වටවල ඥාණානන්දගම  හැටන් ඔය අසල වටවල රක්‍ෂිතයේ අද දහවල්  දෙකට පමණ හටගත් ගින්නකින් අක්කර දෙකක් මේ වන විට  දැවි ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

ගින්න ඇති වී තිබෙන ස්ථානයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක්ද ඇති නිසා ගින්න මැඩ පැවැත්වීමට වටවල පොලිසිය දැඩි උත්සාහයක නිරත වී සිටී.

දැඩි සුළං තත්ත්වය  නිසා ගින්න සිඝ‍්‍රයෙන් පැතිර යාමෙන් ප‍්‍රදේශය පුරා දැඩි දුමාරයක් ද පවතී.