විදේශ ගතවීමෙන් අනතුරුව සේවය අතැර ගියයැයි සලකන පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරිකෂක තෙන්නකෝන් මහතා විසින් කිරා බලා මුද්‍රා කරන ලද හෙරොයින් ග්‍රෑම් 408කට අදාළ නඩු භාන්ඩ සම්බන්ධයෙන් දාමය ඔප්පු වී නැතැයි තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් විත්තිය වෙනුවෙන් සාක්කි නොකැඳවාම විත්තිකරු නිදහස් කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිහාල් ගුණසිංහ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මෙලෙස විත්තිකරු නිදෙසේ කොට නිදහස් කළේය.
විත්තිය වෙනුවෙන් සාක්කි කැඳවීමට තරම් ප්‍රබල නඩුවක් පැමිණිලි පාර්ශ්වයෙන් ඉදිරිපත් කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා මෙලෙස නිදහස් කරනු ලැබුවේ පිටකොටුව සෙන්ට්‍රල් පාරේ පදිංචි තුවාන් රහීම්ය.
2001 සැප්තැම්බර් මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක සෙන්ට්‍රල් පාර අංක 111 වත්තේදී හෙරොයින් ග්‍රෑම් 231.6 ක් ලඟ තබා ගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ උප පොලිස් පරීකෂක තෙන්නකෝන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 408ක් අඩංගු පාර්සල් හතරක්ද සමඟ විත්තිකරු අත්අඩංගුවට ගත් බවට සාක්කි ඉදිරිපත් වුවත් අදාළ නිළධාරියා නිවාඩු ලබා විදේශ ගත වීමෙන් අනතුරුව යළි ලංකාවට නොපැමිණීම නිසා ඔහු සේවය අතැර ගිය අයෙකු ලෙස සැළකීම නිසාත් ඔහුගේ සාක්කි ලබා ගෙන නැතැයි තීන්දුවේ සඳහන් කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලකී , සාක්කි අනුවයි තීන්දුව දෙන්නේ . (අ)
කුඩු සම්බන්ධ නඩුවලට සැකපිට අල්ලන අයව නිකම්ම නිදහස් නොකළ යුතුයි ඉබ්බා ,අන්නාවේ දියේ දාන්න ද ඇහුව වගෙයි (අ)
මුළු පොලිසියේම ඉන්නේ ඔය කියන මහත්තයා විතරක් නෙමෙයිනේ. අන්තිමට කොහොමහරි සැකකරු නිදහස් වුණා... (නි)
මේ අහිංසකයෙක් වෙන්න ඇති.(හේ)
අනෙත් අයටත් එහෙම වෙනවනම් ලංකාව කුඩු රාජධානියක් වෙයි (බ)
වෙලේ සුදාට මරණ දඬුවම හිමිවුනේ ග්‍රෑම් 17 ට. මරණ දඬුවම හිමිවිය හැකි අයෙක් මෙපමණ ලෙහෙසියෙන් නිදහස් වීම පසුපස යමක් තිබිය නොහැකිද? (බ)
මේ විනිසුරු මහත්මය නේද අර මුළු රටම සහ මැරුන කෙනාගේ තාත්ත කියද්දී කළේ නැහැ කියද්දී හය දෙනෙක් පෝරකයට යැව්වේ? (බ)
පුදුමයි ඒත් ඇත්තයි.(හේ)
එතකොට පොලිස් නිලධාරියෙක් අවුරුදු ගානකට පස්සේ මියගිය හොත් ගත්ත නඩුවට මොකද කරන්නේ? (හේ)