බ‍්‍රහස්පතින්දා පැවති විරෝධතාවයේදී පොලිසිය තමන්ට නැවත නැවතත් පහර දුන් බවත් එසේ සිදුනොවූ බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන ව්‍යාජ අදහස් දැක්වීමක නිරත වන බවත් මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කෙරුණු ඡායාරූප වල සිටින තරුණිය වන සසිනි සන්දීපනී (21) පවසයි.
ඇය උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු වසර සිසුවියකි.
' මගේ කොන්දට වැදුණු පහරවල් කිහිපයක් නිසා මම බිමට ඇදගෙන වැටුණා.ඒ වුනත් එයාලා මට ගහන එක නැවැත්වුවේ නැහැ.' ඇය කියයි.
පොලිස් නිලධරයෙක් ඇයට පහර දෙන අයුරු පැහැදිලිව දැක්වෙන ඡායාරූප කිහිපයක්ම ඊයේ (30) පුවත්පත්හි පළව තිබිණ.
නමුත් මෙයට ප‍්‍රතිචාර දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ඇයට පහරදීමක් සිදුනොකළ බවත් එතැනදී සිදුවූයේ ඇයව එම ස්ථානයෙන් ඉවත් කිරීම පමණක් බවත්ය.
නමුත් තමන්ව එතැනින් ඉවත් කිරීමට එම පොලිස් නිලධාරීයා කිසිදු උත්සාහයක් නොදැරූ බවත් ඒ වෙනුවට ඔහු කළේ තම හිසට නොනවත්වාම පහර එල්ල කිරීම බවත් සන්දීපනී පවසයි.
' කදුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයෙන් පස්සේ අපි ඔක්කොම වටරවුම ළඟ තිබ්බ ජල විදිනය ළගට දුවලා ගියා.එතැනට වෙලා මුහුණ සෝදාගනිමින් ඉන්නකොට එක සැරේට පොලිසියයි කැරලි මර්ධන ඒකකයේ කට්ටියයි කඩා පැනලා අපිට ගහන්න ගත්තා.මගේ කොන්දට වැදුණු පහරවල් කිහිපයක් නිසා මාව බිමට ඇදගෙන වැටුණා.ඒ වුනත් එයාලා මට ගහන එක නැවැත්වුවේ නැහැ.ඊට පස්සේ එයාලා මගේ ඔලූවට පහර දුන්නා.දැන් මට ඔලූව හොලවන්නවත් බැරි තරම් වේදනාවයි.' ඇය කියයි.
' අපි වැරැද්දක් කළේ නැහැ.ඒ අයටත් අපි වගේ ළමයි ඇති.මට හිතාගන්න බැහැ කොහොමද ඒ අය මෙච්චර දරුණු විදිහට අපිට පහරදුන්නේ කියලා.' ඇය පවසයි.
සිසුන් පහරකෑමට ලක්වන අයුරු දැක්වෙන ඡායාරූප ප‍්‍රසිද්ධවීමත් සමග පොලිසිය හා රජය මහජනතාවගේ දැඩි විවේචනයට ලක්වුනි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසුවියට පහර නොදුන් බවත් එතැනදී සිදුවූයේ ඇයව එතැනින් ඉවත්කිරීමට ගත් උත්සාහයක් බවත් කීවේ මෙසේ නැගුණු විවේචනයන්ට පිළිතුරක් ලෙසය.ඇයව බිම ඇද වැටී තිබෙන්නේ සෙසු සිසුන් හා දිවයෑමේදී බවද ඔහු කීවේය.
තමන් මෙම දේවල් පවසන්නේ ඉතාම වගකීමෙන් බවද අවධාරණය කළේය.මෙම ඡායාරූප ප‍්‍රසිද්ධ කිරීමෙන් මාධ්‍ය පොලිසියට එරෙහිව ජනතාව නොමග යවමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.
මෙවන් විරෝධතාවයකට එක්වුනු පළමු අවස්ථාව මෙය වන බව සන්දීපනී පවසයි.
වේදනා දෙන බැවින් හිසෙහි තත්ත්වය පරීක්ෂා කර බැලීම සදහා සී.ටී ස්කෑන් පරීක්ෂණයක් සිදුකළ යුතුයැයි ජාතික රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි ඇය කියයි.
තවත් සිසුන් කිහිපදෙනෙක් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන බව අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.විරෝධතාවය ආවරණය කිරීමට ගිය ඇතැම් මාධ්‍යවේදීන්ටද පොලිසිය පහරදී ඇතැයි වාර්තා පළව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්ති.කොහොමටත් එයාලා උසස් අධ්‍යාපනය ලබලා උසස් රැකියාවකට ගිහාම එයාලගේ අයිතිවාසිකම් විතරයි බලන්නේ .මහජන අයිතිවාසිකම් නොවෙයි..! .මෙතැන කරලාත් තිබෙන්නේ මහජන අයිත්වාසිකමක් කැඩීම නොවේද කාර්ය බහුල වෙලාවක ප්‍රසිද්ධ පාරක් වහ ගෙන,අවහිර කරගෙන ..! .අන්තරේට,සහ තිරය පිටුපසින් ඉන්නා ඉන්න ජෙප්පොන් ට මේ පිළිබඳ හැගීමක් නැහැ. මේ නොතේරුම් ඇති ලා බාල යෞවනයන් පාරට දක්කනවා අවුස්සලා .( 1989 දී පාසල් ළමුන් පවා පාරට දක්කපු උදවිය තමයි ඔය. ඒ කාලේ නම් අනුර කුමාර විශ්ව විද්‍යාල යේ වෙන්න ඕන.බටහිර රටවල මෙන් මෙම අධ්‍යාපනයන් මුදල් ගෙවලා කරන්න වුනානම් කොහොම හිටීවිද...? නොමිලේ දෙන අධ්‍යාපන අවස්ථාවල අගයක් නැති එක තමයි මේ පෙන්වන්නේ. මේ සිසුන් ද ප්‍රවේගකාරීයි..! .හිරට කළු හැඳගෙන මැර කල්ලියක් වගේ.පොලිසියත් එතැනදී පමණ ඉක්මවා තියෙනවා.එය බොරු කරන්නට අසීරුයි මොන ප්‍රකාශ කළත් (බ)
පාරවල් වහගෙන උද්ගෝෂණ කරන එක වැරදියි කියමුකෝ. එතකොට වැටිලා ඉන්න ළමයට කොට ගහන එක හරිද.? (ර)
අපේ පොලිස් මාමල කවදාවත් බොරු කියන අය නෙමෙයි...අපි එක දන්නවා මාමේ... මට කියන්න තියෙන්නේ ඔය පොලිස් තොප්පිය දීපන් ළමයෙකුට...අපේ වැඩිහිටි පරම්පරාව මොඩයෝ කරල ඇන්දුවට අපිව අන්දන්න ටිකක් අමාරුවෙයි (බ)
ඒ වගේම තමයි කසුන් පුතේ ..ජනාකීර්ණ වෙලාවක කොලඹ පාරවල් හරස් කරලා වහ ගත්තම අපි යන්නේ උබලගේ ඔලු ගෙඩි උඩින්ද? කරන දෙයක් කරන විරෝධයක් වෙනත් එකෙක් ප්‍රාණ ඇපයට ගන්න හදන්නේ නැතුව වෙනත් කෙනෙකුට හිරිහැරයක් වෙන්නේ නැතුව කරන්න උබලට ඔය උගත් කමත් එක්ක මොලේ කලඳකුත් තිබ්බනම් උබල ගුටි කන්නේ නැහැ..හැබැයි එතකොට ඔය අන්තරේ අයියලට හිතට හරියන ප්‍රතිඵලයකුත් එතන නැහැ......(රේ)
කසුන් ළමයා.ඔය වයසේ අය කොහොමටත් ඇන්දීලා තමයි ඉන්නේ සමාජේ කොහේ බැලුවත් එක හොදට පේනවා. මේ කාපු කෑමෙන් වුනත් එය පෙනෙනවා.ටිකක් වයසෙන් මුහුකුරා ගියාම හරියයි....(රේ)
උපුල්, පාරේ යනකොට මහජනයාට යන්න ඕන විදිය කියලා දීලා සාමකාමී උද්ගෝෂණ කරන හැටි ඉගෙන ගන්න. (ර)
අනේ හැබෑට මෙහෙමත් නිලධාරීන්? (නි)
අනේ කසුන් මහ දැනමුත්තෝ ! මේ රටටම ඉන්න එකම දැන උගත් බුද්ධිමත් කොට්ටාශය තමුන්නහෙලා විතරද ? ගුටි කාපු එක පුදුමයක් නෙවෙයි. පොලිසියේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම පරීක්ෂා කරන්න යන්න ඇති. (බ)
ඡායාරූප දුටු අපිට සාක්ෂි හොඳටම ප්‍රමාණවත් (නි)
පහරදීම අමානුශිකයි.නමුත් විශ්ව විද්යාල සිසුන්ගේ තියෙන සියලු දේම දන්නා බව සිතීම පිලිබඳ ලැජ්ජයි. කැම්පස් ගියානං ඉගෙනගනිල්ල. (බ)
මේ ළමයි රස්සාවට ගිය දවසටත් ඔච්චරයි . රාජකාරිය පැත්තකට දාලා කාර්යාලය ඉස්සරහ කළුපටි තද කර ගෙන ඉඳීවි. රැකියා ආයතන ප්‍රධානින් හොඳට මේ මුණු ටික මතක තියා ගන්න. මෙහෙම කට්ටිය වැඩට ගත්තොත් ආයතන ගිණුම් හැදිල්ල කෙසේ වෙතත් සදහටම ගිණුම වහන්න වේවි. (බ)
දැන් කාටද පාඩුව දුවේ? අත පය නොකඩා හදපු මව්පියන්ට නේද ? තමන් දිගතල යන දවසටත් මේ පින්තුරය කාගේ හරි මතකයේ රැඳුනොත් එකත් තමන්ගේ හරහට හිටීවි. එම නිසා දැනට තමන්ගේ යුතුකම ගැන විතරක් හිතලා සුදුසු කාලයක අවස්තාවක අයිතිවාසිකම් ගැන හිතන්න. (අ)
මේ සිද්ධිය බොරු වෙන්න විදියක් නෑ.මේ දැරියට හොදටම පහර දෙනවා.(හේ)
ගහපු එක හරියටම හරි (හේ)
මේ දරුවාට වෙච්ච දේට සාධාරණයක් කරන්න.(හේ)
කසුන් මල්ලියේ මේ රටේ අනෙක් වැඩිහිටියන්ට කලින් ඔයගොල්ලන් නිසා ඇන්දිලා ඉන්නේ ඔයාලාගේම ගෙවල් වල උදවිය . ඒ මොකද ඉගෙන ගන්න යනවා කියලා ඒ උදවියට කෙප්ප ඇත ඇරලා අන්තිමේ සිවිල් නීති කඩලා ගුටිකාලා ගිහින් ගෙදර කියන්නේ පාරේ යනකොට ලිස්සලා වැටුනා කියලා. ඔය උද්දච්ච කටවල් නිසා තමයි ඔයාලාගේ ප්‍රශ්න දිහා අපිට නම් බලන්නවත් නොහිතෙන්නේ. (බ)
මුන්ට නිදහස් අධ්‍යාපනය දීම තමා වැරැද්ද. (බ)
හිතුව වගේම කට්ටිය පළමු වසරේ කට්ටිය ..අන්තරේ අයියල ජහ් ජහ් ගාල මි හරක් රැල දැක්කුව ....නංගි කළු ඇදගෙන පටි බැදගෙන බැරියර් පෙරලගෙන වීරයෝ වෙන්න ගිහින් ගුටි කෑව..දැන්වත් හැදියල්ල..එක එකා දක්කන්නේ තමන්ට ආදරේට නෙමෙයි උඹලට වදින කොට ඔලු පැලෙන කොට නැත්නම් එකෙක් දෙන්නෙක් බෑවෙන කොට ඒවා විකුණලා උන්ගේ දේශපාලන ගමනට දෙයක් එකතු කර ගන්න කියල.මගේ එකියෙක්නම් ගෙදර ආපු ගමන් මමත් දෙනවා මතක හිටින්න එක එකා ජහ් ජහ් ගෑවට දැක්කිලා පොලිස්යෙන් කාපු ඒවාට මදිපාඩුවට අතුරු පසත් කාපන් කියල.. (අ)
රුවන් මට ඔබ ගැන හරිම කනගාටුයි මල්ලි දැන්වත් ඔය මොන්ටිසෝරියෙන් එලියට වරෙන්. ඇවිල්ල ඉස්කෝලෙකට යන්න බලපන් උඹට වෙන කියන්න දෙයක් නැහැ (බ)
පිවිතුරු කියන්නේ ගෝත්‍රික මනසක් ඇති බත් බැලයෙක් (බ)
උසස් අධ්‍යාපනයට යන්න කලින් රටේ සිවිල් නිතිය ගැන දැනුමක් ගන්න. අපි වරදක් කළේ නැතිලු. මහජනයා ට ගමනාගමන අවහිරයක් ඇති කිරීම වරදක් කියලා ගෙවල් වලින් වත් කියලා දීලා නැද්ද ? (බ)
සිසුන් කළ දේ 100% නිවැරදි නොවෙන්න පුළුවන්, එ්ත් පොලිසියට පුලුවනිද මෙසේ තඩි බාන්ඩ, අපි දැක්කා හේමාල් ගුණසේකරලාට, මුතුහෙට්ටිගම්ලාට පොලිසියෙන් තඩි බානවා (අනේ අම්මෝ ඒ අයට ගහපු ගැහිල්ලක්, මතක් වෙද්දී ඇග ගැහෙනවා, මගේ නොවේ පොලිසියේ අයගේ) අර අහිංසක දැරිවිට ගහන නරුමයා, මුතුහෙට්ටිගම පොලිසියට ඇවිත් සැකකරුවන් පැහැර ගෙන යද්දී ගැහුවනම් මොනවා වෙයිද? සුජීව සේනසිංහ අධිකරණ නියෝග පැහැර හරිද්දී මේ කට්ටිය හොරා පොලිස්, බඩ ඇති රාළහාමි ඔහේගේ කොලොස්ටෝරෝල් අඩු කර ගැනීමට ව්‍යායාම කළ යුතු මුත් ඔය දැරිවිට නොතැලිය යුතුය. සිසුවියන් සිටි නම් ඩබ්ලිව්පීසීලා සිටිය යුතු නොවේද ? (බ)
උසස් අධ්‍යාපනය ගැහැනු ළමයින්ගේ ගැහැනු කම නැති කරගන්න හේතුවක් වීම ඉතාම කනගාටුදායකයි. කාන්ති කිව්වත් වගේ ළඟ ඉන්න තරුණ ඉලන්දාරින්ගේ ඇඟේ එල්ලීගෙන ගුටි කාගෙන යන පින්තුර මේ තරුණියන්ගේ වැඩිහිටියන්ට ආඩම්බරයක්ද ? (අ)
ඔහොම හිතුන ගමන් පාරවල් වහගෙන විරෝධතා කරන්න දෙන්න පුළුවන් ද? ගහල එලවන්නම තමයි තියෙන්නේ?(හේ)
ලංකාවේ විශ්ව විද්‍යාලයට යන්න පුළුවන් ඉතාම සුළු ප්‍රතිශතයකට එක ඇතුලට ගිහින් ගණකාධිකරණ උපාධිය ගත්ත කියන්නේ ජීවිතය ගොඩ , එහෙවු එකේ අන්තරේ කිවුව කියල පාරවල් වහගෙන පිස්සු නැටුවහම පොලිසියෙන් ගුටි කන එක අහන්නත් දෙයක්ද ? පොලිසිය බිම වැටුන අයට ගහපු එක වැරදි , නමුත් පොලිස් රාළහාමිලා සමහරවිට අටවෙනි ශ්‍රේණිය විතරක් සමත් වුන කෙනෙක් වෙන්න පුළුවන් ඒගොල්ල හැසිරෙන්නේ වෙනස් විදිහකට ,යහ පාලනය අාවා කියල පොලිස් නිලධාරියන්ගේ සිතුම් පැතුම් හැසිරීම මාස 10 ඇතුලත වෙනස් නොවේ හොඳම දෙය පාරවල් අවහිර නොකර උද්ඝෝෂණ කිරීමය (බ)