
(ප්‍රසාද් රුක්මල් )
බණ්ඩාරවෙල නගරයේ වට්ස්සැප් මාර්ගයේන් ඉතා සූක්ෂම අයුරින් සෙලෝටේප් වල අසුරා හොර රහසේ හෙරොයින් මත්ද්‍රව්‍ය විකිනීමේ ජාවාරමක නිරතව සිටි හිටපු යුදහමුදා ආබාධිත සෙබළකු රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 320 ක් සමඟ අද (6) අලුයම බණ්ඩාරවෙල නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි .
වැලිමඩ අඹගස්දොව ප්‍රදේශයේ පදිංචි දැනට බණ්ඩාරවෙල පෙරේරා මාවතේ තාවකාලික කුලී නිවසක නතර වී සිටින 40 හැවිරිදි හිටපු යුදහමුදා ආබාධිත සෙබළකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .
ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් බණ්ඩාරවෙල නගරයේ පිහිටි මෙම කුලී නිවස වටලන අවස්ථාව වන විටත් සැකකරු හෙරොයින් මත්ද්‍රව්‍ය කුඩා පැකට් වලට අසුරා ගැනුම්කරුවන්ට විකිණීම සදහා පැකට් කරමින් සිටි බවද පොලිසිය සදහන් කළේය .
විදෙස් රටක සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවරම්කරවෙකු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට පොලිසිය සැකකරයි .
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘වට්ස්ඇප්‘ මගින් මත්ද්‍රව්‍ය විකුණලා