වැට් බද්ද ඉහළ නැංවීම සිදුකර ඇත්තේ කෙටි කාලයකට පමණක් බව වැඩබලන මුදල් අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (6) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් දී පැවසීය.
මෙම වසරේදී ලැබෙන්නට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල්, ජපානයෙන් හා කොරියාවෙන් ලැබෙන්නට නියමිත ආධාර හා ණය මුදල් ආදිය ලැබීමෙන් පසු වැට් බද්ද සියයට 12ක් පමණ දක්වා අඩු කිරීමට හැකිවේයැයි විශ්වාස කරන බව ද ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය රජය කළ විනාශයන් මකාගෙන රටේ ආර්ථිකය යහපත් කරන්න මේ රජය ගන්න උත්සාහය මිනිසුන්ට නොතේරීම කණගාටුදායකයි. (නි)
වැට් බද්ද පිටත තිබෙන ණය ගෙවනතුරු විතරයිලුනේ. හැබැයි ණය ගෙවීම ඉවරවෙන්නේ නැහැ. කාටද මේ බොරු කියන්නේ? (නි)
වාහන පර්මිට් ගන්න ගොඩක් මන්ත්‍රීවරුන්ට දැනටමත් වාහන පර්මිට් තියෙනවා. ඉතින් මේවා ව්‍යාපාරිකයන් මිලදී ගන්නවා. මේ එක පර්මිට් එකක් ලක්ෂ 200 ක් විතර වටිනවා. මේ නිසා රජයට ලැබිය යුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක් ඉන්න නිසා ගාන හදල බලන්න. ඊට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් ලැබෙනවා. රජයට අහිමිවන බදු මුදල් ප්‍රමාණය මෙතකැයි කියන්න බැහැ. මේක කිසිසේත්ම සාදාරනීකනය කරන්න බැහැ. (හේ)
දැන් ජනතා බලවේගයකට කාලේ හරි. රටේ සිටින උගතුන් එක්වී නව පක්ෂයක් පිහිට විය යුතුයි. අද අපි කරමින් සිටින්නේ මිලියන 20 ක ජනතාවක් 225 කගේ සුක විහරණය වෙනුවෙන් කැපවීමකි. මන්ත්‍රී පෙර්මිට් අහෝසි කිරීම, පාර්ලිමේන්තුව 100 ට අඩු කිරීම, වසර 5 ක් සේවය කොට ජීවිත කාලයම මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලැබීම නැවතීම. හැකි තාක් පරිපාලනමය කටයුතු පරිගණක ගත කිරීම. අනවශ්‍ය විදේශ ගමන් නවතාලීම,මන්ත්‍රීවරුනට ලැබෙන අනවශ්‍ය දුරකථන , නිවාස , ඉන්දන දීමනා කපා හැරීම සිදුකල හැක්කේ මෙවැනි ජනතා බලවේගයකින් මතුවන නව පක්ෂයකින් පමණි.(හේ)
මෙන්න මේ අය තවත් බොරුවක් කියනවෝ.(හේ)
යහපාලනය දැන් සනීපද දන්නෙ නැහැ (නි)
කිවුවෙ නම් හොරකම නවත්තලා 10 ගුණයක් සංවර්ධනය කරනවා කියලා. දැන් 1/10 ක්වත් සංවර්ධනයක් නැහැ. හැබැයි හොරකම නාස්තිය කලින් ආණ්ඩුව අවුරුදු 10න් කළ දේ මෙයාලා අවුරුදු 2,3කින් කරයි වගේ. (නි)
කොච්චර කාලේකටද?(හේ)
60% කට තමන් කළ මෝඩකමක තරම තේරෙයි. අනාගත පරම්පරා වලට විඳවීමට සළස්වන අනතුරු මතු පැමිණීමට නියමිතයි (නි)
තිලක් ඩුබායි ,කළු සුදන්ට කඩේ යාම නවතා ඔබගෙන් පැවතෙන අනාගත පරපුරට සුරක්ෂිත නිවහල් රටක් ඇති කිරීමට අදිටන් කරගන්න (නි)
මම සේනකට එකගයි. දේශපාලන නායකයෝ බලන්නේ රජයේ පැවැත්මට මන්ත්‍රීලට වරප්‍රසාද දෙන්න. ජනතාව එකතු වෙලා ඔවුන් ගෙදර යැවීමට හැකිබව අපේ බලයෙන් පෙන්වා බහුතර ජනතාවට වාසි වෙන විදිහට රජය ගෙනියන්න පෙළඹිය යුතුයි. ලෝකයේ දියුණු වෙලා තියෙන්නේ එවැනි රටවල් තමයි. (හේ)
එන්න එන්න, ඊලග ඡන්දෙදි අපි නියම උත්තරේ දෙන්නම්, (ර)
ඇයි කලින් කිව්වා නේද වැට් වැඩිකරන නිලධාරීන් ගෙදර යවන බව? දැන් ගෙදර යවලද දන්නේ නැහැ නේද? (නි)
මේකත් හරියට “කුලියාපිටියේ වොක්ස්වැගන්, අඩුමිලට කාර්, නොමිලේ වයිෆයි“ වගේ. (නි)
එතකොට ඒ ණය ගෙවන්නෙ කවුද? (නි)
ටික කාලයක් කියන්නේ අවුරුදු කීයක්ද? (නි)
කාලය හරියටම කියන්නේ නැත්තේ කාලය ඉලාස්ටික් වගේ නිසාද? (නි)
බොරතෙල් මිල 70%ටත් වඩා පහළ ගියාම තෙල් මිල සතයක්වත් අඩුනොකළ ආණ්ඩුව මේ බද්දත් පහළ දාන එක විශ්වාසයි (නි)
එ්කට කමක් නැහැ. ළඟදීම අපි මේ පාර්ලිමේන්තුවේ කාලයත් කෙටි කරනවා. ඉක්මනින්ම අපි ඡන්දය දීලා කළ වැරැද්ද හදන්න ඕනෑ (නි)
බොරු නම් කියන්න එපා තවත් (නි)
කවුද දන්නේ ඕවා මොන කාලේ ලැබෙයිද කියලා (නි)
ඔය ආධාර සහ ණය මුදල් වලින් ඇයි කෝටි ගණන් දීලා කාර් ගන්නේ? වැට් ගහන්නේ නැතුව ඒවා ලබන අවුරුද්ද වෙනතුරු නවත්තන්න. (නි)
මට පෙනෙන හැටියට මීටවඩා මහින්ද රජය හොඳයි (නි)
12%කට වඩා අඩුකරන්න බැරිද දන්නෙ නැහැ (නි)
කතාව නම් ඉතා පැහැදිලියි. මොකද මේ ආණ්ඩුව පවතින්නේ තව බොහොම ටික කලක් නිසා (නි)
මහත්තයෝ, දැන් කතා ඇති. ඔයාලට කරන්න බැහැනේ ඔය කියන දේවල්. (නි)
ඇත්ත. අපි ඉන්නේ ටික කාලයයි. ඒ ටිකට කාලයට වැට් නොගහා බැහැ. අවුරුදු 20 කම හිටියේ බඩගින්නේ. දැන් කන්න ලැබුන වෙලාවේ කනවා ඇතිවෙන්නම. (නි)
ටික කලකින් ඔය කියන ණය ගෙවා ගන්න පුළුවන්ද? (නි)
සේනක මහත්මයා කාලෝචිත මාතෘකාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි හදමු හොඳ පක්ෂයක් රටට අවංකවම වැඩක් කරන, පුරසාරම් කතා නැති, ජනතාවට බරක් නොවෙන සැබෑ දේශපාලන බලවේගයක්. මේක ජාතික අවශ්‍යතාවයක් බවට පත්වෙලා ඉවරයි. (නි)
දැන් ජනතාව රවටන්න බැහැ. (ර)
සේනක, අපිට ඕක හීනයක් විතරයි. එහෙම දෙයක් පටන් ගන්නවා නම් ප්‍රථමයෙන් දැනට දේශපාලනයේ සිටින කිසිම කෙනෙක් පක්ෂයේ තනතුරු වලට නොගත යුතුයි. ඒ වගේම පොරවල් වීමට දත මැදගෙන බලාසිටින මෝඩ උගත්තුත් අයින් කළයුතුයි. පිටරටවල ඉන්න තලතුනා උගත් මිනිසුන් මෙයට පෙරමුණ ගත යුතුයි. (නි)
සුජිත් නිව්යෝර්ක්, මට කියන්න තියන ටික නියමෙටම කියලා (නි)
කම්බා හොරු, තක්කඩි, මංකොල්ලකරුවන් ඉදිරියේ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන අපේ අය අසරණ දුප්පත් ජනතාව ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගන්නවා. ඒ ගැන මගේ ප්‍රණාමය! (නි)
ඒ ටික කාලය හොඳටම ඇති අපිට! (නි)
රට කම්බා හොරුන්ට යටත්වෙලා සිටිය කාලේදී ගසා කාපු ධනස්කන්දය සොයන්න.ඒ කෝටි ප්‍රකෝටි මුදලින් අපේ රට තව අවුරුදු 100 කට ජනතාවට බරක් නැතුව කරගෙන යන්න පුළුවන්. (නි)
මෙහෙමහරි හිතට සහනයක් දීම ගැන අපේ සතුට! (නි)
ඇමතිතුමනි, ඔබට හොඳ අනාගතයක් තිබෙනවා. එය නැතිකරගන්න එපා (නි)
ටික කාලයක් කියන්නේ, ඊළඟ ඡන්දෙ එනකන් නේද? අපි පව් නේද? ලංකාවේ ඡන්දදායකයෝ තරම් මෝඩ රැලක් මුළු ලෝකයේම නැතුව ඇති. (නි)
"පිටරටින් ලැබෙන ණය" ට පස්සේ වැට් අඩුකිරීමට හැකිවේ. මේවගේ දෙයක් හිරිකිතයක් නැතුව කියන්න පුළුවන් රටක ජීවත්වන මිනිසුන් කොපමණ දීන, නිවට, නිර්ලජ්ජිත කොට්ඨාශයක් වෙන්න ඕනෑද?
මන්ත්‍රීවරුන්ට වාහන මිලදී ගැනීමටත්, විදේශ සංචාර සඳහාත්, ඇමති වරප්‍රසාද සඳහාත් විශාල මුදලක් වැයවෙනවා. ඒ වෙනුවෙන් ජනතාව මේ කැපකිරීම කරන මෙන් ඉල්ලා සිටිනවා. (නි)
අනේ! ඔය බයිලා අහලා දැන් ඇතිවෙලා (නි)
අඩු කරයි බලන් ඉන්නකෝ.(හේ)
මේ රජය කරන වැඩ හමුවේ තව මාස කිහිපයක් යනකොට ජනතාව රජයට එරෙහිව පාරට බහිනවා . එකයි කියන්න කෙටි කාලයකට පමණයි කියලා.මොකද මේ රජයට ආයුෂ බොහොම අඩු බව උන්නැහෙත් දන්නවා. (හේ)
දැන් කතා කරලා වැඩක් නෑ අපි අනාතයි.(හේ)
ඡන්දෙ දීල කරගත්ත විනාශයක්. රටම කෑවා. ඡන්දයක් තියෙනතුරුයි අපි බලාඉන්නේ. රටේ හැමදෙනාම රැවටුවා.තවත් තව තවත් රවටනවා. කිව්වොත් බොරුවක්. (නි)
කඹ හොරුන්ගේ හොරකම් නැවත්තුනම, දුෂණය , නාස්තිය නැති වුනාම අපිට ඕන තරම් සල්ලි තියෙනවා කිව්වා නොවේද ? අය ඉතින් ණය ගන්නේ?(හේ)