IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වැටුප් ආරක්ෂණ ක්‍රමය අනිවාර්ය කිරීමෙන් විදෙස් සේවකයන් මිලියන 1.3 කට ප්‍රතිලාභ

සේවකයන්ගේ වැටුප් නියමිත දිනට ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කිරීම අනිවාර්ය කෙරෙන වැටුප් ආරක්ෂණ ක්‍රමය හරහා මේ වනවිට විදෙස් සේවකයන් මිලියන 1.3 කට පමණ ප්‍රතිලාභ අත්පත් වී ඇති බව පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍ය ආචාර්ය එයිසා බින් සාද් අල් ජාෆායිල් 
අල් නුඅයිමි පවසයි.

 

WPS

පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍ය ආචාර්ය එයිසා බින් සාද් අල් ජාෆායිල් අල් නුඅයිමි
 


සංශෝධිත කම්කරු නීතියට අනුව පසුගිය වසරේ නොවැම්බර් 3 වැනිදා සිට වැටුප් ආරක්ෂණ ක්‍රමය අනිවාර්ය විය.


ජාත්‍යන්තර කම්කරු දිනය සහ ලෝක සේවා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍ය සඳහා වන දිනය නිමිත්තෙන් පැවැති උත්සවයක් ඇමැතූ අමාත්‍යවරයා, එමීර් ෂෙයික් ටාමිම් බින් හමාඞ් අල්තානි මහතාගේ නායකත්වය යටතේ සේවකයන් සම්බන්ධයෙන් බලපැවැත්වෙන නීතිකරණ සංවර්ධනය කිරීමට, සේවා පරිසරය  වර්ධනය කිරීමට සහ සියලුම සේවා ස්ථානවල ස්ථායි බව සහ උසස් බව පවත්වාගෙන යාමට කටාර් රාජ්‍යය කටයුතු කරමින් සිටින බවද පැවැසීය.
“සේවකයන්ගේ තත්ත්වය සහ ඔවුන්ගේ සේවා පරිසරය වර්ධනය කිරීමට කටාර් රාජ්‍යය ගෙන ඇති උත්සාහයන් මෙන්ම පසුගිය කාලය තුළ හඳුන්වා දුන් නීතිරීති සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර සංවිධාන කිහිපයක්ම සිය ප්‍රසාදය පළකර තිබෙනවා. මේ අතුරින් අලුතින්ම හඳුන්වාදුන් නීතිය තමයි සේවක වැටුප්වල ආරක්ෂාව තහවුරු කරන වැටුප් ආරක්ෂණ නීතිය. 


ඒ හරහා කම්කරු නීතියේ වගන්ති සහ එහි විධායක රෙගුලාසිවලට අනුකූලව සියලුම සේවකයන්ගේ වැටුප් නියමිත දිනට ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කළ යුතු බවට සමාගම්වලට අනිවාර්ය කර තිබෙනවා. මෙම ක්‍රමය හරහා ප්‍රතිලාභ ලබාගන්නා සමස්ත සේවකයන් සංඛ්‍යාව 
මිලියන 1.3ක්” යැයි ඇමැතිවරයා පැවැසීය.


සංවර්ධන ක්‍රියාවලියේ දී විදෙස් සේවකයන් විසින් ඉටුකරන වැදගත් කාර්යභාරය අගය කළ ඇමැතිවරයා විදෙස් සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය දැනටමත් සැළකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර එය දිගටම ක්‍රියාත්මක කරන බවද අවධාරණය කළේය.


ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සේවාස්ථාන සෞඛ්‍ය සහ ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමට කටාර් රජය අදහස් කරගෙන සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.
එසේම මෙම ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල නොවන සියලුම සමාගම්වලට විරුද්ධව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවැසීය.

 



අදහස් (0)

වැටුප් ආරක්ෂණ ක්‍රමය අනිවාර්ය කිරීමෙන් විදෙස් සේවකයන් මිලියන 1.3 කට ප්‍රතිලාභ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site