වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබද තීන්දුව ළගදීම කථානායකට ඉදිරිපත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) ප්‍රකාශ කළේය.
එම කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිළ ,බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි සහ නීතීඥ දිනේෂ් ද සිල්වා ඉදිරිපත් කළ පෙත්සම් 04ක් අගවිනිසුරු කේ .ශ්‍රී පවන් මහතා ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගැනිණ.
ලිඛිත දේශන ඇත්නම් ලබන 19 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස අධිකරණය දැනුම් දුන්නේය.
පෙත්සම්කාර පාර්ශවයන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා පෙන්වා දුන්නේ අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. එබැවින් එම කෙටුම්පත සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයට දන්වා ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය එම කරුණු ප්‍රතික්ෂේප කරමින් දක්වා ඇත්තේ අදාළ සියලු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකුල බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඹ ඇදීම ක්‍රීඩාවක් වන්නේ අවුරුදු උත්සව කාලයට පමණයි. එහෙත් අහෝ ඛේදයකි. වසර පුරාම අපේ ඇත්තෝ කඹ අදිති. දිනන අයෙක් නම් නැත. මන්ද හැමෝම පරාජිතයන් වන නිසාය. (නි)
මොකක් වුණත් මේක මහජනතාවට අවාසි පනතක් (නි)
ගම්මන්පිල නීතිඥ මන්ත්‍රීතුමා මේ කළ සේවය නම් ඉහළයි. නිකන් කට තියන පළියට ඔහේ දොඩවන පුස් ඇමතිවරු වගේ නැතුව ආණ්ඩුව ගේන ගේන වැට් පනතට එදිරිව නියම විදියට උසාවිය ඉස්සරහට ගිහිල්ලා කරුණු දක්වා වැට් පනත මහජනතාව පිට පැටවෙන එක පිටපිටම වළක්වනවා වගේම එ්ක හදන ආණ්ඩු පක්ෂ අයගේ ව්‍යවස්ථාමය නීතිමය කරුණු පිළිබඳ නොදැනුවත්කම මුළු රටටම පෙන්නලා දෙනවා. ඔන්න නියම ජනතා නියෝජිතයන් කරන්න ඕනෑ වැඩ... (නි)