙන් සියයට 25කත වඩා විදේශිකයින් සිටියයුතු නොවන බවයි.



අදහස් (0)

වැඩ අරන් පන්නයි

පද්මසිරි Tuesday, 25 February 2014 11:54 AM

මේ රටවල වැඩකරන හැමෝම දැනගන්න ඕන මේ තත්වය කවදහරි උදාවෙනවා කියල. එත් සමහරු මැදපෙරදිග රටවල ජීවත් වෙන්නේ තමන්ගේ මව් රට අමතක කරලා. ඒ අයට මේක හොද ආදර්ශයක් (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1654 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 649 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site