මන්නාරම විල්පත්තු රක්ෂිතයෙන් කපාගත් දැවතොගයක් ඉරා අනවසරයෙන් ප්‍රවාහනය කරමින් සිටි බව කියන යුද හමුදා සෙබළුන් 15 දෙනෙකු සහා ග්‍රක් රියක් සිලාවතුර පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
එක් අයකුට රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් මුදා හරින ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ඒ ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකීය ඉතිහාසයේ සුදු ආක්‍රමනිකයින්ගෙන් පසු සිදුවන දැවැන්තම වන සංහාරය මේ මොහොත වන විටත් සිදු වෙමින් පවතී. සියල්ලෝම එකිනෙකාට ඇගිල්ල දිගු කරමින් සව්දිය පුරති. (බ)
රට නිදහස් කර ගත්තු රණවිරුවන් මොනවා කළාම ඔබලාට/අපිට මොකද?අද නිදහසේ ජිවත් වෙන්නේ රණවිරුවන් නිසා කියල හිතන්න පුරුදු වෙන්න. (බ)
පුදුමය කියන්නේ හැරෙන තැපෑලෙන් වගේ නිදහසුත් වෙන එකයි. නීතියක් රීතියක් නැති රටේ මොනවද කරන්න බැරි? (නි)
මේවා කපලා අයින් කරපුවා වගයක්ද කොහෙද? අනික පරණ කපපුවා වගයක් වගේ (නි)
රණවිරුවොනේ! ඔන්න ඔහේ කපා ගත්තාවේ (නි)
රණ විරුවන්ට ඇත නොතබනු ? ගෙදරට ඇවිල්ල මරල ගියත් ඔබව උස්සගෙන ගියත් ? (කෞ)
නඩු අහලා මෙයාලට හිරබත් කන්න වුණොත් ඊළඟට කියයි මෙන්න රණවිරුවන්ට සළකන හැටි කියලා. (නි)
රණවිරුවන් සම්බන්ධ නම් ඔවුන් පසුපස ඇති අදිසි හස්ත මෙයට වගකිවයුතු බවයි මගේ හැඟීම වෙන්නේ. (නි)
හමුදා සෙබළුන් අති පිරිසිදු අයද? බැලුවොත් ස්ත්‍රී දුෂණ, මංකොල්ලකෑම් වල ඉන්නේ හමුදා සෙබළු. හමුදා සෙබළු මොනවා කළත් අපේ අයට මහා වීරයෝ. (නි)
රණ විරුවන්ට මෙය කරන්න කියල අණ දීපු එවුන් නිදැල්ලේ. පොඩි මිනිහ බිල්ලට දෙන එක මේ රටේ දේශපාලු සම්ප්‍රදාය. (බ)
කවුරු කළත් වරද වරදමයි. කාටවත් විශේෂයෙන් සුදුහුණු ගෑමෙන් පලක් නැහැනේ. (නි)
කැලේ මාරුවුණාට පුල්ලි මාරුවෙයිද? (නි)
කවුරු කළත් වරද, වරදට දඩුවම් ලැබෙන්න ඕනේ . නමුත් ඔය කැලේ කපන තව පිරිසක් නිදැල්ලේ ඉන්නවනේ (බ)
මේක පිටුපස ඉන්නේ ලොකු " රණවිරුවෙක්" වෙන්න ඇති.අහුවුනේ "චුටි රණවිරුවෝ" ටිකක්. මොනවා වුනත් රණවිරු ලේබල් ගහගෙන මිනීමරන,ස්ත්‍රී දුෂණයේ යෙදෙන ,මංකොල්ලකන, හොරකමේ යන,කැලෑ කපන මොලේ අමාරුකරයොත් ඉන්නවා.රණවිරු ලේබලය දෙන්නේ රටවෙනුවෙන් ආක්‍රමණිකයාට විරුද්ධව අභිතව ජිවිත පරදුවන් සටන්කළ උතුම් යයි හැඟෙන මහත්වරුන්ට පමණයි.(බ)
පරිසර ආරක්ෂක ඇමතිතුමනි කුමක් සිදුවේද (කෞ)
නැහැ...නැහැ...හමුදා සෙබළුන් වෙන්න බැහැ. වැරදීමක් වෙන්න ඇති (නි)