වැඩි කළ ජාතිය ගොඩනැඟීමේ බද්ද හා වැට් බද්ද බල ශුන්‍ය කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
නීතීඥ මහේෂිකා අබේසූරිය මහත්මිය මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස මුදල් අමාත්‍යාංශ අමාත්‍ය රවි කරුණානායක, අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග , දේශිය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
භාණ්ඩ හා සේවා රැසකට බලපාන පරදි මැයි 01 වැනි දා සිටි ක්‍රියාත්මක කළ මෙම බදු පැනවීම ඉතාම අසාධාරණ බැවින් එම බදු වැඩි කීරීම නවත්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමින් ඉල්ලා ඇත.
ජායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැට් බද්දට එරෙහි වුනා කියල ඔය ඩබලගේ පාස්පෝට් සහ වීසා අත අරින්නේ නැහැ (බ)
දැන්නම් ජන දුක දකින් නැහැ නීතියත් බඩුත් හාමුදුරුවන්ගේ නිසා (බ)
රට ආර්ථික අතින් ඉතා අසීරු අවස්ථාවක පාර්ලිමේන්තුවේ සිටින සියලු මන්ත්‍රීවරුනට තීරැ බදු රහිත අලුත් වාහන ලබාදීමටද මෙවනී පෙත්සමක් ලබාදුන් නොත් ඔබ මේ කරන ක්‍රියාව සුබදායකව දැකිය හැක නැතුව මන්ත්‍රී වරප්‍රසාද ඉහලින් භුක්ති විදමින් වාහන විකුනාගනිමින් බොරු ප්‍රදර්ශන එපා. (බ)
ලංකාවට ආනයන වලදී එක බද්දක් තිබුනම ඇති . ආනයන බද්ද .. එය බාණ්ඩයේ වටිනාමට ගහන ප්‍රතිශතයක් ලෙස තීරණය කර සියලු ජනතාවට දැනගැනීම පිණිස රේගු පනතේ සඳහන් කලයුතුයි . අනිත් සියලුම බදු එතුලින් වෙන් කරගෙන අයකරගැනීමට රජයේ ආයතන සහ සේවකයන්ට පැවරිය යුතුයි . ඒ සඳහා තමයි ජනතාව පඩි ගෙවීම සඳහා බදු ගෙවන්නේ .. එහෙම නැතුව මොන ආණ්ඩුවෙන් වුණත් මේ ගහන බදු ගැහිල්ලයි , බදු ක්‍රමයයි වංචාවක් .(අ)
මෙයාගේ නියාය අනුව 2005 නඩු තියෙද්දේ ඔහුට වේගයෙන් නඩු දමා තිබෙනවා නම් මේ දමපු නඩුව 2025 විතර මතුවෙයි නේද ?සාමාන්‍ය දැනීමයි අනුන් ලියල දෙන කතා ගිරවු වගේ කියවීමයි දෙකක් බව මොහුට වඩා උගත් ජනතාව දන්නවා . (අ)
මේ වැට් වැඩිකිරීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. පාස්පෝට් කතාව අඩිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. මහින්දගෙ කාලෙ බදු ගහනකොට මෙතුමා හිටියෙ හැංගිලානෙ (නි)
.. පව් අප්පා.. පව්. (අ)
ඔය කතා කරන කාට කාටත් වැට් වදිනකොට් තේරේවි හොදට මටක තියා ගන්න (ම)
ලොකු සේවයක් වැට් බද්ද වෙනුවෙන් නැගී සිටිනවාට මොකද අද දුරකථන බිලට ගහපු බදු අපිට දැනෙනවා (ම)
ඔබ තුමා ගෙනියන සටනට ජය වේවා (ම)
අපිත් 100% එකඟයි. (ර)
ශක්තිමත් විපක්ෂයක් දැන් ඉන්නවා ජය වේවා (ම)
ජන දුක අන්ද නීතිය දකීවිද ? (ම)
ජන දුක අන්ද නීතිය දකීවිද ? (ම)
හරි ලස්සනයි ඒ ඇඳුමට. හරිම එඩිතර බවකුත් පෙනෙනවා. (ර)
එතකොට මෙයාගේ ඒවාට කවුද උසාවි යන්නේ (බ)
අර එෆ්සීඅයිඩි එක නීතිවිරෝධී කියලා දාපු නඩුවට මොකද වුණේ? (නි)
මේ කරන්නේ ලොකු මාද්‍ය සංදර්ශනයක් නේද ? (ර)
ඔව් ඉතින් දැන් කරන්න කියන්න වෙන කුමන්ත්‍රණ කතාවකුත් නැති නිසා බදු වලට විරුද්ධව උසාවි යන එක හොඳයි. (ම)