IMG-LOGO

වැට් බද්දට එරෙහිව විමල්ගෙන් පෙත්සමක්

වැඩි කළ ජාතිය ගොඩනැඟීමේ බද්ද හා වැට් බද්ද බල ශුන්‍ය කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

නීතීඥ මහේෂිකා අබේසූරිය මහත්මිය මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස  මුදල් අමාත්‍යාංශ අමාත්‍ය රවි කරුණානායක, අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග , දේශිය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

භාණ්ඩ හා සේවා රැසකට බලපාන පරදි මැයි 01 වැනි දා සිටි ක්‍රියාත්මක කළ   මෙම බදු පැනවීම ඉතාම අසාධාරණ බැවින් එම බදු වැඩි කීරීම නවත්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමින් ඉල්ලා ඇත.

46a5a97485c39cbf28eeb2989bff55e65c50b53165924d51bc92f0f6634902eb_full 06741cab17eb10e343b1d3b66d2c4c0849a50fc188e727b20a91abad2b851249_full 185299b7768338b6adfaf09a6ca1a8d8a5d952592a9554fdcc994458bc079729_full

 

ජායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ



අදහස් (0)

වැට් බද්දට එරෙහිව විමල්ගෙන් පෙත්සමක්

සිවා Wednesday, 11 May 2016 07:34 AM

වැට් බද්දට එරෙහි වුනා කියල ඔය ඩබලගේ පාස්පෝට් සහ වීසා අත අරින්නේ නැහැ (බ)

:       0       0

සිරිල් Wednesday, 11 May 2016 12:18 PM

දැන්නම් ජන දුක දකින් නැහැ නීතියත් බඩුත් හාමුදුරුවන්ගේ නිසා (බ)

:       0       0

මහින්දපාල Wednesday, 11 May 2016 07:39 AM

රට ආර්ථික අතින් ඉතා අසීරු අවස්ථාවක පාර්ලිමේන්තුවේ සිටින සියලු මන්ත්‍රීවරුනට තීරැ බදු රහිත අලුත් වාහන ලබාදීමටද මෙවනී පෙත්සමක් ලබාදුන් නොත් ඔබ මේ කරන ක්‍රියාව සුබදායකව දැකිය හැක නැතුව මන්ත්‍රී වරප්‍රසාද ඉහලින් භුක්ති විදමින් වාහන විකුනාගනිමින් බොරු ප්‍රදර්ශන එපා. (බ)

:       0       0

බෙනට් Wednesday, 11 May 2016 12:31 PM

ලංකාවට ආනයන වලදී එක බද්දක් තිබුනම ඇති . ආනයන බද්ද .. එය බාණ්ඩයේ වටිනාමට ගහන ප්‍රතිශතයක් ලෙස තීරණය කර සියලු ජනතාවට දැනගැනීම පිණිස රේගු පනතේ සඳහන් කලයුතුයි . අනිත් සියලුම බදු එතුලින් වෙන් කරගෙන අයකරගැනීමට රජයේ ආයතන සහ සේවකයන්ට පැවරිය යුතුයි . ඒ සඳහා තමයි ජනතාව පඩි ගෙවීම සඳහා බදු ගෙවන්නේ .. එහෙම නැතුව මොන ආණ්ඩුවෙන් වුණත් මේ ගහන බදු ගැහිල්ලයි , බදු ක්‍රමයයි වංචාවක් .(අ)

:       0       0

අමිරා Wednesday, 11 May 2016 12:38 PM

මෙයාගේ නියාය අනුව 2005 නඩු තියෙද්දේ ඔහුට වේගයෙන් නඩු දමා තිබෙනවා නම් මේ දමපු නඩුව 2025 විතර මතුවෙයි නේද ?සාමාන්‍ය දැනීමයි අනුන් ලියල දෙන කතා ගිරවු වගේ කියවීමයි දෙකක් බව මොහුට වඩා උගත් ජනතාව දන්නවා . (අ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 11 May 2016 07:58 AM

මේ වැට් වැඩිකිරීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. පාස්පෝට් කතාව අඩිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. මහින්දගෙ කාලෙ බදු ගහනකොට මෙතුමා හිටියෙ හැංගිලානෙ (නි)

:       0       0

රාජ්කුමාර් Wednesday, 11 May 2016 01:10 PM

.. පව් අප්පා.. පව්. (අ)

:       0       0

රණසිංහ Wednesday, 11 May 2016 09:27 AM

ඔය කතා කරන කාට කාටත් වැට් වදිනකොට් තේරේවි හොදට මටක තියා ගන්න (ම)

:       0       0

සඳුන් Wednesday, 11 May 2016 09:54 AM

ලොකු සේවයක් වැට් බද්ද වෙනුවෙන් නැගී සිටිනවාට මොකද අද දුරකථන බිලට ගහපු බදු අපිට දැනෙනවා (ම)

:       0       0

සිරිල් Wednesday, 11 May 2016 09:54 AM

ඔබ තුමා ගෙනියන සටනට ජය වේවා (ම)

:       0       0

පුෂ්ප Wednesday, 11 May 2016 10:52 AM

අපිත් 100% එකඟයි. (ර)

:       0       0

ඩග්ලස් Wednesday, 11 May 2016 11:04 AM

ශක්තිමත් විපක්ෂයක් දැන් ඉන්නවා ජය වේවා (ම)

:       0       0

දුමින්ද Wednesday, 11 May 2016 11:12 AM

ජන දුක අන්ද නීතිය දකීවිද ? (ම)

:       0       0

දුමින්ද Wednesday, 11 May 2016 11:10 AM

ජන දුක අන්ද නීතිය දකීවිද ? (ම)

:       0       0

උපාලි Wednesday, 11 May 2016 11:19 AM

හරි ලස්සනයි ඒ ඇඳුමට. හරිම එඩිතර බවකුත් පෙනෙනවා. (ර)

:       0       0

ශාන් සෞදි Wednesday, 11 May 2016 06:52 AM

එතකොට මෙයාගේ ඒවාට කවුද උසාවි යන්නේ (බ)

:       0       0

සුසන්ත Wednesday, 11 May 2016 07:11 AM

අර එෆ්සීඅයිඩි එක නීතිවිරෝධී කියලා දාපු නඩුවට මොකද වුණේ? (නි)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 11 May 2016 12:00 PM

මේ කරන්නේ ලොකු මාද්‍ය සංදර්ශනයක් නේද ? (ර)

:       0       0

කරුණාරත්න Wednesday, 11 May 2016 07:17 AM

ඔව් ඉතින් දැන් කරන්න කියන්න වෙන කුමන්ත්‍රණ කතාවකුත් නැති නිසා බදු වලට විරුද්ධව උසාවි යන එක හොඳයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 495 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 319 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 488 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site