නැසීගිය ගායන ශිල්පී අල්හාජ් මොහිදීන් බෙග්ගේ 25 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් අනුස්මරණ යාඥාව නොවැම්බර් 4 වැනිදා දිනය පුරා මරදාන මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
සිංහල ගීත ක්ෂේත්‍රයට මහත් සේවයක් කළ ගායන ශිල්පියකු වන මොහිදීන් බෙග්ගේ කැපවීම වෙනුවෙන් වගකිව යුතු බලධාරීන්ගෙන් නිසි ඇගයීමක් ලැබී නැතැයි ඔහුගේ පුත් ඉෂාක් බෙග් මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට නිසි අගයක් ලැබුනේ රසිකයන්ගෙන් පමණයි. පෝය දිනකදී ගීතමය සලකුණ 'බුද්ධං සරණං ගච්චාමි' ගීතයයි. එතුමාට බොහෝ පින් ලැබෙනවා ඒ වෙනුවෙන්. (නි)
දැන්වත් මේ අමරණිය ගායකයාට නිසි ඇගයීමක් ලබාදීමට බලධාරීන් කටයුතු කල යුතුය. (ස)
ඔබගේ ගීත අපේ හදවත් තුළ හැමදාම පවතී. ඔබට නිවන් සුව පතනවා (බ)
බුදුදහමේ ගුණ තම මුවින් පවසන්නට තරම් නිහතමානී වුණ ඔබට අපගේ ප්‍රණාමය! (නි)
සදා අමරණිය ගායකයෙක්. අපේ රටේ බුදුදහම පවතින තාක් කල් ඔබේ නාමය රැව් පිළිරැව් දේවි මේ මිහිකතේ. (බ)
ගායනයෙන් බුදුදහම ආලෝකවත් කළ ගීත ලොවේ මේ පතාක යෝධයා සදා අමරණීයයි (නි)
මේ වගේ අය නැවත කවදාවත්ම බිහිවෙන්නේ නැහැ. ඒ ගීතවල වටිනාකම කියලා නිමකරන්න බැහැ (නි)
අමරණීය ගායකයෙක් (නි)
නිවහල්, නිදහස් අදහස් වලින් පිරිපුන් මොහිදීන් බෙග් දයාබර කලාකරුවානන් නැවත අප අතරම ඉපදේවා යි අපි ප්‍රර්ථනා කරමු. (අ)
මේ ගායකයාට මුස්ලිම් සහෝදරයන්ගේ ප්‍රතිචාර නැද්ද? (අ)
හොඳ ගායකයෙක්. (ර)
ඔබ වැනි ගායකයෙක් කියා නිමකරන්න බැරි තරම්. ඒ වගේම සංගීතයට ලබා දුන් ප්‍රාණය. කවදාවත් අප අතරින් වෙන් වෙන්නේ නැහැ. ඔබට මෝක්ෂය . (ස)
මේ අසහාය ගායකයාගේ ගීත මොහුගේම පුත්‍රයා විනාශ කරනවා. (ස)
දේශපාලන වන්දිබට්ටයන් නොවුණ කලාකරුවන්ගේ පොදු ඉරණම මෙයයි (නි)
වටිනා ගායකයෙක් (නි)
සිංහල සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තැබූ ගායකයාණෙනි, ඔබට අපගේ ප්‍රණාමය.....! (නි)
අදටත් ඔහු නිසා වෙසක් සමයට බුද්ධාලම්බන ප්‍රීතිය බැබළේ. ආදර මිනිසාට නිවන් සුව! (නි)
අවුරුදු එනබව අපිට කියන්නේ කොහා. වෙසක් එන බව කියන්නේ බෙග් මාස්ටර්ගේ බුද්ධං සරණං ගච්ඡාමි ගීතයෙන්. එතුමාට නිසි ඇගයීමක් කර නෑ (බ)