භාණ්ඩ කිහියකට සඳුදා (2) සිට වැට් බද්ධ වැඩිවීමක් සිදුවන බවත් අධ්‍යාපනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි වැට් බදු වැඩිවීමක් සිදු නොවන බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
දුරකථන සඳහා සුළු වශයෙන් බදු වැඩිවීමක් සිදුවන බවත් ඇමැතිවරයා කීය.
‘මේක ඇත්තටම දූෂණ බද්දක්. ගිය ආණ්ඩුව ගත් ණය දූෂණ නිසා ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනෑ.‘ යැයි ද ඇමැතිවරයා කීවේය.
ඒ අනුව වර්තමානයේ පවතින බදු අයවන සැපයුම මත බදු අනුපාතය 11% සිට 15% දක්වා ඉහළ දැමේ. විදුලි සංදේශ සේවා, විදුලි සංදේශ ක්ෂේත්‍රය සඳහා යොදා ගැනෙන යන්ත්‍රෝපකරණ සහ අධිතාක්ෂණික උපකරණ, තඹ කම්බි, දේශීය විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් නිකුත් කරනු බලපත්‍ර, සෞඛ්‍ය සේවා සැපයීම, මැයි 2න් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම යන සේවාවන්ගේ බදු නිදහස ඉවත් කෙරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙල්බන් සිරිවර්දනයි ලක්මාලුයි හොඳට හොයල බලන්න මම කියුවදේ මොකක්ද කියල. (ර)
රවී ඇමතිතුමාගේ මැයි දින තෑග්ග ජනතාවට පිරිනැමූ වගයි (නි)
අපිට සතුටුයිනේ දැන්.... (නි)
දැන් ජනතාව අසරණයි.(හේ)
පුද්ගලික පාසල් සහ රෝහල් නිසා ආණ්ඩුවට වියදම් අඩුවෙනවා. ඒවාට යන අයත් ආණ්ඩුවේ ඒවාට අවොත් ඒවටත් ආණ්ඩුව වියදම් කරන්න ඕනනේ.(හේ)
පුද්ගලික පාසල් සහ රෝහල් නිසා ආණ්ඩුවට වියදම් අඩුවෙනවා. ඒවාට යන අයත් ආණ්ඩුවේ ඒවාට අවොත් ඒවටත් ආණ්ඩුව වියදම් කරන්න ඕනනේ.මේ ටික මේ හරක්ට තේරෙන්නේ නැහැ.(හේ)
රජයේ අධ්‍යාපනයට සම්බන්ධ සියලු අංශ වලින් වැට් බද්ද නිදහස් කර ජාත්‍යන්තර පාසල් වලට බද්ද පැනවීම හොඳ දෙයක්. ජාත්‍යන්තර පාසලකට දරුවන් යවන්න පුළුවන් දෙමාපියන්ට පුළුවන්කමක් තිබිය යුතුයි වැට් බද්ද ගෙවන්න. රජයේ රෝහල් සියලු අංශ වලින් වැට් බද්ද නිදහස්කොට එය පුද්ගලික අංශයට පැනවීමත් හොඳ දෙයක්. ඊට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකින් බද්ද නිදහස්කොට යම් යම් දේවල් මත වැට් බද්ද ඉහළ නැංවීමද කළයුතුයි. බදු පැනවීම තුළින් ජනතාවට යම් පීඩනයකට මුහුණදෙන්න සිදුවුවත් එය රටේ දියුණුව උදෙසා මහජනතාව වන අපගේ යුතුකමක් වේ. (නි)
මහත්තයෝ, නිකන් බොරු කියන්න එපා. බැරිකම වහගන්න කියන කතන්දර ඕවා. ජනතාවට දෙන මේ වද වලට ඔයාලට සැනසීමෙන් ඉන්න පුලුවන්ද? (නි)
චන්න ප්‍රසන්න දන්නා දෙයක් නැහැ. ආණ්ඩුවේ තියා පෞද්ගලික අංශයෙවත් වැට් තිබුනේ නැහැ. අනෙක වැට් හැම කෙනෙකුම ගෙවියයුතු වක්‍ර බද්දක් (නි)
චන්න ප්‍රසන්න මහත්තයෝ, මෝඩකම ලෝකෙටම පෙන්වන්න එපා. (නි)