අවශ්‍යතාවයක් සඳහා වැලිගම පොලිසියට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකුට හා වාහන හිමිකරුවන් කිහිප දෙනකුට ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දී සිරභාරයට ගත් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.
සංචාරකයින් ප‍්‍රවාහනය කරන වෑන් රථයක් වැලිගම කුඹල්ගම හන්දිය ආසන්නයේදී තාප්පයක ගැටීමෙන් එහි සිටි සංචාරක මගපෙන්වන්නා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබූ අතර දැඩි ලෙස අලාභ හානි වී තිබූ වෑන් රථය වැලිගම පොලිසිය භාරයට ගත් බවත් එම අනතුර සම්බන්ධව වැලිගම පොලීසිය පරීක්ෂණ සිදු කර අනතුරට පත් වෑන් රථය මෝටර් රථ දෙපාර්ථමේන්තුවේ දිස්ත‍්‍රික් පරීක්ෂක මහතෙකු ලවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය ලබාගැනීමට පොලිසියට පැමිණෙන්නැයි කළ දැනුම්දීමක් අනුව එහි ගිය බවත් වෑන් රථයේ රියදුරු පවසයි.
වෑන් රථ හිමිකරු වූ, නින්දාන, පෙට්ටිමඩුව පදිංචි, එස්. ඩබ්. රසික ලක්මාල් (30), බටපොළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන කේ. එච්. සංගීත් (17) වෑන් රථ හිමිකරුගේ මස්සිනා වන කාහිංගල චම්ලි ප‍්‍රීතිවිරාජ් හා දොඹකර රථයක රියදුරු හා සහායකයන් වන තල්ගස්වල, මාපලගම පදිංචි ආනන්ද ජයසුන්දර (46) හා එම්. චතුර (28) යන අය එසේ පොලිසියට ගිය බවත් එහිදී පහරකෑමට ලක්ව සිරභාරයට පත්වූ බවත් කියති.
අනතුරින් දැඩි ලෙස හානිව තිබූ මුදාගත් වෑන් රථය ඇදගෙන යාමට අම්බලන්ගොඩින් දොඹකර රථයක් ගෙන්වා ගැනීමට කටයුතු කර එය පැමිණෙන තෙක් මෙම පිරිසට වැලිගම පොලිස් භූමියේ රැඳී සිටි බව ඔවුහු කියති. එසේ සිටියදී පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ ආපදා රථයේ රියදුරාට අතින් පයින් පහරදෙමින් පොලිසිය තුළට ඇදගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.
සෙසු අයද පොලිසිය තුළට ගෙන්වා කිසිම කරුණු විමසීමකින් තොරව ඔවුන්ට ද අතින් පයින් පහරවල් එල්ල කරමින් ඔවුන් සතුව තිබූ මුදල් පසුම්බි, දුරකථන ලබාගෙන එදින රාත‍්‍රී 07. 30 සිට පසුදා උදෑසන 10 වනතෙක් පොලිස් සිර මැදිරියේ ගත කළ බවත් තමන් සිරකර සිටින බවත් එයට හේතුවවත් පවුලේ ඥාතීන්ට වසන් කිරීම බරපතල අසාධාරණයක් බව නියොජ්‍ය පොලිස්පති වරයාට කළ පැමිණිල්ලේ සඳහන්ය.
පොලිසියෙන් කළ තර්ජන හේතුවෙන් ආපදා රථයේ රියදුරු හා සහායක පැමිණිල්ල කිරීමට නොපැමිණි බවත් පැමිණිලිකරුවෝ කියති.
පසුදින මොවුන් පොලිස් ඇප මත මුදාහැරි බවත් ‘අපේ ලොකු මහත්තයාට පොඩි වැරදීමක් වෙලා, ඕක ඒතරම් ගණන් ගන්න එපා‘ යැයි එම අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරීන් තමන්ට කියාසිටි බවත් එම පැමිණිල්ලේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් වැලිගම පොලිස් ස්ථානාධිපති රොහාන් ඕලූගල මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ ගත්තද ඊට පිළිතුරු දුන් නිලධාරියෙකු පැවසුයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තකට පොලිසියෙන් බැහැරව ගොස් ඇති බවයි.
පාසල් සිසුවා
වෑන් රථයේ හිමිකරු
වෑන් රථ හිමිකරුගේ මස්සිනා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මිනිහෙක් මොන වැරද්දක් කළත් පොලිස් කාරයෙක්ට ගහන්න කිසිම අයිතියක් නෑ ..සාක්කි ඇතුව ඔප්පු කරලා හොඳ වන්දියක් අරගන්න .. නිකන් අතහැරලා දාන්න එපා මේ ප්‍රශ්නය ..(බ)
එක අතකට ඕක මොක්කද අමාත්‍යංශ වල සමහර ඇමතිලා දාන ගෙම්බර් වල හැටියට..... (නි)
එයා ගැන සළකා බලලම පියවරක් ගත්තා නම් තමයි වඩා හොඳ. (නි)
ඉතින් අපි මේ අවනඩු කාටද කියන්නේ? (නි)
රස්සාවෙන් ඉවත්කරන්න ඕනෑ. කිසිම දීමනාවක් දෙන්න හොඳ නැහැ. (නි)
පොලිසිය ඒ කාලෙ ඉඳලම ඔහොමයි (නි)
මේ මිනිසුන්ට කවදාවත් සාධාරණයක් ඉටු වන එකක් නැහැ.රාජිත ඇමතිට විරුද්දව ඇති පැමිණිල්ලට තවමත් පරීක්ෂණයක් නැහැ. (බ)
පොලිසියට හොඳ කළමනාකරණයක් නැහැ.හොඳ තීරණ ගන්න දන්නේ නැහැ.උසස් නිලතල වලට ගන්න ඕනෑ සරසවි කොල්ලෝ (නි)
කමක් නැහැ විෂය භාර ඇමති වැඩ පටන් ගත්තේත් ඔහොම තමා. රට වැසියට රටවැසියගේම පිහිට ලැබේවා (නදී)
මුන්ට අමු කැවිලද නිකන් මිනිසුන්ට ගහන්නේ. කෙල්ලෙක් ආවානම් මොනවා වෙයිද? කෙල්ලගේ මිනියවත් මේ තිරිසන්නු ඉතුරු කරන එකක් නැහැ (බ)
ඔය රොහාන් ඕලුගල කියන්නේ හරි ප්‍රසිද්ධ හොඳ පොලිස් නිලධාරියෙක් නේද? (නි)
ආදර්ශයට ගන්න ඕනෑ හොඳ ස්ථානාධිපති කෙනෙක් අපේ කනංකේ පොලිසියේ ඉන්නවා. (නි)
මේ වගේ අය අතට ගිය නීතියක් අප රටේ රජවෙන නිසා තමයි මුළු ශ්‍රී ලංකාවම අද වල්වැදුණු අමු සොහොනක් වෙලා තියෙන්නේ. ඊට හොදම ශාක්ෂිය අද කොටකෙතන බවට පත්කළේ මේ ලෝගු ඇතුළට බැසසිටිනා මිනිසුන්. (නි)
පොලිසිය ඉන්නේ මිනිස්සු රකින්න .මේ වගේ පොලිසියේ කට්ටය නිසා පොලිසියේ නමත් කැතවෙනවා.මේ වගේ අයට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ.කොහොමද පොලිසිය විශ්වාස කරන්නේ මිනිස්සු මෙහෙම ? (නි)
අසරණයින්ට ගුටිබැට.දේශපාලුවන්ගේ හොරුන්ට දණ නමස්කාරය. (නි)
කොල්ලට තියෙන්නෙ මෑන් පෙන්ෂන් යනකම් බලාගෙන ඉඳල දත් නැතිව බත් කන්න රිටර්න් එකක් දෙන්න (නදී)
මේ අය අපේ ගමේ බොහොම හොදින් ජිවත්වන කට්ටියක්. කාටවත් කරදරයක් නැති හොද මිනිස්සු. මේ කරපු දේට පොලිසියට විරුද්දව ක්‍රියා කරලා වන්දියක් අරගන්නවාමයි. (නදී)
මොහුට නිසි දඬුවමක් දෙන්න (නි)
මිනිසුන්ට ගහන්න මේ පොලිසියට බලපත්‍ර දීලා තිබෙනවද?ගුටිකාපු අය මානවහිමිකම් එකට ගිහිල්ලා පැමිණිලි කරන්න.නීතිය ක්‍රියාකරන මුවාවෙන් මෙවැනි අකටයුතුකම් රටේ තවදුරටත් සිදුනොවිය යුතුයි. (නි)
හොඳ වෙලාවට ඝෝට හිටියේ නැහැ. නැත්නම් එ්කත් එයාගේ පිට (නදී)
පහුගිය කාලේ හිටපු සමහර දේශපාලුවෝ සද්දේ දානකොට වැඳවැටුන පොලිසියේ සමහර අය ගැන රටම දන්නවා.එහෙම අය වෙන්න ඇති පොඩි මිනිහාට චණ්ඩිකම් පෙන්වන්නේ. (නි)
මේ ඕලුගල කියන පොලිස්කාරයා හැම තිස්සෙම බීලා පිස්සු කෙලින කෙනෙක්, කාකි යුනිෆෝම් එකේ උස්නෙ ඕනෙවටත් වටා ඔලුවට ගත්ත කෙනෙක්. මේ සිද්ධිය දවසෙත් හොඳටම බීලා කසිප්පු සෙට් එකක් කියලා මේ මිනිස්සුන්ට හොඳටම ගහලා. පස්සෙ පියවි සිහිය එනකොට කේස් එක තේරිලා ඉක්මනට මේ අයව නිදහස් කරලා. (බ)
වයස 18 ට අඩු ළමයකුට පහරදීම නිසා ළමා අාරක්ෂන අධිකාරියට පියවර ගන්න පුළුවන් (බ)
සිංහල අයට මෙහෙමනම් දමිල අයට කොහොම සලකනවා ඇද්ද මෙයාලා නේද .තව මානව හිමිකම් බලන්න එපාලු (බ)