විදුලි බිලට එරෙහිව විපක්ෂය කැඳවූ වර්ජනයට සහයෝගය දෙමින් වටවල නගරයේ කඩසාප්පු වසා දමා තිබිණි. එහෙත් තේවතුවල වැඩ සාමාන්‍ය පරිදි සිදු විය.
විදුලි බිලට එරෙහිව විපක්ෂය කැඳවූ වර්ජනයට සහයෝගය දෙමින් වටවල නගරයේ කඩසාප්පු වසා දමා තිබිණි. එහෙත් තේවතුවල වැඩ සාමාන්‍ය පරිදි සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වට වලින් නොවේ රට වටින්ම සහය දිය යුතුයි මේ අසාදාරණ වැඩි කිරීමට එරෙහිව.(නදී)
තොන්ඩමන්ට තව ඇමතිකමක් දෙමු. එතකොට පඩි නොදීම වතු කම්කරුවන්ගෙන් වැඩ ගන්න පුළුවන්.(නදී)
වතුවල මිනිස්සු වැඩවර්ජන කරන්න ඕනෑකමක් නැහැනේ. හේතුව ඒ කට්ටියගේ ගෙවල් වලට කරන්ට් නැහැ (නි)
මේ වනවිට බදුල්ලේ හාලි ඇල ප‍්‍රදේශයේ රොක්කතැන්න වත්ත, රොෂට් වත්ත, ඌව කැලේවත්ත යන වතු වැඩවර්ජනයට එක් වී ඇති බවත් එමෙන්ම බදුල්ල තෙල්බැද්ද වත්ත, වැලිමඩ කටුගලවත්ත, බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ අම්පිටිකන්ද වත්ත, පූනාගල වත්ත, කබරගල වත්ත, දෙනියාය හුලංදාව යන වතුවල සේවකයෝ වැඩවර්ජනයට සහභාගී වී ඇති බව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ රාමලිංගම් චන්‍ද්‍රසේකර් මහතා පවසයි. එමෙන්ම නුවරඑළියේ සෙනන් වත්ත වර්ජනයට සහභාගී වී ඇති බවත් වටවල නගරයේ හා පූඩළු ඔය නගරයේ කඩ සාප්පු සම්පූර්ණයෙන් වසා ඇති බවත් නුවරඑළියේ වතු බහුතරයක කාර්යාල සේවකයෝ කළු පටි පැළඳ විරෝධතාවය දක්වන බවද, නුවරඑළිය ලිදුල නගරය වසා ඇති බවද වවුනියාව නගරයේ බොහෝ ආයතනවල 30%ක 40%ක ප‍්‍රමාණයක් වැඩවර්ජනයේ නියලී සිටින බවද ඔහු පවසයි. එමෙන්ම නුවරඑළියේ සියළු පාසල්වලට පොලිසිය යොදවා ඇති බවද වාර්තා වේ.(නදී) රත්නපුර රාස්සගල වත්ත, ගලතුර වත්ත , නුවරඑළිය දිස්ත‍්‍රිකකයේ ෂැනන් වත්ත, ලොනෙක් වත්ත, මාතර දිස්ත‍්‍රික්කයේ සිරිමැදුර වත්ත, ඉන්දොල වත්ත, ඇලන් වැලි තේ කම්හල, කළුතර යටදොල වත්ත, ඇලදූව වත්තත්, ගම්පහ අත්තනගල්ල වත්තත් යන වතුවල සේවකයෝ 50%ක 60%ක ප‍්‍රමාණයක් මේ වනවිට වැඩවර්ජනයට සහභාගී වී ඇති බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය වැඩිදුරටත් පවසයි.